ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන් කියද්දී,
කිලිනොච්චි කියල මැදවච්චි යනවා කියද්දී..
තොප්පිගල කියන්නේ ලොකූ කැලයක් කියද්දී...
ඔය හැමදේටම හුරේ දාපු කට්ටියක් හිටියා... ඒ පිරිසම අද යහ පාලනයක් ගැන කතා කරනවා... මේ අයට එදා මේ රටේ සිංහල කොල්ලෝ තමන්ගේ දිවි දෙවෙනි කරලා දෙමල ත්‍රස්තවාදීන්ට විරුද්ධව යුද්දේ කරන එක විහිළුවක් උනා නම්......, ඒක නම් ඔවුන්ගේ මානසික මට්ටම සහ බුද්ධි මට්ටම,
අද
"එක්කො සරත් ෆොන්සේකා නිවැරදියි . වසන්ත කරන්නාගොඩ බේගල් කාරයෙක්
නැත්තන් වසන්ත කියන්නේ ඇත්ත. ඒ වගේ කෙනෙක්ව ඉහළ තනතුරු වලට පත් කරපු මහින්ද රාජපක්ෂ පරයෙක්, ජඩයෙක් , අමන සක්කිලියෙක්"
කියල "තර්ක" කරන කෙනෙක්ට හරියන උත්තරය මට දෙන්න හැකියාවක් නෑ... මහින්ද රාජපක්ෂ ඔහුව උසස් කරන්න හේතුව විතරක් නෙමෙයි, තමන්ගේ හමුදාවට එරෙහිව තමන්ම අවි ඔසවපු මිනිහෙක්ව තවදුරටත් ලග තියා ගත්තේ ඇයි කියන දේ, ඔය කොත්තමල්ලි ටිකට චන්දෙ දීපු මානසික මට්ටමකට තේරුම් ගන්න බැරි බව අමුතුවෙන් කියන්න ඕනේ නෑ.. ඒ නිසා යාලුවා, තරහ වෙන්න එපා...![]()
නියම බයි තර්කය , උත්තර නැති වුනාම උඹලට ඕව තෙරෙන්නේ නෑ බන් , අරකය මේකය, හරුයට හම්බයෝ වගේ. උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් ඇහුවම උන් කියන්නේ ඔය වගේ ප්‍රශ්න අහන්න එපා . ඒවා ඇහුවොත් අපායට යනවා . බයි තර්කයට උත්තර නැති ප්‍රශ්නයක් ඇහුවම උත්තර නොදී ඕව උඹලට තේරෙන්නේ නෑ බන් කියල ශේප් වෙනවා/
හම්බයෝ නොදැක්ක දෙවියෙකුයි කුපාඩි නබියෙකුයි ඔළුවේ තියන් නැහෙනවා.
බයියියෝ කම්බ හොරෙකුයි වාචාල පනික්කියෙයුයි ඔළුවේ තියාගෙන නැහෙනවා.


ඔය පොත්වල තියෙන බොරු තේරුම් ගන්න බැරි හරකෙක්... සරත් ෆොන්සේකට බඩවැල් එලියට යන්න ගහපු කොටින්ට එයා තැනක් දෙයිද?


ඔය මොනවා කිව්වත් යුධ හමුදාව තමයි වැඩියෙන්ම යුද්දෙට කරගැහුවෙ. නේවි එකයි එයාර්ෆෝස් එකයි සෑහෙන උදව්වක් දුන්නා. හැමෝම එකතුවෙලා අන්තිමට යුද්දෙ දින්නා.
ඔතන තියෙන්නේ කරන්නාගොඩගේ පැත්තෙන් කතාව විතරනේ.........එයා තමන්ම ලියපු පොතේ කියයිද සරත් ෆොන්සේකා හොඳයි මම තමයි වැරදි කියල![]()


ජනාධිපති තුමාට ක්‍රෙඩිට් එක යනවා කියලා දැක්ක ගමන් ඔයාට පොඩි මෙව්ව එකක් ආවා , එකනේ දැන් කරන්නාගොඩ මහත්තයටත් අනින්නේ. අනේ බන් උඹලා වගේ
කරන්නාගොඩට අනින්න උවමනාවක් නෑ නමුත් කතාවක් එක පැත්තකින් විතරක් අහල තීරණයක් ගන්නේ මෝඩ බයියෝ විතරනේ මෙයා 
ඔයා සති ගානකට පස්සෙද මෙයා දූවගෙන ආවේකරන්නාගොඩට අනින්න උවමනාවක් නෑ නමුත් කතාවක් එක පැත්තකින් විතරක් අහල තීරණයක් ගන්නේ මෝඩ බයියෝ විතරනේ මෙයා
![]()


කේ.පී ගැන කියල තියෙන දේ නොතේරුන කියල තේරුණා....![]()
දුවන් එන්න දෙයක් නෑ , කථාවේ එක පැත්තක් වැරදිනන් නිවැරදි කරන්න ඕනා ෆෝන්සේකා මහත්තයා නැතුව මුකුත් නොදන්න උඹ නෙමේ![]()


කතාවේ දෙපැත්තම දන්නේ නැත්තන් අවසන් නිගමන වලට එන්නේ නැතුව ඉන්න ඕනේ
මුකුත් නොදන්න උඹල වගේ පාලු ගෙයි වලන් බිඳින්නේ නැතුව![]()
ඔව් යකෝ කැ ගැහුව තමයි. බයි තර්කය වුනේ කේ පි ලට එලියේ ඉන්න පුළුවන්. විරුද්ධව ඉල්ලපු නිසා සරත් ෆොන්සේකා මහත්තයා ඇතුලේ ඉන්න ඕනේ . උඹ සිංහලයෙක්ද බං පොඩ්ඩක් හිතලා බලපන්. අපේ රණවිරුවෝ මරන්න උණ්ඩ ගන්න , දකුණේ බස් වල පුපුරවන්න බෝම්බ ගන්න සල්ලි හොයලා දීපු කේපි ට පුළුවන් නම් හමුදාව අරක්ෂාවට තියාගෙන කේපි සිංදු කියන කොට හමුදාව අප්පුඩි ගහන්න තරමට සැප ගන්න.
අඩුමේ තරමේ සරත් ෆොන්සේකා මහත්තයට එලියේ ඉන්න අවස්ථාවක් නැද කියලයි කැගැහුවේ.
මහින්දට විරුද්ධව ඉල්ලුවයි කියලා හයිකෝප් නඩුවක් දාලා ඇතුලේ දාන්න පුළුවන්
දෙනෝ දාහක් මරපු කේපිට රජ සැප දෙනකොට.
එතනින්ම පේනවනෙ මහින්ද කියන්නේ මන්ද මානසික පොරක් කියලා. විරුද්ධ වුණු ගමන් හිරේ දානවා.
තව එකක් දැන ගනින් බයිඔ. බැරිවේලාවත් මහින්ද මේපාරත් දිනලා තිබ්බා නම් මෛත්‍රී අද පණ පිටින් නෑ. ඒතරම් මන්ද මානසික සක්කිලි ,ජඩ පරයෙක් මහින්ද කියන්නේ



බෙදා වෙන් කළ ශ්‍රී ලංකාව යන්න ඇමරිකාව ප්‍රධාන බටහිර විජාතික කඳවුරේ දීර්ඝ කාලීන අපේක්‍ෂාවය. ඔවුන්ගේ ජාත්‍යන්තර දේශපාලනික ඉලක්‌කයන් ඒ පසුපස ඇත. අවසන් සටනේදී මේ රට විශාලා නුවරක් කළ මිනීමරු ප්‍රභාකරන් මරණය අබියස සිටියදී ඔහු බේරා ගන්නට මෙකී විදෙස් බලවේග අපට බලපෑම් කරනු ලැබුවේද එනිසාම විය.
එහෙත් එදා ඒ සියල්ල පරාජය වූවේය. ඒ හමුවේ මඳ පසුබෑමක සිටියද මෙදා රට තුළ මතුවූ යහපාලනය සමඟ දැන් එකී සියලු විජාතික බලවේග යළිත් සක්‍රීය වී තිබෙන බව පැහැදිලිය. එය සනාථ කරන එක් සාධකයක් වන්නේ අද වැලිකඩ සිද්ධිය ගෙන රට බේරා ගත් රණවිරුවන් මනීමරුවන් කරන්නට වෙහෙසෙන එන්ජීඕ අප්පුලාගේ සහ සිංහල කොටින්ගේ කෙරුවාවය.
* මොවුන් තමයි ඒ දිනවල කොළඹ ඇතුළු දකුණේ ඇතැම් ප්‍රදේශවල බස් රථ තුළ බෝම්බ පුපුරුවා හැර තිබුණේ. විදුලි ට්‍රාන්ස්‌ෙµdaමර්වලට බෝම්බ තබා පුපුරුවා හැර තිබුණෙත් මොවුන්මයි. මේවා පොලිසියට කොටු වූ සිංහල කොටි කණ්‌ඩායම විසින්ම හෙළි කරපු කාරණා...
අද එන්ජීඕ අප්පුලා සමඟ එක්‌ව වැලිකඩ බන්ධනාගාරයේදී රණවිරුවන් මිනී මැරුවේ යෑයි කියන සිංහල කොටින්ගේ සැබෑ පැටිකිරිය මේ මොහොතේ දිගහැරෙමින් තිබෙන්නේ එසේය. මෙහිදී මොකා නැතත් වැලිකඩ සිද්ධිය හමුවේ "මමත් ඇතුළේ හිටියා" කියමින් රණවිරුවන්ට එරෙහි ප්‍රධාන සාක්‍ෂිකරුවා ලෙස පෙනී සිටින සුදේශ් නන්දිමාල් ද සිල්වා යනු පැහැදිලිවම රට වැනසූ කොටි ත්‍රස්‌තවාදියකු බව කියන්නට අපට හැකියාව ඇත.
මොකද්ද දැන් ආපු නිගමනේ? උඹනේ වළං පොලේ ගහන්න ගත්තේ මමයැ


ඉතින් මම කිව්වේ එහෙම නිගමන වලට එන එක වැරදියි කියලනේ
උඹනේ අනේ කරන්නාගොඩට අනිනවෝ කියල අඬාගෙන ආවේ![]()
නාවික හමුදාවට මඩ ගහන්න දෙන්න බෑ
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ
![]()
ප්‍රශ්නය - ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ, ගෝඨා බේස් නමින් කඳවුරක් තිබුණා යෑයි මේ දිනවල ප්‍රචාරයක් යනවා. මොකක්‌ද මේ කඳවුර?
පිළිතුර - එහෙම කඳවුරක් තිබුණේ නෑ. මම දන්න විදියට නම් දැන්වත් එහෙම එකක් නෑ. මම නාවික හමුදාවේ සිටි කාලය පුරාම එවැනි දෙයක් තිබුණේ නැහැ. මම හිතන්නේ, නාවික හමුදාවට මඩ ගැසීම සඳහා කවුරුන් හෝ ප්‍රචාරය කරන බොරුවක් මේක. ඒක නිසයි මම තීරණය කළේ ඔබ සාකච්ඡාවක් ඉල්ලුවාම ලබා දෙන්න. නාවික හමුදාව විසින් එල්.ටී. ටී. ඊ. ය පරාජය කිරීමේදී සුවිශේෂී වැඩකොටසක් කළා. කිලෝ මීටර් දහස් ගණන් ඈතට ගිහිල්ලා එල්.ටී.ටී.ඊ. නැව් අටක් විනාශ කළා. ඒ රාජකාරිය, අපේ හැකියාවන් ඉක්‌මවා ගිsහිල්ලා කරපු දෙයක්. එහෙම විශිෂ්ට සේවයක් කරපු නාවික හමුදාවට අපකීර්තියක් වෙන එක මට බලන් ඉන්න බැහැ. ඒ නිසයි මම තීරණය කළේ මේ ගැන යම් පැහැදිලිs කිරීමක් කරන්නට.
ප්‍රශ්නය - නේවි සම්පත් නම් චරිතයක් විසින් කරන හෙළිදරව් කිරීම ඔස්‌සේයි, නාවික හමුදාවට අද චෝදනා එල්ල වී තිබෙන්නේ. ඔබ නාවික හමුදාපති ලෙස කටයුතු කරන ගමන් ඔබගේ ආරක්‍ෂක අංශයේ සිටි ඔහු ලවා කප්පම් ගැනීම්, පැහැර ගැනීම් සිදුකර තිබෙන බවටත් චෝදනා එල්ල වී තිබෙනවා.
