සයිටම් ලොක්කාගේ පාපොච්චාරණය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    සයිටම් ලොක්කාගේ පාපොච්චාරණය


    නාටකයේ සියල්ල හෙළිවෙයි: :lol:



    තමාට ජීවිත තර්ජනයක් ඇති බවට හුවා දැක්වීමට අවශ්‍යතාවයක් ඇති වූ බවත් ඒ බව කඩුවෙල නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන තම මිතුරාට පැවසීමේ පසු වෙඩි ප්‍රහාරය තමන් ගමන් ගත් මෝටර් රථයට එල්ල කිරීමට සැලසුම් කළ බව කී සයිටම් ආයතනයේ විධායක නිලධාරී සමීර සේනානායක මහතා කොළඹ සංවිධානත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේදී පොලීසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

    කොළඹ පිටකොටුවේ මිහිඳු මාවතේ පිහිටි එම ‍පොලිස් කොට්ඨාශයට පෙරේදා (27) කැඳවූ ඒ මහතාගෙන් රාත්‍රිය වන තුරු ‍පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත. එම වෙඩි ප්‍රහාරය සැලසුම් සහගතව සිදු කෙරුණු රඟ දැක්වීමක් බව හෙළී වී ඇත්තේ එවිටය. වෙඩි තැබුවේ කවුද එය කෙසේ සිදුවූයේද යන්න සියල්ල දන්නේ මන්ත්‍රීවරයා බවද එහිදී සමීර සේනාරත්න මහතා සඳහන් කර ඇතැයි ‍පොලිස් තොරතුරුවලින් දැන ගන්නට තිබේ.

    මේ ප්‍රශ්නය මත සයිටම් ආයතනයේ කීර්ති නාමය මෙන්ම අනාගතය විනාශ වූ බව ඔහු ඉතා කණගාටුවෙන් පවසා ඇතැයිද එම ආරංචි මාර්ග අනාවරණය කළේය. ඒ සම්බන්ධයෙන් සැකපිට සමීර සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ‍පොලීසිය සූදානම් වූවත් නීති උපදෙස් ලැබි ඇත්තේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ ඔස්සේ සමීර සේනාර්තණ මහතා අත්අඩංගුවට ගැනීම යෝග්‍ය බවය. ඒ අනුව ඔහු රාත්‍රියේ මුදා හැර තිබේ.

    වෙඩි තැබිමේ නාට්‍යයේ අධ්‍යක්ෂවරයා යැයි හඳුනාගෙන සිටින නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයා සහ ඔහු ඔහුගේ සහය අධ්‍යක්ෂවරයා ලෙස හඳුනා ගෙන සිටින කොටිකාවත්ත මුල්‍ලේරියාව ප්‍රාදේශීය සභාවේ රියදුරා මේ වන විට සිටින්නේ සැඟවීය. ඔවුන් දෙදෙනාම පදිංචිව සිටින්නේ කඩුවෙල ප්‍රදේශයේය. මන්ත්‍රීවරයාගේ සහෝදරයෙක්ද කඩුවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක්ව සිට ඇති අතර ඔහුව 2001 වසරේදී පාතාලය විසින් ඝාතනය කර ඇති බවද සඳහන්ය.

    එම වෙඩි ප්‍රහාරය තමන් විසින් කළ බවට පිළිගන්නා ලෙස මත්කුඩු ළඟ තබා ගැනීමකට බන්ධනාගාරගතව සිටින සැකකරුවෙක්ටද මොවුන් යෝජනාකර තිබි ඇත. නාවික හමුදාවෙන් පලාවිත් සිටින සෙබළෙක් වන එම රැඳවියා ඒ සඳහා ‍පොළඹවා ගැනීමට ප්‍රාදේශීය සභාවේ රියැදුරා ඇතුලු කිහිප දෙනෙක් මහර බන්ධනාගාරයට අවස්ථා කිහිපයකදීම ගොස් ඇති බවද සඳහන්ය. එහිදී එක් අවස්ථාවක් හැරුණු කොට වෙන කිසිදු අවස්ථාවකදී ඔවුන්ගේ පැමිණීම ‍පොත්පත්වල පවා ලියැවී නැති බව ‍පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    අනතුරුව එම වෙඩි ප්‍රහාරය තමන් විසින් කළ බව පිළිගනිමින් ‍පොලීසියට හසුවන්නට යොදාගෙන ඇත්තේද මන්ත්‍රීවරයාගේ හිතවතෙක් වන ටීනා නැමැත්තාය. ඇඹිලිපිටියේ පදිංචිකරුවෙක් වන ඔහු වයස අවුරුදු 16 දී නිවසින් පැන විත් කඩුවෙල ප්‍රදේශයේ ගරාජයක සිටින්නෙක් බව ‍පොලීසිය කියයි. මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින ඔහුව කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ නිවසකදී රැයක් එළිවන තුරු එම වෙඩි තැබිම පිළිබඳව ‍පොලීසිය ප්‍රශ්න කරන විට පිළිතුරු දිය යුතු ආකාරය ගැන මන්ත්‍රීවරයා විසින් පුහුණුකර ඇති බවද අනාවරණය වී ඇත.

