කව්රු කොහොම video කළත්, තනිකර අනුන් කියන දෙයක් නිසා ඡන්දෙ දීලා තමන්ගේ බුද්ධියට අපහාස කරගන්න එපා. ඕන කෙනෙක් ගේ වීඩියෝ බලන්න, rally වලට යන්න. විවෘත මනසකින් ඔක්කොම කිරල මැනලා ඡන්දෙ දෙන්න. තරහට ආදරෙට ඡන්දෙ දෙන්නත් එපා. මේ කෙනා ජනාධිපති උනොත් ලංකාවට හොඳක් වෙයිද කියලා හිතලා බලලා විතරක් ඡන්දෙ දෙන්න. තව එයාගෙන් පස්සෙ ආණ්ඩුවට එන්න ඉන්න අය ගැනත් හිතන්න. කට කතා, ඔප්පු කරපු නැති දේවල් වලට ඡන්දෙ බර දෙන්න එපා. ගොබෙල්ස් ල තවම ඉන්නවා.
තීරණයක් ගද්දී ඒක ගන්නේ ආවේගයෙන් ද, අනිත් අයත් කියන නිසාද, හැම පැත්තම සලකල බැලුවාද, තීරණේ බහුතරේකට හොඳ දෙයක් ද, තීරණේ ගද්දී සලකපු කරුණු ඇත්ත ඒවද, නැත්නම් කට කතා ද, ආදී එකී නොකී මෙකී හැම විදියටම හිතලා ගන්න.