අද සිදු වූ සයිබර් ප්රහාරය ගැනත් කලින් ඉඟි ලැබී තිබුණු බවට තොරතුරු
ශ්රී ලංකාවේ කුවෙට් තානාපති කාර්යාලයේ සහ ඩොට් කොම් හා ඩොට් එල් කේ තවත් ශ්රී ලාංකික වෙබ් අඩවි කිහිපයකට සිදු වූ සයිබර් ප්රහාරය කවුරුන් විසින් සිදු කළේදැයි තහවුරු කර ගැනීමට තවදුරටත් විමර්ශන සිදු කෙරෙනවා. ප්රහාරයට ලක්වූ වෙබ් අඩවි යථාවත් කිරීමේ කටයුතු ද තවදුරටත් සිදු කෙරෙන බවයි ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය පවසන්නේ.
මේ අතර ශ්රී ලංකා පරිවර්තන සමූහය පවසන්නේ මෙම සයිබර් ප්රහාරය “ටැමිල් ඊලාම් සයිබර් ෆෝස්” නමැති කණ්ඩායමක් විසින් සිදු කළේ යැයි අනුමාන කරන බවයි. ශ්රී ලංකා හමුදාවන් යුද අපරාධ සිදු කළේ යැයි චෝදනා කිරීමේ අදහසින් මෙම සයිබර් ප්රහාරය සිදුකර ඇතැයිද ඔවුන් සැක පළ කරනවා. මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන ශ්රී ලංකා පරිවර්තන සමූහයේ සභාපති රජීවි යසිරු.
මෙවැනි ප්රහාරයක් ශ්රී ලංකාවේ වෙබ් අඩවිවලට එල්ල වනු ඇතැයි කල් ඇතිව ඉඟි ලැබී තිබුණු බවද මෙහිදී ප්රකාශ කෙරුණා.
ප්රහාරයට ලක් වූ වෙබ් අඩවි ගණන 10ක් පමණ බවද මෙහිදී ප්රකාශ කෙරුණා.
http://nethnews.lk/article/66526