මුලු thread එකම කියෙවුවා...මේ සම්බන්ධයෙන් ස්මිත් අයියටත් අත්දැකීම් බහුලයි..
මුලින්ම ගමු මෙහෙම..මේකේ දෙපැත්තක් තියනවා සමහර භීතිකාවල් තියනවා ඒක අපි හිතන ක්‍රමේ වෙනස් කරාම හරියනවා.සමහර කල් පවතින ඒවා තියනවා තමන්ට පාලනය කරගන්න අමාරු .උදාහරණයක් විදියට එකපාරක් මට උනක් හැදිලා ගෙවල් ලග දොස්තර කෙනෙක් බෙහෙත් වැරදියට දුන්නා..ඒ කියන්නේ එකපාර panadol පෙති හතරක් බොන්න දීලා.වෙනස් විදියේ පෙති දෙකක් තිබුනා panadol පෙති දෙකත් එක්කම බොන්න.පස්සේ බැලින්නම් ඒකත් panadol .මට ඉතින් හතරක් එකපාර බීලා හොදටම අමාරු උනා.ඇග ගැහෙන්න පටන් ගත්තා..හොස්පිටල් අරන් ගියා.හොස්පිටල් එකෙන් ඇහුවා මේවා බොන්න කියපු දොස්තර කවුද කියලා.පස්සේ දවස් තුනෙන් වගේ ටිකට් කැපුවා.එදා ඉදලා මට ලෙඩ වෙන එක ගැන පුදුම බයක් එනවා.අර මුහුණ දීපු සිද්දිය නිසා.ඩොක්ට ලගට ගිහින් ප්‍රෙශර් බලන්න ගියාම ඔන්න බය එනවා.වෙන පරීක්ෂණයක් කරන්න ගියත් අමුතු බයක් එනවා.මේක හොදටම අමාරු තත්වයක්.ඒක මුහුණ දීපු කෙනා තමයි අමාරුව දන්නේ.ඒක නිසා අපිට මානසික භීතිකාවල් කියලා ජාතියක් නැ කියලා එකහෙලාම කියන්න අමාරුයි.යම් යම් පුද්ගලයන් මුහුණ දෙන සිද්දි අනුව ඒ ඒ පුද්ගලයන් හිතන විදිය අනුව ඒවා වෙනස් වෙනවා.සමහර ඒවා තියනවා තමන්ට හිතලා වෙනස් කරගන්න පුලුවන් ..සමහර ඒවා එහෙම අමාරුයි.හිත ශක්තිමත් අයට තමන්ටම හිතලා වෙනස් කරගන්න පුලුවන් ..එහෙම බැරි අයට ඩොකෙක් හම්බවෙලා බෙහෙත් ටිකක් ගත්තට වරදක් නැ ..නමුත් මේ කතාවත් අහන්න..
මට තියන අර ඉස්සරලා කිවුව ප්‍රශ්නෙට මම මහනුවර ඉන්න ප්‍රසිද්ධම මනෝ ඩොකෙක් ගාවට ගියා.තරුන ප්‍රසිද්ධ ඩොකෙක්.විස්තරේ කිවුවම නිකම් ඩොකත් බයයි වගේ.මිනිහටත් මානසික තත්වේ හොද නැ වගේ.මගේ කතාව අහලා පෙත්තක් දුන්නා මට ..ඒක දවස් දෙක තුනක් බොද්දී මානසික තත්වේ කෙසේ වෙතත් පයිය කෙලින් වෙන්නේත් නැතුව ගියා.ඒ කියන්නේ ස්නායු සම්බන්ධ බෙහෙතක් මොකක් හරි..ඔන්න ඕවගේ අතුරු ආබාද..ලොකු අවුලක් නැ දවස් දෙකක් බෙහෙත් නවත්තවුවම හරි යනවා.පස්සේ බොන්නේ නැතුව නිකම් හිටියා.මම සාමාන්‍ය බෙහෙත් ගන්න ඩොකා (මානසික ඩොකෙක් නෙමේ) මට දවසක් පෙති දෙකක් දුන්නා මනස relax වෙන්න කියලා.බිවුවා විතරයි ඇග හොදට සැහැල්ලු වෙලා.stress නැතුව ගිහිල්ලා මාරම සනීපයක් දැනුනා.බයත් නැතුව ගියා.ඉතින් ඔය වගේ කතන්දර තියනවා..මම කිවුවේ මට වෙච්ච සිද්දිය.ඉතින් බෙහෙත් ටිකක් ගත්තට වරදක් නැ.හොදට දන්න ඩොකෙක් ගාවට යන්න.ඔය මානසික ඩොක්ටලා කියලා ඉන්න ගොඩක් එවුන් අමු පිස්සු ඩයල්.එකෙක් ඉන්නවා මම දන්න නුවර රනිල් අබේසින්හ කියලා..පොර කාලයක් පිස්සොන්ට බෙහෙත් දීලම දැන් ඔහේ සිවිලිම දිහා බලන් ඉන්නවා.නුවර ඉන්න ප්‍රසිද්ධ ම කෙනෙක් එයත්.ගොඩක් මිනිස්සු යනවා එයා ලගට.භාවනා කරනවා කිවුවම පොර කියනවා භාවනා කරන්නේ පිස්සොලු.භාවනා කරන එකෙන් මනස relax වෙනවා කියන එක ලෝකෙම පිලිගන්නවා.ඔන්න ඩොකාලගේ තත්වේ.මම කියන්නේ හොදට හොයලා බලලා යන්න.හොද ඩොකෙක් ගාවට.මනසින්ම හදාගන්න පුලුවන්ද කියලා බලන්න.බැරිනම් බෙහෙත් ටිකක් ගන්න.බෙහෙතෙන් ඔක්කොම වෙනවා කියලා කියන්න අමාරුයි .හිතත් හදාගන්න.නිතර කතා කරන්න ..කා එක්ක හරි.නිකම් ඔහේ කල්පනා කර කර ඉන්න එපා.හොදට බලන්න මානසික රෝග තියනවා කියන ගොඩක් අය වැඩක්පලක් නැතුව ගෙවල්වල ඉන්න අය.නිතර කල්පනාවට බර අය.එහෙම වෙන්න එපා..


Colombo mekata hoda doctors kauda

මාත් පොඩි කාලේ ලජ්ජා කාරයා. බස් ස්ටෑන්ඩ් එකක් ස්ටේෂන් එකක ප්ලැට්ෆෝම් එක ඉස්සරහින් යන්න ගූ ලැජ්ජයි.ස්ටෑන්ඩ් එකේ එහා කොනේ ඉදලා මෙහා කොනට යන්න තියෙන ලැජ්ජාවට බස් අස්සේන් නෝට් වෙන්නේ නැති වෙන්න ගියේ. කෝච්චියට නැග්ගම සිට එකක් හොයාගෙන යන්න පට්ට නොන්ඩි.ෆුට්බෝඩ් එක අස්සට වෙලා හැංගිලා ඉන්නේ.පස්සේ a/l කාලේ වෙනකොට මේ ඔක්කොම නිකන්ම හැදුනා.![]()
Same here machan.ape gedarata kauru hari nadayo awothin mama ada yata ban.dan mathak weddith hina yanawa.
