සරසවි සිසුන් මුදල් හොයන්න පීසා බෙදනවා.
April 27, 2014 at 4:40 pm
සරසවි සිසුන් මුදල් සෙවීම සඳහා වේටර්කම් පීසා බෙදන රැකියාවල නිරතව සිටින බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික පවසයි.
ඔහු මෙසේ පැවසුවේ ඇමති එස්.බී. දිසානායක විසින් සරසවි සිසුන්ට පැය 2,3ක් රැකියා කිරීම සඳහා අවස්ථාව ලබා දීමට යෝජනා කිරීම ගැන අදහස් දක්වමිනි.
මහපොළ හම්බෙන්නේ 2,500යි. මේකෙන් මොනවද කරන්න පුළුවන්?
කොහොමත් අපේ ශිෂ්‍යයෝ දැනටමත් අධ්‍යාපනය ලබන ගමන් අමතර රැකියා කරනවා. ඇමැතිවරයා අපට විධායක ශ්‍රේණියේ රැකියා දෙනවද? නෑනේ. එයා දෙන්න හදන්නෙත් දැනට අපි මේ කරනවා වගේ ජොබ්ම තමා.
අපි ඇමතිතුමාගේ අදහසට විරුද්ධයි. අපි කියන්නේ රුපියල් 5,000ක මහපොළ දීමනාවක් දෙන්න කියලා. ඇමතිවරයා රට ඉස්සරහට ඇවිත් කොහොමද මේ විලිලැජ්ජා නැති කතා කියන්නේ? මේක අමු විහිළුවක්’ යයිද ඔහු සඳහන් කලේය.

Last edited:

ගොඩක් දියුණු රටවල් වල පවා බහුතරයක් part time job කරලා තමා ඉගෙනගන්න සල්ලි හොයන්නේ.සමහර උන් කොලෙජ් වලට ඇප්ලයි කරන්න කලින් අවුරුද්ද - 2 වැඩ කරනවා සල්ලි හොයාගන්න
තියෙන ලොකුකමනේ බන්.වෙන මොකක්ද.
අනේද කියන්නේ මුන් UK,Italy, Australia ගිහින් පිගන් හෝදනවා, වේටර් වැඩ කරනවා, වතු ශුද්ධ කරනවා නමුත් මේහේ ඒ වැඩේම කරන කොට අඩනවා.