පිළිතුර - මමත් ඒ බව මාධ්‍යවලින් දැක්‌කා. නාවික හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳව මම ඉතා විමසිල්ලෙන් කටයුතු කළා. එතැනදී මට දැනගන්නට ලැබුණා මගේ ආරක්‍ෂක නිලධාරියෙක් වන සම්පත් මුණසිංහ, ළමයි පස් දෙනෙක් අත්අඩංගුවට අරගෙන කප්පම් ලබා ගත්තා යෑයි කියා. එවිට මා විසින් පරීක්‍ෂණයක් පැවැත්වීමට කටයුතු කළා. ඒ පරීක්‍ෂණය සිදුකරගෙන යනවිට ඒ නිලධාරියා නාවික හමුදාවෙන් පැනලා ගියා. ඒ නිසා අප ඔහු අත්අඩංගුවට ගන්න කටයුතු කළා. ඒ පිළිබඳව මම පොලිස්‌පතිවරයා, සී.අයි.ඩී. එක, නාවික හමුදාවේ නීති අංශය මගින් දැනුවත් කළා. පසුව ඔහුව සී.අයි.ඩී. යට භාර දුන්නා.
ප්‍රශ්නය - ඒ කියන්නේ, මේ පිළිබඳව මුලින්ම පැමිණිල්ලක් කළේ ඔබද?
පිළිතුර - මම තමයි මුලින්ම මේ ගැන පැමිණිල්ලක් කළේ. ඔහුව අල්ලන්නත් මම කටයුතු කළා. නමුත් නාවික හමුදාවට ඔහුව අල්ලගන්න බැරිවුණා.
ප්‍රශ්නය - හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ගාව නේවි සම්පත් ඒ කාලයේ සැඟවී සිටි බවටත් ආරංචියක් පැතිරුණා.
පිළිතුර - ඔව්. ඔහු ගිහිල්ලා හිටියේ සරත් ෆොන්සේකා මහතා ගාව තමයි. අන්තිමේදී සරත් ෆොන්සේකා මහත්මයාට සිද්ධ වුණා ඔහුව සී.අයි.ඩී. යට රපෝර්තු කරවන්න. අප විසින් පොලිස්‌පතිතුමා හා සී.අයි.ඩී. ය දැනුවත් කිරීම මත සරත් ෆොන්සේකා මහතාට සිද්ධ වුණා, ඔහුව සී.අයි.ඩී. යට භාරදෙන්න.
ප්‍රශ්නය - නේවි සම්පත් විසින් කරන හෙළිදරව්වක් යෑයි කියමින් නාවික නිලධාරීන් වෙත චෝදනා එල්ල වීම පිටුපස සරත් ෆොන්සේකා මහතා සිටිනවා යෑයි ඔබ හිතනවාද?
පිළිතුර - ඔව්... සරත් ෆොන්සේකා මහතා හා මා අතර තද මත ගැටුමක් තිබ්බා යෑයි කියන එක රහසක් නොවෙයි. මා විසින් ලියන ලද අධිෂ්ඨානය පොතෙත් මම ඒ ගැන කියා තිබෙනවා. මටත් එහෙම හිතෙනවා. 2009 දී මම මේ ගැන වාර්තා කළාට පස්‌සේ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අවුරුදු දෙකක් තිස්‌සේ පරීක්‍ෂණ කරලා 2011 දී අධිකරණයට වාර්තා කරලා තියෙනවා. පැහැරගැනීම් සම්බන්ධව සම්පත් මුණසිංහ කියන පුද්ගලයා වරදකරු බවට සාක්‍ෂි තිබෙන බවට. එහෙම තිබියදී මේ චෝදනා වෙන කෙනකුට, ඒ කියන්නේ කැප්ටන් ඩී. පී. කේ. දසනායක වෙත පවරා දෙන්න හදන්නේ ඇයි කියලා මටත් තේරුම් ගන්න බැහැ.
කැප්ටන් දහනායක ඒ කාලයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය අධ්‍යක්‍ෂක නාවික මෙහෙයුම් හැටියටයි. කොටින්ම නාවික හමුදාව තුළ මෙවැනි දේවල් සඳහා කිසිම ඉඩක් දීලා තිබුණේ නැහැ. මෙවැන්නක් වූ පළමු අවස්‌ථාවේදීම අපි ඒ ගැන නීති ප්‍රකාරව වාර්තා කළා. ඒ නිසයි මම මෙහෙම සාකච්ඡාවක් ඔබ ඉල්ලුවාම ලබා දෙන්නෙත්, මොකද නාවික හමුදාව සතුව තියෙන කීර්තිනාමය කැළැල් කරන්න කිසිවෙකුට ඉඩ දෙන්න බැහැ.
ප්‍රශ්නය - මේ ගැන පරීක්‍ෂණයක් කරනවාට ඔබ අකමැතිද?
පිළිතුර-ඔව්... අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් තියෙනවාට මම කැමතියි. රටට මෙච්චර විශාල සේවයක් කරපු නාවික හමුදාවට මෙහෙම දෙයක් වෙන්න දෙන්න හොඳ නැහැ.
සමන් ගමගේ
නාවික හමුදාවට මඩ ගහන්න දෙන්න බෑ
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ
![]()
ප්‍රශ්නය - ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ, ගෝඨා බේස් නමින් කඳවුරක් තිබුණා යෑයි මේ දිනවල ප්‍රචාරයක් යනවා. මොකක්‌ද මේ කඳවුර?
පිළිතුර - එහෙම කඳවුරක් තිබුණේ නෑ. මම දන්න විදියට නම් දැන්වත් එහෙම එකක් නෑ. මම නාවික හමුදාවේ සිටි කාලය පුරාම එවැනි දෙයක් තිබුණේ නැහැ. මම හිතන්නේ, නාවික හමුදාවට මඩ ගැසීම සඳහා කවුරුන් හෝ ප්‍රචාරය කරන බොරුවක් මේක. ඒක නිසයි මම තීරණය කළේ ඔබ සාකච්ඡාවක් ඉල්ලුවාම ලබා දෙන්න. නාවික හමුදාව විසින් එල්.ටී. ටී. ඊ. ය පරාජය කිරීමේදී සුවිශේෂී වැඩකොටසක් කළා. කිලෝ මීටර් දහස් ගණන් ඈතට ගිහිල්ලා එල්.ටී.ටී.ඊ. නැව් අටක් විනාශ කළා. ඒ රාජකාරිය, අපේ හැකියාවන් ඉක්‌මවා ගිsහිල්ලා කරපු දෙයක්. එහෙම විශිෂ්ට සේවයක් කරපු නාවික හමුදාවට අපකීර්තියක් වෙන එක මට බලන් ඉන්න බැහැ. ඒ නිසයි මම තීරණය කළේ මේ ගැන යම් පැහැදිලිs කිරීමක් කරන්නට.
