මචන්ලා, දන්න කවුරුහරි කියනවාද චීන සයිනොෆාම් වැක්සීන් එක හොදද නරකද කියලා? ලන්කාවෙ නිව්ස් චැනල් හරි ලොකු ලොක්කො හරි කියන ඒවා අපිට විශ්වාස කරන්න්න අමාරුයි. ඇත්තද කියන්නේ මේ වැක්සීන් එක ගැන හරි අතුරු ආබාද ගැන හරි නිවැරදි රිපෝට් දීලා නෑ කියලා?. මේ වැක්සීන් එක ගහලා ආපු අතුරු ප්‍රතිඵල ගැන දන්නවාද කවුරුහරි. ඔයාලාට මේ වැක්සීන් එක දෙන්න ආවොත් ගහගන්නවාද?. මටනම් මේ වැක්සීන් එක ශුවර් නෑ.
1)සයිඩ් ඉෆෙක්ට් නැති වැක්සින් නැත. හදන්නත් බැරිය.
2) සයිනොෆෝම් දැනට who හදිසි අනුමැතිය ඇත. එබැවිනි පාවිච්චි කරාවි.
3) සයිනෝ ගැන මාගේ කුකුස වන්නේ මෙහි අතුරු ආබාද 70ක් ඇති බවට චින වෛද්‍යවරු පවසද්දි ඔවුන්ගේ කට වසා නිවුස් සැනෙකින් වෙනස් කිරිමට චින බලදාරින් කටයුුුතු කිරිම නිසාවෙනි.
4) ලංකාව චින එන්නට මෙතරම් ලැදි, චිනයේ ණය හා දැඩි දේශපාලන බලපැම නිසා බව සක්සුදක් සේ පැහැදිලිිය.
6) අනිත් හැමෝම ගැහුවා කියලා අපි ඒකම ගහන්න අවශ්‍ය ද ? නැත. රජයක් කලයුත්තේ හොදම දේ රටට ගෙන ඒමයි. නමුත් අපිට එයට වත්කමක් හෝ සැලැස්මක් නැත. කටට වැටෙන දේ ගිල දමමු.
7) පුලුවන්නම් බේරියල්ල. එයයි දැන් රජයේ සැලැස්ම
8) පරිස්සම් වෙයන්. මාස්ක් ආනයනයත් තහනම්