ඕනේම කෝවිඩ් එන්නතක අතුරු ආබාධ තියෙන්න පුලුවන්. pfizer එකට heart inflammation එන්න පුලුවන්. Astrazeneca, sputnik එකට blood clots එන්න පුලුවන්. sinopharm එකට තාම මුකුත් වාර්තා වෙලා නෑ. මට හිතෙන විදියට sinopharm එකේ අතුරු ආබාධ ගොඩක් අඩු වෙයි. මැරිච්ච වයිරස් විතරක් තියන නිසා.
sinopharm එකේ අතුරු අබාධ වලට වඩා තියන ප්‍රශ්නේ සාර්තකත්වය අඩු එක. නිකම් බලන්නකො ඕක ගහපු චීනේ හැර අනිත් රටවල් වල (UAE, Argentina) තත්වේ මොකද කියල.
pfizer, Astrazeneca, sputnik හම්බවෙනවා නම් ඒවා ගහගන්න එක තමයි හොඳ. අතුරු අබාධ තියෙන්නේ බොහොම සුලු ප්‍රමානේකට නිසා (0.000005%) එකට බයවෙන්න ඕනේ නෑ.. මොකක්වත් නැත්නම් sinopham එක ගන්න. ජනගහනයෙන් බහුතරයක් එන්නත් ඉක්මනටම ගන්න තරමට තමයි එන්නත්කරන එකේ ප්‍රතිපලයක් තියෙන්නේ. ලොකුවට වයිරස් mutate එක උනොත් ගහපු එක එන්නතකින්වත් වැඩක් නැතුව යනවා.
sinopharm එක ලෝක සෞක්ය සංවිදානෙන් අනුමත කරේ කරන්න දෙයක් නැති කමට කියලා මටනම් හිතෙන්නේ. උන්ගේ කොවැක්ස් program එකට අනිත් approve කරපු එවුන් එන්නත් දෙන පාටක් නෑ නේ.