ප්‍රශ්නය - නේවි සම්පත් නම් චරිතයක් විසින් කරන හෙළිදරව් කිරීම ඔස්‌සේයි, නාවික හමුදාවට අද චෝදනා එල්ල වී තිබෙන්නේ. ඔබ නාවික හමුදාපති ලෙස කටයුතු කරන ගමන් ඔබගේ ආරක්‍ෂක අංශයේ සිටි ඔහු ලවා කප්පම් ගැනීම්, පැහැර ගැනීම් සිදුකර තිබෙන බවටත් චෝදනා එල්ල වී තිබෙනවා.
පිළිතුර - මමත් ඒ බව මාධ්‍යවලින් දැක්‌කා. නාවික හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳව මම ඉතා විමසිල්ලෙන් කටයුතු කළා. එතැනදී මට දැනගන්නට ලැබුණා මගේ ආරක්‍ෂක නිලධාරියෙක් වන සම්පත් මුණසිංහ, ළමයි පස් දෙනෙක් අත්අඩංගුවට අරගෙන කප්පම් ලබා ගත්තා යෑයි කියා. එවිට මා විසින් පරීක්‍ෂණයක් පැවැත්වීමට කටයුතු කළා. ඒ පරීක්‍ෂණය සිදුකරගෙන යනවිට ඒ නිලධාරියා නාවික හමුදාවෙන් පැනලා ගියා. ඒ නිසා අප ඔහු අත්අඩංගුවට ගන්න කටයුතු කළා. ඒ පිළිබඳව මම පොලිස්‌පතිවරයා, සී.අයි.ඩී. එක, නාවික හමුදාවේ නීති අංශය මගින් දැනුවත් කළා. පසුව ඔහුව සී.අයි.ඩී. යට භාර දුන්නා.
ප්‍රශ්නය - ඒ කියන්නේ, මේ පිළිබඳව මුලින්ම පැමිණිල්ලක් කළේ ඔබද?
පිළිතුර - මම තමයි මුලින්ම මේ ගැන පැමිණිල්ලක් කළේ. ඔහුව අල්ලන්නත් මම කටයුතු කළා. නමුත් නාවික හමුදාවට ඔහුව අල්ලගන්න බැරිවුණා.
ප්‍රශ්නය - හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ගාව නේවි සම්පත් ඒ කාලයේ සැඟවී සිටි බවටත් ආරංචියක් පැතිරුණා.
පිළිතුර - ඔව්. ඔහු ගිහිල්ලා හිටියේ සරත් ෆොන්සේකා මහතා ගාව තමයි. අන්තිමේදී සරත් ෆොන්සේකා මහත්මයාට සිද්ධ වුණා ඔහුව සී.අයි.ඩී. යට රපෝර්තු කරවන්න. අප විසින් පොලිස්‌පතිතුමා හා සී.අයි.ඩී. ය දැනුවත් කිරීම මත සරත් ෆොන්සේකා මහතාට සිද්ධ වුණා, ඔහුව සී.අයි.ඩී. යට භාරදෙන්න.
ප්‍රශ්නය - නේවි සම්පත් විසින් කරන හෙළිදරව්වක් යෑයි කියමින් නාවික නිලධාරීන් වෙත චෝදනා එල්ල වීම පිටුපස සරත් ෆොන්සේකා මහතා සිටිනවා යෑයි ඔබ හිතනවාද?
පිළිතුර - ඔව්... සරත් ෆොන්සේකා මහතා හා මා අතර තද මත ගැටුමක් තිබ්බා යෑයි කියන එක රහසක් නොවෙයි. මා විසින් ලියන ලද අධිෂ්ඨානය පොතෙත් මම ඒ ගැන කියා තිබෙනවා. මටත් එහෙම හිතෙනවා. 2009 දී මම මේ ගැන වාර්තා කළාට පස්‌සේ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අවුරුදු දෙකක් තිස්‌සේ පරීක්‍ෂණ කරලා 2011 දී අධිකරණයට වාර්තා කරලා තියෙනවා. පැහැරගැනීම් සම්බන්ධව සම්පත් මුණසිංහ කියන පුද්ගලයා වරදකරු බවට සාක්‍ෂි තිබෙන බවට. එහෙම තිබියදී මේ චෝදනා වෙන කෙනකුට, ඒ කියන්නේ කැප්ටන් ඩී. පී. කේ. දසනායක වෙත පවරා දෙන්න හදන්නේ ඇයි කියලා මටත් තේරුම් ගන්න බැහැ.
කැප්ටන් දහනායක ඒ කාලයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය අධ්‍යක්‍ෂක නාවික මෙහෙයුම් හැටියටයි. කොටින්ම නාවික හමුදාව තුළ මෙවැනි දේවල් සඳහා කිසිම ඉඩක් දීලා තිබුණේ නැහැ. මෙවැන්නක් වූ පළමු අවස්‌ථාවේදීම අපි ඒ ගැන නීති ප්‍රකාරව වාර්තා කළා. ඒ නිසයි මම මෙහෙම සාකච්ඡාවක් ඔබ ඉල්ලුවාම ලබා දෙන්නෙත්, මොකද නාවික හමුදාව සතුව තියෙන කීර්තිනාමය කැළැල් කරන්න කිසිවෙකුට ඉඩ දෙන්න බැහැ.
ප්‍රශ්නය - මේ ගැන පරීක්‍ෂණයක් කරනවාට ඔබ අකමැතිද?
පිළිතුර-ඔව්... අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් තියෙනවාට මම කැමතියි. රටට මෙච්චර විශාල සේවයක් කරපු නාවික හමුදාවට මෙහෙම දෙයක් වෙන්න දෙන්න හොඳ නැහැ.
සමන් ගමගේ

ආයෙත් ඒකපාර්ශවික අන්දොනාව![]()
සමහරක් රෙදි නැතුව රට බේරා ගත් රණවිරුවන් වෙනුවෙන් කඩේ යද්දී සම හරක් රෙදි ඇදගෙන රට පාවා දුන් UNP නඩය වෙනුවෙන් කඩේ යති....
