සරසවි කුරුටු ගී෴
කන්නේ පරිප්පුයි පානුයි දවාලට
කන්නේ පරිප්පුයි පානුයි දවාලට
බොන්නේ කැන්ටිමේ වතුරයි පිපාසෙට
පානුයි පරිප්පුයි දවසක බුදු වේවා
ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
කැන්ටින් හොද්ද නේරංජන ගඟ වේවා
සුප්පයියා මුදලාලි කන්තක අසු වේවා
(හිල්ඩා ඔබේසේකර ශාලාව – පේරා වි.වි)
වාසිටියේ පච ගස බිම වැටීයන්
කැන්ටින් එක කරන නෝනා මැරීයන්
ගුනේ අයියගෙ දෙසුම අදවත් ඉවර වෙයන්
බූට් දුන්න කෙල්ලම මට ලැබීයන්
(ප්‍රධාන පුස්තකාලයේ 04 මහලේ බිත්තියකිනි – පේරා වි.වි)
විභාගය අත ලඟ
විභාගය අත ලඟ
අත පොත ලඟ
පොත හිත ලඟ
හිත ඈ ලඟ
ඈ ඌ ලඟ
(ප්‍රධාන පුස්තකාලයේ මේසයකිනි – පේරා වි.වි)
වැදුනත් හිසට හෙණ
වැදුනත් හිසට හෙණ
දත් ටික ඇතොත් නිසි තැන
නොතකා හෙනය ගැන
සිනාසෙන් උඩ පැන පැන
(පේරා වි.වි)
තුට්තු දෙකිනා කංස බීවට කන්න බත්පත නෑ අනේ
මට්ටු නොවෙනා කංස ලොල්කම කාට පවසන්නද අනේ
රට්ටු _ _නා කතා කීවත් ඊට කම් නැත මස්සිනේ
තට්ටු කරලා මගේ කුටියට වඩින් කනහුල් සාමිනේ
(කනහුල් යනු කාඩ් එකකි)
(මාකස් ශාලාව පේරා වි. වි.)
1st year පූජ්‍ය හිමි
2nd year සිවුර අහිමි
3rd year කොක්කක් හිමි
4th year දරුවෙක් හිමි
රුව කත ගුණ නැත
ගුණ කත රුව නැත
රුව ගුණ ඇති කත
ලඟ පතිවත නැත
අප්පා හොයයි
අම්මා උයයි
අක්කා බෙදයි
මම කයි
සහ බුදියයි
දැනුම සොයයි
ඵල නොදරයි
හිතට දුකයි
ගත වැහැරෙයි
(කැළණිය. වි. වි)
ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය
මෙය කිව් එකාගේ කට කෑවත් මදිය
ඉක්මන් උන එකා අත බඩු හත අටය
ඉවසපු මෙමා අද තාමත් තනිකඩය
(කොළඹ. වි. වි)
කමිසය ගියා මාතර – බෙල්ට් එක අනුරපුරේ
කලිසම කලුතරට – සපත්තු රත්නපුරේ
වොච් එක ගියේ නුවර – බෑගය අම්පාරේ
කවදා එකට මේවා හමුවේවුද ජ’පුරේ
(ජ’පුර වි.වි)
සතුට සැනසුම
සුහදතාවය
නොමැත හැම විට
මෙලොව අප සතු
කදුලු අතරින් සිනාසෙන්නට
නොහැක එනමුත්
එයයි කළ යුතු
(රුහුණ වි. වි)
ලෙක්චර්ස් ආවේ මම අරගන්නට දැනුම
කෙළෙසද තබා ගන්නේ එක තැන මනස
උස් අඩි සපත්තුත් පළදාගෙන සොදින
මිස්ගේ රුවට බිදවයි මගේ හද දැහැන
පියමන් කෙරුවෙමු පොල් අතු මැද්දෙන්
පෙම්බස් දෙඩුවෙමු කැන්ටිම මුල්ලේ
ශිල්ප උගත්තෙමු ගුටිකෙළ ගත්තෙමු
දෙපා වාරු නැත ඩිග්‍රිය ගන්නට
මළ ගෙදරට ආවේ නුඹව ගොඩ දාගන්න
හරකෙක් වගේ වැඩ කෙරුවේ ලකුණු ගන්නට
කොහේවත් හිටි එකෙක් නුඹව ගොඩ දැම්මට
ගෙවන්න වේ කුළියක් මම කළ වැඩ වලට
(වයඹ වි. වි)
ඈත හිමේ ගිරි මුදුනේ පිපෙන්නේ
දසත හමා ලොව සුවදැති කරන්නේ
බඹර දෙබර කෑදැත්තන් ඇදෙන්නේ
නාරිළතා මල සරදම් කරන්නේ
කොහෙදෝ ඉදන් ආවයි මගෙ හෙලේනා
මගෙ හිත අරන් දිව්වයි සක්වළ දොරිනා
කෙලු බලු රෑන ඈ පස්සෙන් හති අරිනා
දිරිය අරන් ඇය රැක්කයි මම එඩිනා
ඇය මට පැවසුවේ ඇය මගෙ පළවෙනියා
මා ඇට පැවසුවේ ඈ මගෙ පළවෙනියා
මා මෙන් අනිත් උන්ටත් ඈ පළවෙනියා
අන්තිමෙ බලනකොට මම පහළොස්වෙනියා
ඈ ළග අපේ හදවත් වල collection
තව තිබුනලු තව එක එක collection
කෙසේ නමුත් first ලව් එක නිසාවෙන්
මම මෙමරිය අරිනවා recycle-bin
මුල් කාලේ නම් ඈ ප්‍රින්සස් ඩයනා
උන්ටත් මුලින් ඈ සූකිරි මැඩෝනා
පහුවෙනකොට මගෙ රන්කද හෙලේනා
මා හට මෙන්ම උන්ටත් මූසල නෝනා
(ඉන්ජිනේරු තාක්ෂණ පීඨය ශ්‍රි. විවෘත. වි. අම්බලන්ගොඩ)
ඉරුණු වැරහැළි ගතේ එල්ලා
කුසේ ඇති ගිනි හිතේ අවුලා
එරෙහි උන මුලු ලොවම හොල්ලා
නුඹට හිමි උරුමයන් ඉල්ලා
අකුරු සිරකල පවුරු බිදලා
(ස්වාභාවික විද්‍යා පීඨය ශ්‍රි. විවෘත. වි)
තුට්තු දෙකිනා කංස බීවට කන්න බත්පත නෑ අනේ
මට්ටු නොවෙනා කංස ලොල්කම කාට පවසන්නද අනේ
රට්ටු _ _නා කතා කීවත් ඊට කම් නැත මස්සිනේ
තට්ටු කරලා මගේ කුටියට වඩින් කනහුල් සාමිනේ
(කනහුල් යනු කාඩ් එකකි)
(මාකස් ශාලාව පේරා වි. වි.)
1st year පූජ්‍ය හිමි
2nd year සිවුර අහිමි
3rd year කොක්කක් හිමි
4th year දරුවෙක් හිමි
රුව කත ගුණ නැත
ගුණ කත රුව නැත
රුව ගුණ ඇති කත
ලඟ පතිවත නැත
අප්පා හොයයි
අම්මා උයයි
අක්කා බෙදයි
මම කයි
සහ බුදියයි
දැනුම සොයයි
ඵල නොදරයි
හිතට දුකයි
ගත වැහැරෙයි
(කැළණිය. වි. වි)
ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය
මෙය කිව් එකාගේ කට කෑවත් මදිය
ඉක්මන් උන එකා අත බඩු හත අටය
ඉවසපු මෙමා අද තාමත් තනිකඩය
(කොළඹ. වි. වි)
කමිසය ගියා මාතර – බෙල්ට් එක අනුරපුරේ
කලිසම කලුතරට – සපත්තු රත්නපුරේ
වොච් එක ගියේ නුවර – බෑගය අම්පාරේ
කවදා එකට මේවා හමුවේවුද ජ’පුරේ
(ජ’පුර වි.වි)
සතුට සැනසුම
සුහදතාවය
නොමැත හැම විට
මෙලොව අප සතු
කදුලු අතරින් සිනාසෙන්නට
නොහැක එනමුත්
එයයි කළ යුතු
(රුහුණ වි. වි)
ලෙක්චර්ස් ආවේ මම අරගන්නට දැනුම
කෙළෙසද තබා ගන්නේ එක තැන මනස
උස් අඩි සපත්තුත් පළදාගෙන සොදින
මිස්ගේ රුවට බිදවයි මගේ හද දැහැන
පියමන් කෙරුවෙමු පොල් අතු මැද්දෙන්
පෙම්බස් දෙඩුවෙමු කැන්ටිම මුල්ලේ
ශිල්ප උගත්තෙමු ගුටිකෙළ ගත්තෙමු
දෙපා වාරු නැත ඩිග්‍රිය ගන්නට
මළ ගෙදරට ආවේ නුඹව ගොඩ දාගන්න
හරකෙක් වගේ වැඩ කෙරුවේ ලකුණු ගන්නට
කොහේවත් හිටි එකෙක් නුඹව ගොඩ දැම්මට
ගෙවන්න වේ කුළියක් මම කළ වැඩ වලට
(වයඹ වි. වි)
ඈත හිමේ ගිරි මුදුනේ පිපෙන්නේ
දසත හමා ලොව සුවදැති කරන්නේ
බඹර දෙබර කෑදැත්තන් ඇදෙන්නේ
නාරිළතා මල සරදම් කරන්නේ
කොහෙදෝ ඉදන් ආවයි මගෙ හෙලේනා
මගෙ හිත අරන් දිව්වයි සක්වළ දොරිනා
කෙලු බලු රෑන ඈ පස්සෙන් හති අරිනා
දිරිය අරන් ඇය රැක්කයි මම එඩිනා
ඇය මට පැවසුවේ ඇය මගෙ පළවෙනියා
මා ඇට පැවසුවේ ඈ මගෙ පළවෙනියා
මා මෙන් අනිත් උන්ටත් ඈ පළවෙනියා
අන්තිමෙ බලනකොට මම පහළොස්වෙනියා
ඈ ළග අපේ හදවත් වල collection
තව තිබුනලු තව එක එක collection
කෙසේ නමුත් first ලව් එක නිසාවෙන්
මම මෙමරිය අරිනවා recycle-bin
මුල් කාලේ නම් ඈ ප්‍රින්සස් ඩයනා
උන්ටත් මුලින් ඈ සූකිරි මැඩෝනා
පහුවෙනකොට මගෙ රන්කද හෙලේනා
මා හට මෙන්ම උන්ටත් මූසල නෝනා
(ඉන්ජිනේරු තාක්ෂණ පීඨය ශ්‍රි. විවෘත. වි. අම්බලන්ගොඩ)
ඉරුණු වැරහැළි ගතේ එල්ලා
කුසේ ඇති ගිනි හිතේ අවුලා
එරෙහි උන මුලු ලොවම හොල්ලා
නුඹට හිමි උරුමයන් ඉල්ලා
අකුරු සිරකල පවුරු බිදලා
(ස්වාභාවික විද්‍යා පීඨය ශ්‍රි. විවෘත. වි)

