සරවුන්ඩිං කැමරා සිස්ටම්

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    සරවුන්ඩිං කැමරා සිස්ටම්


    31282808_10211856415585585_2378991380261979504_n.jpg



    මොකක් මේ සර්වුන්ඩිං කැමරා සිස්ටම් කියලා කියන්නේ?

    31351471_10211856413265527_2473852994040003155_n.jpg

    සර්න්ඩිං කැමරා සිස්ටම් එහෙමත් නැත්නම් 360° සර්වුන්ඩ් කැමරා සිස්ටම් කියලා කියන්නේ නවීන මෝටර් රථ වල පාර්ක් ඇ‌සිස්ට් සිස්ටම් එකට අදාල තවත් වැඩිදියුණු කරන ලද තාක්ෂණයක්.මේ මගින් බර්ඩ් අයි වීව් ක්‍රමයට මෝටර් රථයේ ඉහළ සිට සම්පූර්ණ මෝටර් රථය වටා අංශක 360 ක මට්ටමේ තාත්වික දර්ශනයක් සපයන අතර ඒ‌ මගින් මෝටර් රථය වටා වඩාත් හොඳින් වටහා ගනිමින් වාහන නැවතුම් ස්ථාන හා ඊට යාබඳ වස්තූන් වලට සාපේක්ෂව වාහනයේ පිහිටීම තහවුරු කරගැනීමට රියදුරන්ට උපකාර වෙනවා.ඒ‌ මගින් පාර්කිං ස්පොට් වලදී වාහනය වඩාත් නිවැරදිව පාර්ක් කිරීම වඩාත් පහසු වෙනවා.

    31351509_10211856413305528_2581900829710634485_n.jpg

    මෙහි තාක්ෂණ ක්‍රියාකාරීත්වය බැලුවොත්
    එරවුන්ඩ් වීව් ප්‍රොසෙස් කොන්ට්‍රෝල් යුනිට්/වීඩියෝ ඉමේජ් ප්‍රොසෙස් කොන්ට්‍රෝල් යුනිට් එක මගින් වාහනය වටා ස්ථාන ගතකරලා තියෙන කැමරා හතරකින්(ෆ්‍රන්ට් ග්‍රිල්/වීන්ඩ්ස්ක්‍රීන් කැමරා,වම සහ දකුණ සයිඩ් මීරර් කැමරා සහ රිවර්ස් කැමරා කියන කැමරා හතරින්)ලබාගන්නා වීඩියෝ දර්ශණ මගින් තනි බර්ඩ් අයි වීව් සංයුක්ත කැමරා දර්ශණයක් සකස් කරලා ෆ්‍රන්ට් ඩිස්ප්ලේ ප්‍රදර්ශනය කිරීම සිදුකරනවා.ඒ‌ නිසා මේ වයිඩ් ඈංගල් කැමරා හතර සරවුන්ඩිං පද්ධතියේ මූලික අත්තිවාරම ලෙස හඳුන්වන්න පුලුවන්.

    31301681_10211856413785540_4821098338684987408_n.jpg

    මෙහිදී කැමරා හතරෙන් ලබාගනනා වීඩියෝ සංඥා ඉමේජ් ප්‍රොසෙසිං කොන්ටෝල් යුනිට්/එරවුන්ඩ් වීව් මොනිටර් කොන්ට්‍රෝල් යුනිට් මගින් වාහනය සෘජුවම ඉහළ සිට දැකිය හැකි ලෙස සංයුක්ත විච්‍ල්‍ය බර්ඩි අය වීව් රූපයක් බවට පරිවර්තනය කිරීම සිදුකරනවා.ඉමේජ් ප්‍රොසෙසිං කොන්ටෝල් යුනිට්/එරවුන්ඩ් වීව් මොනිටර් කොන්ට්‍රෝල් යුනිට් එකේ ප්‍රධාන අංගය වෙන්නේ මෙම රූප සැකසුම් තාක්ෂණයයි.

    31347073_10211856413985545_4640002182737800993_n.jpg

    • බර්ඩ් අයි වීව් දර්ශණය මගින් වාහනය වටා ඇ‌ති බාධක රියදුරාට පරීක්ෂා කළ හැකිවීම.

    • පද්ධතිය මගින් ඉදිරිපස සහ පිටුපස බර්ඩ් අයි වීව් දර්ශණ පෙන්විය හැකි අතරම වාහනයේ 360 ° දක්වා වටපිටාව පරීක්ෂා ද කර බැලීමට හැකිවීම.

    • ඒ‌ වගේම පිටුපස සහ ඉදිරිපස දෙපැත්තේ දර්ශණයන් එකට ප්‍රදර්ශනය කළ හැකි අතර සමාන්තරව වාහන නැවැත්වීමේදී(parallel parking)රියදුරුට වාහනයේ පිටුපස හා ඉදිරිපස දෙපැත්තම එකවිට බැලිය හැකිවීම මෙහි ඇ‌ති විශේෂත්වයන් ලෙස දැක්විය හැකිය.

    31351287_10211856414225551_4503221496547713388_n.jpg

    සටහන: පාර්කිං එයිඩ් සිස්ටම් එක මගින් බ්ලයින්ඩ් ස්පොට් තත්වයන් සම්පූර්ණයෙන්ම ඉවත් කළ නොහැකි අතරම සෑම වස්තුවක්ම හඳුනාගත නොහැකිය.ඒ‌ වගේම ගමන් කරන වස්තූන් ගැන අනතුරු අඟවන්නේ නැති නිසා වාහනය ධාවනය කිරීමට පෙර සෑම විටම වටපිටාව පරීක්ෂා කිරීම වැදගත් වන අතර මෙම පද්ධතිය රිවර්ස් කිරීම සඳහා සෘජු ආදේශකයක් නොවන නිසා වාහනය රිවර්ස් කිරීමට පෙර වාහනයට පිටුපසින් යමක් ඇ‌තිදැයි නිතරම පරීක්ෂා කිරීම වැදගත් වෙනවා.

    31301504_10211856414825566_3101692517396924529_n.jpg


    31351387_10211856414665562_3236626099325561555_n.jpg


    31301009_10211856415025571_86904836786983383_n.jpg


    31326873_10211856431385980_7987543931420870852_n.jpg


    31311935_10211856431225976_2431710085163431851_n.jpg


    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
     

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    යාළුවා;23145211 said:
    ඕක ගහන්න කීයක් යනවද බං. කොහෙද තියෙන්නෙ :sorry:

    Rep n Up...

    Dawaskata kochchra memo ekak ynwada bn me wage ekakata?

    good work, oka ona vahanekata fix kerane puluwanda?

    pitin set karanna puluwanlu, eth sarthaka wei kiyala kiyanna amarulu, hariyatama calibrate karanna ona.

    https://www.facebook.com/groups/Carindustrial/permalink/904374609724417/