පාවාදීමට මොහොතකට පෙර...!
![]()
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ රහස් පොලිසිය හෙවත් සීඅයිඩීය අතීත "මිලේනියම් සිටි" මහා පාවා දීමේ දෙවැන්න අරඹා තිබෙන බව ඉකුත් සතියේ අප වගකීමෙන් යුතුව රටට අනාවරණය කළෙමු. ඒ එදා රණවිරුවන් මෙදා මිනීමරුවන් යෑයි කියමින් සීඅයිඩීය නැටීමට සැරසෙන අමන නාඩගමක් පිළිබඳ ඉතා කෙටි සටහනක් තබමිනි.
මේ හමුවේ දැන් සීඅයිඩීය නටමින් සිටින නාඩගම දෙස බලා සියල්ලට පෙර වත්මන් යහපාලන ආණ්‌ඩුවෙන් මුලින්ම අසන්නට අපට එක් ප්‍රශ්නයක් තිබේ. ඒ ඉකුත් යුද සමයේ නාවික හමුදා නිලධාරින් පිරිසක් දෙමළ ජාතිකයන් එකොළොස් දෙනකු පැහැරගෙන ගොස් කප්පම් ලබාගෙන ඝාතනය කළා යෑයි කියමින් සීඅයිඩීය කරනු ලබන මෙකී පරීක්‍ෂණය තුළ ඇත්තේ යහපාලනය ජාත්‍යන්තරයට පොරොන්දු වූ ඉහත කී අභයන්තර විමර්ශනයද යන්නය.
අපට ආණ්‌ඩුවෙන් එසේ විමසන්නට තවත් හේතුවක්‌ද ඇත. ඒ සීඅයිඩීය නාවික හමුදාව මිනි මරුවේ යෑයි කියද්දී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ "ගෝඨාස් බේ" නමින් කඳවුරක් තිබූ බවට දෙමළ ජාතික සන්ධානයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කෑගසද්දී නෝර්වේ සිටි එරික් සොල්හයිම් වහාම පරික්‍ෂණයක් ඉල්ලාපන් යෑයි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ට ට්‌විටර් පණිවිඩයක් එවීමය.
![]()
ඒ සිදුවීම් අනුව මේ සිදු වන්නේ ආන්ඩුවේ අභ්‍යන්තර විමර්ශනය නම් පූර්ව අපර සන්ධි ගැලපීමද අපූරුය. එදා 2002 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනපතිව සිටියදී අගමැතිවරයා වූයේ රනිල් වික්‍රමසිංහ මහතාය. එහිදී සිදුවූ "මිලේනියම් සිටි" මහා පාවා දීම තුළින් අපේ බුද්ධි නිලධාරින් විසිපස් දෙනකු පමණ සතුරාට ගොදුරු වෙද්දී සක්‍රීයව තිබූ තුට්‌ටු දෙකේ දේශපාලනය විසින් වනසා දැමුවේ මේ පිංබිමය.
මෙදා ජනාධිපතිවරයාව සිටිනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. එක්‌සත් ජාතික පක්‍ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා 2004 වසරේ වසරේ සිට ලද වාර්තාගත පාරාජයන් මාලාවකින් පසු සුපුරුදු ලෙස දැන් යළිත් අගමැතිවරයාව සිටින්නේය. දේශපාලනය එසේ වෙද්දී දැන් එදා වූ දෙයම නැවතත් සිදු වන්නට යන වගක් පෙනෙන්නට ඇත. මෙකී දෙවන පාවා දීමත් එසේම සිදුවුවහොත් මේ බිමේ අනාගත ඉරණම කුමක් විය හැකිද?
වත්මන් ආණ්‌ඩුවෙන් එසේ ප්‍රශ්න කරන අතරේ නාවික හමුදා රණවිරුවන් පිරිසක් දංගෙඩිය වෙත රැගෙන යැමේ සීඅයිඩී ක්‍රියාවලියට අදාළ සැබෑ කථාව ඉකුත් සතියේ නතර කළ තැනින් දැන් අපි යළිත් ආරම්භ කරන්නෙමු.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ "බඩියා" හෙවත් සමීප නිලධාරියා වූ ලුතිනන් කමාණ්‌ඩර් සම්පත් මුණසිංහ නොහොත් නේවි සම්පත් කොටහේන ප්‍රදේශයේ සිටි මොහොමඩ් අලි අන්වර් හාජියාර් සිය ඔත්තුකරුවකු බවට පත් කරගනිමින් කටයුතු කරගෙන යන අතරවාරයේ දිනක් සම්පත් වෙත පැමිණි හාජියාර් අලි එක් සුවිශේෂී තොරතුරක් ලබා දෙන්නට විය.
"සර්.. කොළඹ ඉන්නවා එල්ටිටීඊයේ ක්‍රෙඩිට් කාර්ඩ් ගේම් එකට සම්බන්ධ පස් දෙනෙක්.. උන්ව ගත්තොත් කොටි සංවිධානයේ හුඟක් තොරතුරු දැන ගන්න පුළුවන් වෙයි.." හාජියාර් අලි නේවි සම්පත්ට ලබා දුන් විශේෂ තොරතුර එය විය. "හරි උන්ව ගමු. උඹ රෙකී කරපන්.." හාජියාර් අලිගේ ඒ තොරතුරත් සමඟ නේවි සම්පත්ගෙන් ඔහුට අණ ලැබිණි. ඒ අනුව ඉන් ටික දිනකට පසුව ඉකුත් 2009 වසරේ දිනක මෙකී එල්ටීටීයට සම්බන්ධ කණ්‌ඩායම සුදු වෑන් රථයකින් පැහැර ගැනීමට හාජියාර් අලිගේද සහාය ඇතිව නේවි සම්පත්ට හැකි විය.
මෙම පැහැරගැනීම සිදු කළේ නේවි සම්පත් විසින් බව අද දවසේ පැහැදිලිවම අනාවරණය වී තිබෙන්නකි. මන්ද ඉකුත් 2011 වසරේ මාර්තු තිස් වැනි දින සීඅයිඩියේ විශේෂ ඒකකයේ ස්‌ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතා විසින් මෙම සිද්ධියට අදාළව කොළඹ කොටුව මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇති වැඩි දුර වාර්තාවේ ඒ බව නිශ්චිතව සටහන් කර තිබෙන බැවිනි.
