සරලව HTML මව් භාශාවෙන්ම..

thushana

Well-known member
  • Jun 19, 2010
    10,392
    6,219
    113
    elakiri machan....digatama karanna yaluwa hode.machan web page akak hadanakota mulika found aka me code akada.
    <html> 1
    <head> 2
    <title>My Own Home Page </title>3
    </head>4
    <body>5
    <H1> I am Nalin and this is my web Page! </H1>6
    </body>7
    </html>8 man numbers dapu than walin gahana code oya keyala denwada.
     
    • Like
    Reactions: inranasingha

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    අද බලමු කොහොමද කියලා...
    ඉමේජ් එකක් ඇඩ් කරගන්නේ..:rolleyes:

    වෙබ් පේජ් එකකට..:yes:

    මුලින්ම ඇඩ් කිරීමට අවශ්‍ය පින්තූරේ සම්පුර්ණ නම,
    එහෙමත් නැත්නම් file name with extension දැන ගන්න ඕනෑ..
    උදාහරනයක් විදිහට myimage.gif විවිධ file extension වෙබ් ඉමේජ් සදහා භාවිතා වෙනවා...

    මේවා නම් දන්නවනේ:cool:

    gif-Graphics Interchange Format.

    jpeg/jpg-joint Photographic Experts Group.

    bmp-Bitmap Image File.

    tiff-Tagged Image File Format.

    png-Portable Network Graphics.
    ඔය වගේ.

    දැන් බලමු ඒ සඳහා අවශ්‍ය HTML command එක..

    මෙහෙම..

    <img src="myimage.gif"></a>

    මෙහිදී src කියන්නේ source කියන එක කියලත් ඒක attribute එකක් කියලත් මතක තියගන්න..

    දැන් බලමු ..අද code එක...
    මෙහෙම..

    <html>
    <head>
    <title>My Own Home Page </title>
    </head>
    <body>
    <body bgcolor= "blue">
    <font color="Red">
    <H1> I am Your-Name and this is my web Page!</H1>
    <img src="myimage.gif"></a>
    </font>
    </body>


    තව දෙයක් බොහොමයක් වෙබ් අඩවි
    තමන්ගේ සියලු images එකම folder එකක උදාහරනයක් විදියට
    images folder කියලා ගබඩා කරලා තියා ගන්නවා..
    ඒක ඔබේ කැමැත්ත.. :rolleyes:

    තව ටිකක් වැඩ ටිකක් දාලා ඕනෑ නම් මෙහෙමත් Syntax එක ලියන්නත් පුලුවන්.

    <img src="url" alt="some_text"/>

    <img src="pulpit.jpg" alt="Pulpit rock" width="304" height="228" />


    alt,width,height කියන්නේ attributes...

    URL කියන තැනට යම් වෙබ් අඩවියක ඉමේජ් එකක් තියන තැනක පාත් එක ඇඩ් කර ගන්න පුලුවන්..

    alt කියන එකෙන්- යම් හේතුවක් නිසා
    උදාහරනයක් විදිහට slow connection ස්පීඩ්
    (ලන්කාවෙ නෙවේ හොඳේ..);)
    ඉමේජ් එක ලෝඩ් උනේ නැත්නම් ඒක ගැන විස්තර කිරීමක් clientට ලබා දෙන්න පුලුවන්..:rolleyes:

    අනෙක් attributes වලින් ඉමේජ් එකේ දිග පලල ලබා දෙනවා..

    මෙම attributes දෙක භාවිතයෙන් වෙබ් පේජ් එකක් ලෝඩ් වෙද්දිම ඉමේජ් සඳහා අවශ්‍ය ඉඩ වෙන් කරගනු ලබනවා..

    මේකනිසා ඉමේජ් එකක් ලෝඩ් වෙද්දි පේජ් layout එකට වෙන බලපෑම අඩුකරගන්න පුලුවන්.
    මේ අත්දැකීම නම් අපේ එළකිරි කොල්ලන්ට, කෙල්ලන්ට ඇති...:yes:
     
    Last edited:

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    දැන් බලමු ලින්ක් ඇඩ් කරන විදිහ..:yes:

    ලින්ක් එහෙම නැත්නම් හයිපර්ලින්ක් කියන්නේ තවත් ඩොකියුමන්ට් එකකට යන්න තියන කෙටි පාරක්..:cool:
    එහෙම නැත්නම් එම ඩොකියුමන්ට් එකේම අළුත් කොටසකට කියමුකෝ..

    ලින්ක් එකක් විදිහට ටෙක්ස්ට් එකක් වගේම ඉමේජ් එකකුත් යොදාගන්න පුලුවන්..:cool:

    ලින්ක් අර්ථ දක්වලා තියන්නේ මෙන්න මේ ටැග් එක උපයෝගීකරගෙන.
    <a>
    cursor එක ලින්ක් එක උඩට අරගෙන ගියොත් ඔබට මෙහෙම දැක ගන්න පුළුවන්.
    Open+Links+in+new+window+or+tab+in+Blogger+hand+cursor+and+blogger+logo.png

    පොඩි අතක් වගේ එකක්.

    ලින්ක් කරන්න HTML File එකකුත් එපැයි..

    මුලින් පාඩමෙදි උදාහරණයක් page1.html කියලා මුලින්ම සේව් කරගන්න..

    තව දෙයක් මේ කරන හැම දෙයක්ම එකම ෆොල්ඩෙර් එකකට දා ගන්න..

    HTML Syntax මෙහෙම..

    <a href="name of your page here">Text that you want the
    user to see here</a>


    තවත් ටිකක් Advanced කලොත් target attribute එකක් යොදාගන්න පුළුවන් මෙහෙම..

    <a href="http://www.Elakiri.com/" target="_blank">Visit ElaKiri Community!</a>

    ඒකෙන් අලුත් බ්‍රව්සර් වින්ඩොව් එකක් තමා ඕපන් වෙන්නේ..:yes:

    ඔයගොල්ලොම උත්සාහ කරලා බලන්න..:rolleyes:

    තව Attribute එකක් භාවිතා කරනවා ඩොකියුමන්ට් එක තුලම බුක් මාර්ක් දාගන්න මේ විදිහට

    <a name="tips">Useful Tips Section</a>:confused:

    දැන් අද උදාහරණය..:cool::cool:

    <html>
    <head>
    <title>My Own Home Page </title>
    </head>
    <body>
    <body bgcolor= "yellow">
    <font color="Red">
    <H1> I am Your-Name and this is my web Page!</H1>
    <img src="images/myimage.gif">
    <a href="Page1.html">Click Here for my next page</a>
    </font>
    </body>


    NotePad එකක type කරලා .html විදියට save කරලා double ක්ලික් කරලා open කරලා බලන්නකෝ.
    දෙයක් මතක තියාගන්න මම ඉහත උදාහරනයේ backgrond කලර් එක yellow දමලා තියන්නේ IEවල ඩිෆෝල්ට් background කලර් එක blue ම නිසා..හොඳේ...:yes:
     
    Last edited: