සමාවෙයං අලි පැටියෝ..!
සමාවෙයං අලි පැටියෝ..!
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ඉදිකිරීම් කටයුතු සිදුකරන කොටසේ මාර්ගයක අනාරක්ෂිත කාණුවකට වැටි අලි පැටවෙකු හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් හා වරාය ඉදිකිරීම් කටයුතු වල නිරත සේවකයින්ගේ දැඩි පරිශ්‍රමයකින් පසුව බේරා ගැනීමට හැකි වි ඇත.
අද (29දා) අලුයම අලි රංචුව සමග යමින් සිටියදී අලි පැටවා කාණුවට වැටි ඇති ඇති අතර කාණුවේ වැටි සිටි තම පැටවා දමා යාමට ඇතින්නිය කට යුතු නොකළ අතර පැටවා කාණුවෙන් ගොඩට ගැනීම සඳහා අලි වෙඩි දමා ඇතින්නිය පලවා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර ඇත.
නමුත් විටින් විට පැටවා සොයා ඇතින්නිය එම ස්ථානයට පැමිණ ඇත .
පැය හතරක පමණ දැඩි මෙහෙයුමකින් පසුව අලි පැටවා ගොඩට ගැනීමට හැකිවුවත් පැටවාගේ පසුපස පාදයේ ඇතිව තිබු ආබාධිත තත්ත්වයක් නිසා පැටවා කැළයට මුදා හැරීම නොහැකි බවත් උඩවලව ඇත් අතුරු සෙවනට ගෙනගොස් ප්‍රතිකාර කළයුතු බවත් පශු වෛද්‍ය ඩබ්ලිව්.ඒ. ධර්මකිරිති මහතා පවස ඇත.
පැටවා කාණුවෙන් ගොඩට ගැනීම සඳහා අලි වෙඩි දමා ඇතින්නිය පලවා හැරීමට වනජීවී නිලධාරීන්ට කටයුතු කළ නමුත් විටින් විට සිය පැටවා සොයා මව් ඇතින්නිය එම ස්ථානය වෙත පැමිණීමට උත්සාහ කොට තිබේ.

සිරාවටම දුක හිතුන 