නේවි සම්පත් විසින් හාජියාර් අලිගේද සහාය ඇතිව එසේ පැහැරගනු ලැබූ තරුණයන් පිරිස අවසානයට ගෙන එනු ලැබුවේ කොළඹ චෛත්‍ය පාරේ පිහිටි නාවික හමුදා මූලස්‌ථානයේ වූ නේවි සම්පත්ගේ නිල කාමරය තිබූ තැන වු ගොඩනැගිල්ලක් වෙතය.
"ඔව්. ඒ දවස්‌වල නේවි සම්පත් නාවික හමුදාපතිවරයාගේ සමීප නිලධාරියා නිසා ඔහු කරන දේවල් පිළිබඳ කිසිවෙක් සොයා බැලුවේ නැහැ. නේවි සම්පත් ලුතිනන් කමාන්ඩර් කෙනෙක් වුණත් ඔහුට වඩා උසස් නිලධාරින් පවා ඔහුගේ වැඩවලට ඇඟිලි ගහන්න ගියේ නැහැ. අපි දැනගෙන හිටියා ඔහු ත්‍රස්‌තවාදීන්ට සම්බන්ධ පුද්ගලයන් පැහැරගෙන ඇවිත් සඟවාගෙන සිටිනවා කියලා.. ඒත් හැමෝම හිතාගෙන හිටියේ හැම දෙයක්‌ම වෙන්නේ ඉහළ දැනුවත්ව කියලා.. ඒ නිසා කවුරුත් කිසි දෙයක් හොයන්න ගියේ නැහැ.." ඉකුත් දා එක්‌තරා නාවික හමුදා නිලධාරියෙක් නේවි සම්පත්ගේ එකල වැඩපිළිවෙළ අපට පහදා දුන්නේ එසේය. නමුත් මෙසේ නාවික හමුදාව තුළ ප්‍රබල චරිතයක් වී සිටියද ඒ වන විට නේවි සම්පත් යනු රට වෙනුවෙන් නොව බඩ වෙනුවෙන් වැඩ කරන පුද්ගලයකු බවට පත්ව සිටි වගක් එකල නාවික හමුදාපතිවරයා පවා නොදැන සිටියේය.
මෙසේ තරුණයන් පස් දෙනා පැහැරගෙන ඒමෙන් පසු නේවි සම්පත් තමන්ට සුපුරුදු ක්‍රියාදාමය ආරම්භ කරනු ලැබිණි. ඒ තරුණයන් පැහැරගැනීමට සම්බන්ධ වූ හාජියාර් අලි ලවාම තරුණයන්ගේ ඥතීන්ට පණිවිඩ යවමින් එම තරුණයන් මුදා හැරීම සඳහා විශාල මුදලක් ඉල්ලා සිටීමෙනි. නමුත් මෙහිදී නේවි සම්පත් බලාපොරොත්තු වූ අයුරින් මුදල් ලබා ගැනීමට ඔහුට නොහැකි විය. ඒ, පැහැරගත් තරුණයන්ගේ ඥතීන්ට තරුණයන් බේරා ගැනීම සඳහා සම්පත් ඉල්ලන අයුරින් රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දීමට හැකියාවක් නොතිබූ බැවිනි.
නේවි සම්පත් මෙසේ පැහැරගත් තරුණයන්ගේ ඥතීන්ගෙන් කෝටි ගණනින් මුදල් ලබා ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වන අතරේ ඒ දිනවල තවත් විශ්මිත දෙයක්‌ද සිදුව තිබිණි. ඒ නේවි සම්පත්ගේ ඔත්තුකරුවා වූ හාජියාර් අලිවද සුදු වෑන් කල්ලියක් විසින් පැහැරගෙන යැමය.
නමුත් තොරතුරු වසන් කිරීමේ අරමුණින් හාජියාර් අලිවද පැහැරගනු ලැබුවේ නේවි සම්පත්ම බව මේ වන විට කියෑවෙමින් තිබෙන්නකි. මෙසේ නේවි සම්පත්ගේ පැහැරගැනීමේ ක්‍රියාදාමය සිදු වෙමින් තිබියදී මීට කලකට ඉහතදී තවත් ආන්දොaලනාත්මක සිදුවීමක් පොලිසියෙන් වාර්තා වූයේ රටේ ජනතාවද අන්ද මහන්ද කරමිනි. ඒ එවකට ගුවන් හමුදාපතිවරයාගේ "බඩියා" හෙවත් සමීප නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටි නිශාන්ත ගජනායක නමැත්තා පිටකොටුව ප්‍රදේශයේදී දෙමළ ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් කප්පම් ගැනීමට යැමේ සිද්ධියකට රහස් පොලිසියට කොටු වීමය.
මෙහිදී පොලිසියට කොටු වූ නිශාන්ත ගජනායකගෙන් පොලිස් ප්‍රශ්න කිරීම් ආරම්භ කෙරිණි. එම ප්‍රශ්නකිරීම් හමුවේ ඔහු සීඅයිඩියට ලබා දී තිබූ වැදගත්ම ප්‍රකාශය වූයේ තමන් දෙමළ ව්‍යාපාරිකයා පැහැරගනු ලැබුවේ නේවි සම්පත්ගේ මෙහෙයවීම අනුව බව සඳහන් කිරීමය.
නමුත් එහිදීද පොලිසියෙන් බේරී සිටීමට සම්පත්ට වාසනාව තිබිණි. එය එසේ වුවද මේ අයුරින් වැඩි දිනක් සිය වෙස් මුහුණ පෙන්වමින් ගැලවී සිටින්නට නේවි සම්පත්ට අවසානයේ නොහැකි විය.
ඒ පසුගිය රජයේ ඇමැතිවරයකු වූ µSලික්‌ස් පෙරේරා මහතා දිනක් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් සිදු කළ විමසීමක් හේතුවෙනි. මෙහිදී ඇමැතිවරයා නාවික හමුදාපතිවරයාගෙන් විමසා සිටියේ පැහැරගනු ලැබූ කිසියම් තරුණයන් පිරිසක් නාවික හමුදා මූලස්‌ථානයේ රඳවා සිටින්නේද යන්නය.
