සමාජගත කල බොරුව

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,906
    3,246
    113
    අපිව වෙනස් කල
    සමාජගත කල බොරුව

    📌️පොල්තෙල් වල කොලෙස්ටරෝල්
    📌️එළකිරි සෙම
    📌️එළුකිරි ඌෂ්නයි
    📌️හරක් මස් පව්
    📌️ගම්කිකිලි බිත්තරේ පව්
    📌️තැඹිලි සෙම
    📌️පැපොල් එපා ඇපල් කමු
    📌️හිල්බත් ඊයා
    📌️දියබත් හාපෝ
    📌️කැඳ බිව්වාම නිදිමතයි
    📌️රම්පෙ වලින් පිලිකා හැදෙනවා
    📌️රා බිව්වම බඩ එනවා.
    📌️අමුඩෙ කැතයි
    📌️ඉඳගෙන.වැසිකිලි යන එක ගොඩේ
    📌️අඟහරුවාදා සිකුරාදා නාන්න එපා
    📌️එදාට මිනී වළලන්න එපා
    📌️පුංචි පවුල රත්තරං
    📌️සිංහල උළු කරදරයි
    📌️ඇස්බැස්ටස් මරු
    📌️දරලිපේ දුම් ගඳයි
    📌️ මැටි මුට්ටි අපිරිසිදුයි
    📌️දරපෝරණු කරදරයි
    📌️මැටිකලේ දියසෙවල
    📌️ක්ෂණික කෑම මරු
    📌️කඩල මුං ඇට ගොඩේ
    📌️අල බතල පොෂ් මදි
    📌️කාබනික පෝර හොඳ නෑ
    📌️සෝසේජස් හැම්බේකන් චීස් මරු
    📌️පොල්සම්බල පාන් ඊයා
    📌️හොට් ඩෝග් බන් මරු අනේ
    📌️පොල්රොටි ගොඩේ දුප්පත්
    📌️පීට්සා නගරේ පොහොසත්.

    මෙන්න මේ මානසිකත්වයට අපිව හැරෙව්වා වෙනස් කලා හසුරුවන්න පටන්ගත්තා
    එතැන් පටන් ජන ජීවිතය සෞඛ්‍ය වෙනස්වුනා
    අපි නොදැනුවත්වම ඇබ්බැහි වුනා
    එයයි ඇත්ත
    මෙය ආපසු හරවා දමන්නට ලෙහෙසි නැහැ.
    එහෙත් හැරවිය යුතුයි.
    Fb
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    📌️පොල්තෙල් වල කොලෙස්ටරෝල් : ඔව් පොල්තෙල් වල කොලෙස්ටරෝල් තියනවා. ශරීරයේ කොලස්ටරෝල් ප්‍රතිශතය වැඩි අයට වැඩිය පොල්තෙල් හොඳ නැහැ. සාමාන්‍ය අයට නම් ප්‍රශ්නයක් නැහැ අවශ්‍ය ප්‍රමාණයට කෑවට . සත්ව තෙල් සහ ශාක තෙල් අතර තියන නරක මේද ප්‍රමාණය ශාක තෙල්වල අවම මට්ටමක තියෙන්නේ.

    📌️එළකිරි සෙම : එළකිරි වලට බහුතරයක් දකුණු ආසියාතිකයෝ අසාත්මිකතාවයක් පෙන්නුම් කරයි. එම අසාත්මිකතාවය හේතුකොටගෙන සෙම ශ්‍රාවය වී අසනීප වෙයි. එකයි සෙම කියන්නේ.

    📌️ කැඳ බිව්වාම නිදිමතයි : කන්ජිපානි සෑදීමට යොදන අමුද්‍රව්‍ය මත එය තීරණය වේ.

    📌️ සිංහල උළු කරදරයි : ඔව් ඇත්තටම කරදරයි. නමුත් නිවාස සිසිල් කරයි. සිංහල උළු පාවිච් කරන ගෙවල් හැමදාම තෙමෙනවා. මාසෙන් මාසෙට නඩත්තු කරන්න ඕනේ.

    📌️ ️දරලිපේ දුම් ගඳයි : ඔව් ගඳ මෙන්ම ආහාර වල රසයද වෙනස් කරයි. බොහෝ විට ආහාර නීරස කරයි. එමෙන්ම යොදන දර වර්ගය අනුවද ආහාර වල රසය වෙනස් වේ. දර ලිපේ හදන තේක සහ ගෑස් හෝ Electric kettle එකේ හදන තේ අතර වෙනසක් අත. ගෑස් ලිපේ ආහාර පිසීම තුලින් කෑම වල නියම රස ලැබේ. ඒවගේම කුස්සියේ දුම කාන්තාවන්ට ස්වසන අබාධ ඇති කරයි. වයසට යාමත් සමග බොහෝ කාන්තාවන් ස්වසන අබාධ වලට ලක්වන්නේ ඔවුන් දිර්ගකලයක් දුමට නිරාවරණය වීම නිසාය. අම්මට ආදරේ නම් වයිෆ් ට ආදරේ නම් හොද උසස් තත්වයේ ආරක්‍ෂිත ගෑස් ලිපක් ගෙනවිත් දෙන්න
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    * අතේ ගැහුවම ක්ෂනික මෝචනය හැදෙන්න පුළුවන්
    📌 රට බේරගන්න පල් හොරෙක්ම ඕනේ
    📌 රනිල් කියන්නෙ මොලයක්
    📌 උද්ගෝෂණ, වැඩවර්ජන හැම එකක්ම කරන්නේ ජෙප්පෝ
    📌 88 89 මිනීමැරුවේ ජෙප්පෝ විතරයි