සර්පයින්ගේ ලෝකය -3
ලොව විශාලතම සර්පයා කවුද?මිනිසුන් වසර ගණනාවක් තිස්සේ මේ සම්බන්ධව වාද විවාද කරගනියි.මෙහිදී මතුවන වන ප්‍රශ්නයක් වන්නේ විශාලතම යන වචනය පැහැදිලි කරන්නේ කෙසේද යන්නයි.ඔබ අදහස් කරන්නේ දිගම හෝ බරම?
ඇනකොන්ඩා ජීවත්වන්නේ දකුණු ඇමෙරිකාව නිවර්තන වනාන්තරවලය.ඔවුන් වැඩිපුරම ගතකරන්නේ පිරිසිදු ජලයේය.අනෙක් සියලුම සර්පයින් මෙන් ඇනකොන්ඩාද මාංශභක්ෂකයෙකි.සමහර සර්පයින් තම ආරක්ෂාවට මෙන්ම ගොදුර අඩපණ කිරීමටද විෂ යොදාගනියි.නමුත් පිඹුරන් තම ගොදුර මරා දමන්නේ මිරිකීම ඔස්සේය.තම ශරීරය ගොදුර වටා වෙලමින් ශක්තිමත් මස්පිඩු යොදාගෙන දැඩි ලෙස තෙරපනු ලැබේ.එවිට ගොදුර බවට පත්වන්නා හුස්ම ගැනීමට නොහැකිව මරණයට පත්වේ.ඇඩකොන්ඩා යනු බෝආ පවුලේ සර්පයෙකි.ඌ තද කොළ පැහැතිය.ඇන්කොන්ඩා යන නමින්ද හඳුන්වයි.ජලයේ වෙසෙන ඇනකොන්ඩාවන් ඔවුන්ගේ ගොදුර ජලයේ ගිල්වා මරණයට පත් කරයි.පිඹුරන්ගේ විශේෂත්වය ඔවුන්ගේ හනු දරුණු ලෙස ඈත් කිරීමේ හැකියාවයි.ඒ නිසා ඌට තම මුඛයේ ප්‍රමාණයට වඩා විශාල ගොදුරක් ගිලිදැමිය හැකිය.ගිල දැමූ ගොදුර හැකි ඉක්මණින් දිරවා දැමිය යුතුය.නමුත් ගිල දැමූ ගොදුර බැක්ටීරියා විසින් වියෝජනය කිරීමට පෙර ජීරණය කිරීමට නොහැකිවුව හොත් ඌ ගොදුර වමාරයි.එහෙත් ඌට ගොදුර වමාරන්නට නොහැකිවුවහොත් ආහාර විෂ වීමෙන් පිඹුරා මරණයට පත්වේ.
විශාල ප්‍රමාණයේ ඇනකොඩාවන් විසින් මුවන්,ඌරන්,කුඩා ප්‍රමාණයේ කිඹුලන් සහ මාළුන් ආහාරයට ගනියි.උන් තම ගොදුර ගිල දමන්නේ හිසේ සිටය.මේ නිසා ගොදුර බවට පත්වන සතාගේ බාහු ගිලීමට බාධාවක් නොවන ලෙස හසුරවා ගත හැකිය.
පයිතන් වර්ගයේ පිඹුරන් අප්‍රිකාව, ආසියාව සහ ඕස්ට්‍රේලියාව මහද්වීපවල ජීවත්වේ.ඔවුන්ගේ ශරීර වර්ණය දීප්තිමත් කොළ පැහැය සහ දුඹුරු පැහැය ගනියි.මෙම වර්ණගැන්වීම ඔවුන් ජීවත්වන ප්‍රදේශයට හොඳින් ගැළපේ.බුරුම පයිතන් යනු මෙම වර්ගයේ විශාලතම පිඹුරෙකි.පයිතන් වර්ගයේ පිඹුරන්ගේ සාමාන්‍යය දිග ඇනකොන්ඩාවන්ගේ සාමාන්‍යය දිගට වඩා වැඩිය.නමුත් පළලින් සහ බරින් වැඩිම වන්නේ ඇනකොන්ඩාය.මීට හේතුවක් වන්නේ ඇනකොන්ඩා යනු ජලයේ වැඩි කාලයක් ගෙවන සර්පයෙක් වීමත් පයිතන් යනු ගස් අතර ගැවසෙන සර්පයෙක් වීමත් යන්නයි.මේ නිසා ඇනකොන්ඩාට "ලොව විශාලතම සර්පයා " යන නාමය භාවිතා කිරීමේ වරදක් නොමැත.දැනට සොයාගෙන ඇති දිගම සර්පයා වන්නේ 1949 දී තායිලන්තයෙන් අල්ලාගත් අඩි 28 1/2ක් දිග රාත්තල් 320ක් බර පයිතන් වර්ගයේ සර්පයෙකි.
දැනට ලෝකයේ ජීවත්වන විශාලතම සර්පයින් වන පයිතන් සහ ඇනකොන්ඩාට මිනිසුන් ගිල දැමිය හැකිද?එවැනි සිද්ධී වාර්තා වී තිබේ.1972 දී බුරුමයේ පයිතන් වර්ගයේ පිඹුරෙක් විසින් වයස අවුරුදු 8ක පිරිමි ළමයෙක් ගිලදමා තිබිණි.1927 දි වාර්තා වූ එවැනිම සිද්ධියකට අනුව එක්තරා පුද්ගලයෙක් වැස්සට නොතෙමී සිටීමට ගසක් යටට ගොස් තිබේ.ඔහුගේ සිරුර හමුවූයේ අසල සිටි පිඹුරෙක්ගේ උදරයේ තිබියදීය.නමුත් ඌ එම පුද්ගලයා ගිල දමා තිබෙන්නේ පාදවලින් පටන්ගෙනය.එනම් පිඹුරන් ඇතුලු සර්පයින් ගොදුරක් ගිල දමන ආකාරයට විරුද්ධ අයුරින්ය.
බොහෝමයක් විශාල සර්පයින් මිනිසුන්ට පහරදී තිබෙන්නේ වනාන්තරවලදී නොව නගරබද ප්‍රදේශවලදීය.අග්නිදිග ආසියානු රටවල නිවාස ආශ්‍රිතව පිඹුරන් සුරතල් සතුන් ලෙස ඇතිකරයි.නමුත් ඔවුන් කිසිදු අනතුරු හැඟවීමකින් තොරව මාරාන්තික විය හැකිය.1993 දී කොළරාඩෝ හි 15 හැවිරිදි පිරිමි ළමයෙක් ඔහුගේ පවුලේ සුරතලා වූ පිඹුරාගේ පහරදීමකින් මරණයට පත්විය.එම පිඹුරා අඩි 11ක් දිග රාත්තල් 53ක් බර සර්පයෙකි.නමුත් ඌ ළමයාව ආහාරයක් බවට පත් කරගෙන නොමැත.
පිලිපීනයේ හුදකලා කඳුකර ප්‍රදේශවල ජීවත්වන ගෝත්‍රික ජනවර්ගයක් වන Agtaහි ජනයාට පහරදුන් දැවැන්ත සර්පයින් වර්ගයක් ගැන සොයා බලන්නට ඇමෙරිකානු මානව විද්‍යාඥයෙක් වන තෝමස් හෙඩ්ලෑන්ඩ් හට අවස්ථාව හිමිවිය.ඔහු මෙම සර්පයන්ගේ ප්‍රහාරයට ලක්වූ Agta ගෝත්‍රිකයන් සම්මුඛ පරීක්ෂණයකට ලක් කලේය.මෙම සර්පයන් මිනිසුන්ට පහර දෙන්නද යැපුනේ කුඩා ක්ෂීරපායීන් වන වල් ඌරන් ආදී සතුන්ගෙනි.Agtaයනු ශරීර ප්‍රමාණයෙන් කුඩා ගෝත්‍රිකයන් වර්ගයකි.ඔවුන්ගේ උස අඩි 5ක් පමණ විය.බර රාත්තල් 100කට වැඩිනොවීය.ඔවුන්ගේ දේහ ප්‍රමාණය වල් ඌරෙක් හා සමාන විය.
තෝමස් සහ ඔහුගේ බිරිද 1962 සිට 1986 දක්වා වසර 24ක් මෙම ගෝත්‍රිකයන් සමග ජීවත්ව තිබේ.ඒ කාලය තුල ඔවුන් ගෝත්‍රිකයන් 600ක් අතරින් 120 දෙනෙක්ව ප්‍රශ්න කිරීමට ලක්කර තිබේ.ඔවුන්ගෙන් දෙදෙනෙක් දෙවරක් සර්පයින්ගේ ප්‍රහාරයට ලක්ව තිබේ.15 දෙනෙක් උන්ගේ සපා කෑමට ලක්ව තිබේ.11 දෙනෙක්ගේ කල්පවතින තුවාල සිදුව තිබේ.
1934 සිට 1973 දක්වා කාලයේදී ගෝත්‍රිකයන් 6 දෙනෙක් මේ දැවැන්ත සර්පයන්ගේ ගොදුරු බවට පත්ව තිබේ.වරක් එක් අයෙක්ගේ සිරුර හමුවූයේ සර්පයෙක්ගේ දේහය තුල තිබියදීය.සාමාන්‍යයෙන් constrictor පිඹුරන් යනු සැඟවී සිට පහරදෙන සර්පයන්ය.ඔවුන් මිනිසෙකුට පහරදෙන්නේ කලාතුරකිනි.නමුත් මෙම ප්‍රදේශයේදී ඌගේ හැසිරීම බොහෝ ආක්‍රමණශීලී වී තිබේ.තෝමස් දුටු විශාලතම පිඹුරා අඩි 23ක් දිග එකෙක් වූ බව කියවේ.
Source:Unmuseum.org
-HarshaLulzSec-

ඇනකොන්ඩා

පයිතන්

මිනිසුන් සර්පයන්ගේ ගොදුරු වීම