ඇමැතිවරයාගේ එකී විමසීමත් සමඟ ඒ මොහොතේම ක්‍රියාත්මක වූ වසන්ත කරන්නාගොඩ මහතා නාවික බුද්ධි අංශයේද කටයුතු කරන තමන්ගේ සමීප නිලධාරියා වූ නේවි සම්පත් කැඳවා කිසියම් තරුණයන් පිරිසක් පැහැරගෙන විත් නාවික හමුදා මූලස්‌ථානයේ රඳවාගෙන සිටින්නේදැයි ප්‍රශ්න කළේය. එහිදී "නැහැ සර්" කියමින් වසන්ත කරන්නාගොඩ මහතාට පිළිතුරු දෙන්නට වූ නේවි සම්පත් වැඩි දුරටත් කියා සිටියේ ත්‍රිකුණාමල කඳවුරේ කිසියම් පිරිසක් රඳවාගෙන සිටින බවට තොරතුරු තිබෙන බවය.
එහිදී සම්පත් කී දේ පිළිබඳ සොයා බලන කරන්නාගොඩ මහතාට පෙනී යන්නේ ඔහු තමන්වද නොමඟ යවමින් අසත්‍ය ප්‍රකාශයක් කර ඇති බවකි. නේවි සම්පත් පිළිබඳව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නගොඩ මහතාට මුලින්ම සැකයක් උපදින්නේ එතැනදීය. ඒ සමඟම නැවතත් නේවි සම්පත් තමන් වෙත කැඳවන වසන්ත කරන්නාගොඩ මහතා ඇමැතිවරයා ඇසූ කතාව පිළිබඳ දැඩි ලෙස ප්‍රශ්න කරනුයේ සත්‍ය අනාවරණය කරගත යුතුම වූ බැවිනි.
එකී ප්‍රශ්න කිරීමේදී නේවි සම්පත්ට කිසිත් වසන් කිරිමට ඉඩක් නොලැබිණ. තමන් භාරයේ තරුණයන් පිරිසක් සිටින බව ඔහු හෙළි කළේය. නමුත් ඒ වන විට හාජියාර් අලි ඇතුළු පැහැරගෙන ආ තරුණයන් සියලු දෙනා ඝාතනය කර තිබෙන බව දැන සිටියේ නේවි සම්පත් පමණක්‌ම විය.
නේවි සම්පත් කළ එකී හෙළිදරව්වත් සමග දැඩි ලෙස කෝප වන වසන්ත කරන්නාගොඩ මහතා ඒ මොහොතේම එවකට ආරක්‍ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවී සිද්ධිය පිළිබඳ ආරක්‍ෂක ලේකම්වරයා දැනුවත් කර තරුණයන් පැහැර ගැනීම සම්න්ධයෙන් විමර්ශනයක් සඳහා නේවි සම්පත්ව රහස් පොලිසියට භාර දිය යුතු බවට තීරණය කරනුයේ කළ වරදට ඔහුට දඬුවමක් ලැබිය යුතු බැවිනි.
එහෙත් නාවික හමුදාපතිවරයා සැරසෙන්නේ තමන්ව රහස් පොලිසියට භාර දීමට බව ඉවෙන් මෙන් වටහා ගන්නා නේවි සම්පත් ඒ මොහොතේම කරනුයේ එතෙක් රාජකාරි කළ නාවික හමුදාවට ආයුබෝවන් කියා රහසේම සැඟවී පලා යැමය. එසේ නාවික හමුදාවෙන් පැන ගිය නේවි සම්පත් ඉන් දින කිහිපයකට පසු එවකට යුද හමුදාවේ සිටි එක්‌තරා උසස් නිලධාරියකු හමුවීමට යන්නේ තමන්ට වැදගත් හෙළිදරව්වක් කිරීමට ඇති බව පවසමිනි.
එකී යුද හමුදා නිලධාරියා සහ වසන්ත කරන්නාගොඩ මහතා අතර දිගු කලක සිට පවතින විරසකයක් ඇති බව එකල ප්‍රකටව තිබූ කරුණක් විය. ඉන් ප්‍රයෝජන ගැනීමේ අදහස ඇතිව යුද හමුදා නිලධාරියා සොයා යන නේවි සම්පත් ඔහු ඉදිරියේ කියා සිටින වැදගත් කරුණ වුයේ කුමක්‌ද?
එහිදී හේ කියා සිටිනුයේ වසන්ත කරන්නාගොඩ මහතා විසින් එකී යුද හමුදා නිලධාරියා ඝාතනය කිරීම සඳහා තමන්ව යොදා ගැනීමට උත්සාහ ගත්තද තමන් ඊට අකමැති වීම නිසා දැන් වෙනත් වරදකට පටලවා රහස් පොලිසියට භාර දීමට යන බවකි. එකල එම යුද හමුදා නිලධාරියාට සමීපව සිටි මාධ්‍යවේදීන් පස් දෙනකු ඝාතනය කරන ලෙස වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිවරයා තමන්ට උපදෙස් දුන් බවද නේවි සම්පත් කියා සිටින්නේය.
එහෙත් මෙහිදී යුද හමුදා නිලධාරියා කරනුයේ නේවි සම්පත් කී සියල්ල පටිගත කර ගැනීමෙන් පසු ඔහුව රැගෙන ගොස් රහස් පොලිසියට භාර දීමය. ඒ වන විට නේවි සම්පත් නමැති නාවික නිලධාරියා එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් සමඟ සබඳතා පවත්වා ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගෙන විමර්ශනයක් සිදු කරන ලෙස එවකට නාවික හමුදාපති වූ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාද රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. ඒ ඉකුත් 2009 වසරේ මැයි මාසයේදීය.
එම පැමිණිල්ල රහස් පොලිසියට ලැබී තිබුණේ "කොළඹ නාවික හමුදා මූලස්‌ථානයේ සේවය කළ නාවික නිලධාරි එම්.ඒ.ඩී.එන්.එස්. මුණසිංහ, එන්.ආර්.එක්‌ස්. 0945 යන අය ත්‍රස්‌තවාදීනA සමඟ සබඳතා පවත්වා ඇති බවත් ඒ අනුව මෙම නිලධාරියා සම්බන්ධයෙන් නාවික හමුදා මූලික පරික්‍ෂණයක් සිදු වෙද්දී ඔහු සේවා ස්‌ථානයෙන් බැහැරව ගොස් ඇති බවත් එහිදී ඇති වූ සැකය මත ඔහුගේ නිල කාමරය පරීක්‍ෂා කිරීමේදී සැකකටයුතු ලියකියවිලි, ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්, චෙක් පත් ඇතුළු ලියකියවිලි රාශියක් සොයා ගත් බැවින් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශනයක් සිදු කරන ලෙස" ඉල්ලා සිටිමිනි.
අද දවසේ නාවික හමුදා නිලධාරින් පිරිසක් දෙමළ තරුණයන් පැහැරගෙන කප්පම් ලබා ගැනීමෙන් පසු ඝාතනය කර ඇතැයි කියමින් සීඅයිඩීය දෙවන "මිලේනියම් සිටි" පාවා දීම අරඹා ඇත්තේ මෙසේ නේවි සම්පත් පිළිබඳ හිටපු නාවික හමුදාපතිවරයා කළ පැමිණිල්ලට අනුව කෙරෙන විශ්මිත විමර්ශනයක් ඔස්‌සේය.
මෙකී විශ්මිත විමර්ශනයට අනුව යමින් එවකට නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකවරයාව මෙන්ම නියෝජ්‍ය මෙහෙයුම් අධ්‍යක්‍ෂව සිටි කපිතාන් ඩී.කේ.පී. දසනායක කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමට ඉකුත් සතියේ සීඅයිඩීය ක්‍රියාකර තිබිණි. එහිදී සීඅයිඩීය ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණේ කුමක් පිළිබඳවද?
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ සීඅයිඩීයේම එක්‌තරා නිලධාරියකු "දිවයින"ට කියා සිටියේ දසනායක මහතා එකී වකවානුවේ කිසියම් නාවික නිලධාරින් කණ්‌ඩායමක් අධීක්‍ෂණය කළේද යන්න රහස් පොලිස් නිලධාරින් විමසා සිටි බවකි. නමුත් රහස් පොලිසිය නොදැන සිටියාට කපිතාන් දසනායක මෙකී කාල සීමාවේ රාජකාරි කරනු ලැබුවේ කොතැනකදැයි යන්න අපි දැන සිටින්නෙමු.
මානුෂීය මෙහෙයුමේ අවසන් කාලයේ ප්‍රභාකරන් මුහුදින් පැන යනු ඇතැයි සිතා මුලතිව් සහ චලෙයි මුහුද ආවරණය කරමින් ආරක්‍ෂක වළල්ලක් යෙදීමට ඒ දිනවල නාවික හමුදාව පියවර ගෙන තිබිණි. ඒ ආරක්‍ෂක වළල්ලේ වූ වේග ප්‍රහාරක සහ ක්‍ෂණික විහිදුම් බළකායට අණ දෙනු ලැබුවේ අද සීඅයිඩීය ප්‍රශ්න කරන කපිතාන් දසනායක විසිනි.
එකල මේ ලියුම්කරුද සිටියේ අවසන් සටන පැවති යුද බිමේය. එහිදී දිනක් චලෙයි ප්‍රදේශයේ භූගත බන්කරයක් අසලදී කපිතාන් දසනායක හමු වූවා දැනුදු මගේ මතකයේ ඇත. එදා කපිතාන් දසනායකගේ නවාතැන වී තිබුණේ එකී භූගත බන්කරය ය. දසනාකලා රට වෙනුවෙන් කැපවී සිටියේ එසේය
කෙසේ වෙතත් කපිතාන් දසනායකගෙන් සීඅයිඩීය කළ මෙකී ප්‍රශ්න කිරීමෙන් පසු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අපේ හිතවත් නීතිඥ අජිත් රෝහණ මහතා ඉකුත්දා මාධ්‍ය ඉදිරියේ අපූරු ප්‍රකාශයක්‌ද කරනු ලැබිණි.
ඒ නාවික හමුදා ඝාතක කණ්‌ඩායම අධීක්‍ෂණය කර ඇත්තේ දසනායක බැවින් ඔහුගෙන් ප්‍රශ්න කළේය යන්නය. එහිදී හිටපු නාවික හමුදාපතිවරයා සීඅයිඩියට පැමිණිල කර ඇත්තේ නාවික හමුදාවේ කප්පම් කල්ලියක් පිළිබඳව යෑයිද අජිත් රෝහණ මහතා කීය.
කෙසේ වෙතත් ඒ පිළිබඳ අජිත් රෝහණ මහතාගෙන් අප කළ විමසීමකදී හේ කියා සිටියේ වෙනත් කතාවකි. නමුත් අජිත් රෝහණ මහතා කරන එකී වෙනත් කතාවෙන්ම මේ මොහොතේ සිදු වන්නට යන්නේ කුමක්‌දැයි වටහා ගැනීමට අපට අපහසු නැති බවද මෙහිදී සඳහන් කළ යුතුය.
අද නාවික හමුදාව සම්බන්ධයෙන් සීඅයිඩීය අරඹා තිබෙන මෙකී හතරබීරි විමර්ශනය සම්බන්ධයෙන් නාවික හමුදාවේ මතය කුමක්‌දැයි අපි වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරාගෙන්ද විමසිමක් කළෙමු. එහිදී "නොදන්නාවාදය" සමඟ නාවික හමුදාපතිවරයා දුන් පිළිතුරද අප මෙහි පසෙක සටහන් කරනුයේ රටේ ජනතාවට සියල්ල අවබෝධ කර ගැනීමට පහසු වනු පිණිසය.
කෙසේ වෙතත් නේවි සම්පත්ගේ කතාවේ ආරම්භයේ සිට අද සිදුවන සීඅයිඩී පරීක්‍ෂණය දක්‌වා විමසීමෙන් බලන කල පැහැදිලිවම පෙනී යන කරුණ වන්නේ මේ මොහොත වන විට නාවික හමුදාවේ රණවිරුවන් පිරිසක් නිකරුණේ අත්අඩංගුවට ගෙන නීතියට මුවා වී දඬුවම් කිරීමට කිසියම් බලගතු හස්‌තයක බලපෑමක් තිබෙන බවය. යහපාලන ආණ්‌ඩුවේ මහත්වරුනි මේ සිදු වන්නේ ජාතයන්තරයට කී අභ්‍යන්තර පරික්‍ෂණයද?
සමන් ගමගේ


ඉතින් මම කිව්වේ එහෙම නිගමන වලට එන එක වැරදියි කියලනේ
උඹනේ අනේ කරන්නාගොඩට අනිනවෝ කියල අඬාගෙන ආවේ![]()