    ටීන නැමැති එම පුද්ගලයා කඩුවෙල ප්‍රදේශයේ රෙස්ටුරන්ට් එකක රැඳී සිටියදී සයිටම් ආයතනයේ විධායක අධ්‍යක්ෂකට වෙඩි තැබූ වූ පුද්ගලයා එහි සිටින බව ‍පොලීසියට දුරකථන ඇමතුම් කිහිපයක් ලැබි ඇති බවත් ඒ අනුව ‍පොලීසිය එහි ගොස් ඔහුගෙන් ප්‍රශ්න කරන විට සියල්ල පිළිගනිමින් වෙඩි තැබිමට යොදා ගත් ගිනි අවි දෙක පවා භාරදුන් බවත් උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ‍පොලීසිය ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී කිසිදු සැකයක් ඇති නොවන ආකාරයට ඔහු ඒ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දී ඇත.

    වෙඩි තැබූ ආකාරය පවා ඉතා පැහැදිලිවම සඳහන් කර ඇති අතර ඒ සියල්ල වෙඩි තැබිම සම්බන්ධයෙන් ‍පොලිස් විමර්ශනවලදී හෙලි වූ කාරණා සමග එකිනෙකට ගැලපීම හේතවෙන් කිසිදු සැකයක් ‍පොලීසියට ඇති වී නැති බවද ආරංචි මාර්ග අනාවරණය කළේය. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන සයිටම් ආයතනයේ විධායක නිලධාරියාට වෙඩි තැබිමේ අභිරහස විසඳූ බව මාධ්‍යයට පවා ‍පොලීසිය දැනුම් දීමට සූදානම් වූවත් අවසානයේ වැඩිදුර විමර්ශනයකදී සියල්ල හෙළි වී තිබෙන බව සඳහන්ය. ‍

    පොලිස් විමර්ශන සමග ගැටීමක් ඇති නොවන ආකාරයට ‍පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පිළීතුරු දෙන්නට ටීනා නැමැති සැකකරුට සියල්ල උගන්වා ඇත්තේ මන්ත්‍රීවරයා බවද අවසානයේ හෙළි වී තිබේ.
    එදා වෙඩි තැබිම සිදුවූ දින සයිටම් විධායක නිලධාරී සමීර සේනාරත්න මහතා මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් ඳ ඇති බවත් එදින දහවල් මන්ත්‍රීවරයා සයිටම් ආයතනයට ගොස් සමීර සේනාරත්න මහත හමුවී ඇති බවත් ‍පොලීසියට තොරතුරු ලැබි ඇත.


     
    • Like
    Reactions: Pissu_Matta

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ දැන් ප්‍රවෘත්ති වලදී මනුස්සය කීවනේ මේක බොරුවක් එහෙම ප්ලෑන් කරේ නෑ කියල. :oo:
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    හුකෑස්....වෙද්‍ය සබාව පිලිගත්ත කියලා මූ අමුතු කොල කැල්ලක්නෙ පෙන්වන්නෙ... ඒකෙ හයිලයිටුත් කරලා,....කවුරු හරි වෙද්‍ය සමීර කියලා ආමන්ත්‍රණය කරලා ලියලා එවපු ලියුමක් තමා මූ ඇතට පෙන්වන්නෙ ....මූත් එක්ක රුසියාවෙ ඉගෙන ගත්තු කෙනෙක් සේරම විස්තරේ කිව්වා,.,, අංක එකේ ගල් ආඳෙක්ලු.,,,කාටවත් අහුවෙන්නෙ නැතිවෙන්න හෙමිහිට ගේම දෙන්න නියමට දන්නවා කිව්වා.,,,,ඔයවෙඩි තිබ්බ සීන් එක මුලින්ම කිව්වගමන් පොර කිව්වෙ ඕක අනිවාර්යෙන්ම උගෙම වැඩක් කියලා
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    හුකෑස්....වෙද්‍ය සබාව පිලිගත්ත කියලා මූ අමුතු කොල කැල්ලක්නෙ පෙන්වන්නෙ... ඒකෙ හයිලයිටුත් කරලා,....කවුරු හරි වෙද්‍ය සමීර කියලා ආමන්ත්‍රණය කරලා ලියලා එවපු ලියුමක් තමා මූ ඇතට පෙන්වන්නෙ ....මූත් එක්ක රුසියාවෙ ඉගෙන ගත්තු කෙනෙක් සේරම විස්තරේ කිව්වා,.,, අංක එකේ ගල් ආඳෙක්ලු.,,,කාටවත් අහුවෙන්නෙ නැතිවෙන්න හෙමිහිට ගේම දෙන්න නියමට දන්නවා කිව්වා.,,,,ඔයවෙඩි තිබ්බ සීන් එක මුලින්ම කිව්වගමන් පොර කිව්වෙ ඕක අනිවාර්යෙන්ම උගෙම වැඩක් කියලා

    :oo::oo::oo:

    මේක බන් අතේ පත්තු වෙච්ච එකක් නේ //
    ගල් ආඳෙක් නෙවෙයි බන් රට හරකෙක් නඩුවෙනුත් දිනලා ඉන්නවෙලාවේ මෙහෙම වැඩක් කරලා හත් පොලේ ගාගත්ත ගොනෙක්
    :P:P:P
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    16939309_1335524439873957_8320720371893651191_n.jpg

    :rofl::rofl: