ලංකාවේ සාමාන්‍ය සිරිතක් තමයි ගැරඩියෙක් දැක්කත් භූමිතෙල් ගහලා එලවා දැමීම. නමුත් මේක සර්පයාට අපේ ඇගට ඇසිඩ් වක්කිරීමට සමානයි.
සර්පයින්ගෙ පිටත වැස්ම තියෙන්නෙ කොරපොතු වලින් හැදිලා, මේ කොරපොතු හැදිල තියෙන්නෙ කෙරටීන් කියන ප්‍රෝටීනයෙන්, ඒ නිසා මේකට භූමිතෙල්, පෙට්‍රල් , ඩීසල්, තිනර් වගේ ඕනම දෙයක් දාපු ගමන් ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ගන්නවා, ඒක සර්පයට ගොඩක් වේදනාකාරියි, ගොඩක් වෙලාවට වේදනාවෙන් දිනගණනක් දුක් විදලා මැරන එකයි වෙන්නේ.
ගොඩක් සර්ප වර්ගවල හම ඉතාම මෘදුයි, අපිට ගොරෝසුවට අහු වුණත් මියුකස් ශ්‍රාවය වෙන සමක් තියෙන්නෙ. භූමි තෙල් ගැරඬි හමට විතරක් නෙවෙයි, හම හරහා මස්වලට ඇතුළු වෙලා කොඳු නාරටියට පවා උරා ගන්නවා. ගැරඬියාට වෙන දේ තේරුම් ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි තමන්ගෙ ලිංගේන්ද්‍රයේ ඉදිරි කොටසේ (ශිෂ්ණ මුණ්ඩය හෝ යෝනි විවරය) බැටරි ඇසිඩ් ටිකක් ගාගෙන බලන එක.
දැන් හිතන්න ඒ දැනෙන වේදනාව වගේ 4 ගුණයක වේදනාවක්. සල්ෆියුරික් අම්ලය මියුකස් සහිත ලිංගේන්ද්‍රයේ කෙළවර හරහා උරා ගන්නවා තරම්ම වේගෙන් භූමිතෙල් ගැරඬියා තුළට ඇතුළු වෙනවා. නමුත් ස්නායු සංවේදනය 4 ගුණයක් වැඩියි. අන්න ඒ වේදනාව තමයි උට මුළු ඇඟ පුරාම දැනෙන්නෙ.
මිනිස්සු වන අපේ ස්නායු පද්ධතිය දැඩි වේදනාවකදී හිරි වැටෙනවා. හැබැයි ගැරඬියාට එහෙම නැතිව දිගටම වේදනාව දැනෙනවා. අපි වේදනාවකදී කෑ ගහනවා. ඒ සඳහා මොළය ක්‍රියාත්මක වෙනකොට වේදනාව යම් තරමකට අඩු වෙනවා. මේ කිසිම පිහිටක් ගැරඬියාට නැහැ.
තව දෙයක්, ගැරඬියා පොළොවේ කම්පන තේරුම් ගන්න යොදා ගන්න පද්ධතිය අපිට කරන්ට් වැදුණාම වගේ සම්පූර්ණයෙන්ම විකෘති සංඥා නිකුත් කරන්න ගන්නවා. දඟල දඟල ඇඹරෙන්නෙ අමාරුවට විතරක් නෙවෙයි, මාංශ පේශි පාලනය ගිලිහෙන නිසා. භූමිතෙල්වලින් උගේ ස්නායුවල රසායනික විකෘති වෙලා කරන්ට් වැදුණා වගේම ගැහෙන්න ගන්න නිසා.
අදහන ආගම මොක වුණත්, නිරාගමික වුණත් කවදාවත් මේ පව්කාර, කාලකන්නි වැඩේ කරන්න එපා. ඇත්තටම ගැරඬියාව දෙපැත්තෙන් අල්ලා බ්ලේඩ්වලින් කපලා පිච්චුවත් ස්නායු පිහිටන විදිහ නිසා ඒ තරම් වේදනාවක් උට දැනෙන්නෙ නැහැ. සර්පයන් මරන්න කියල මම කවදාවත් කියන් නෑ.
සර්පයින් පිළිබඳ ඇති නොදැනුවත්කම , මිනිස් බලපෑම් , නාගරීකරණය , වරදවා හදුනා ගැනීම් වැනි බොහෝමයක් හේතු නිසා බහුතරයක් සර්ප විශේෂ වඳවී යාමේ අවධානමට ලක් වී හමාරයි. ඒ නිසා ඔබත් හැකි අයුරින් අපේ සර්පයින් සුරැකීමට දායක වන්න.
මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.
Original Post Click Here
