වතුර කේස් එකට වඩා ඌ එතනින් කෝපි බොනබව පෙන්නන්න දාපු වැයමක් වගේ මටනම් පේන්නෙ.
යෙස්වතුර කේස් එකට වඩා ඌ එතනින් කෝපි බොනබව පෙන්නන්න දාපු වැයමක් වගේ මටනම් පේන්නෙ.
ha ha, true
anemanda kanna yanawa,,wathura ekak hambune nathi gaman awith facebook eke walalenawa...
wathura ekak gattha nam iwarai ithin...
mamath kamathi restaurants and cafe one huttaka manussayek kanna deyak gattha nam unta wathura tikak dena ekata nammaha loku cost ekak yanne nane,,business ekama aramuna karagena thamai owa wenne,,ekane wade...
Mona godey huththige puthala tikakada ban mey? Samahara places normal water denawa nathan bottles ganna ona.ඊයේ මම මගේ තව යාළුවෙක් එක්ක Barista ගාන්ධාර එකට ගියා. ගිහින් මම පුරුදු විදිහට ඕඩර් එක කිව්වා ස්මෝක් චිකන් සැන්විච් එකක් එක්ක කෝපි එකක් මම අරගත්තා. යාලුවත් එයා කැමති සැන්විච් එකත් එක්ක කෝපි එකක් ගත්තා. "මචං වෝටර් ග්ලාස් දෙකකුත් එක්ක අපිට ඕඩර් එක අරන් එන්න. අපි උඩට යනවා " කියලා බිල ගෙවල අපි උඩට යන්න හැරුනා සර් වතුර නම් ග්ලාස් දෙන්නේ නෑ බෝතලයක් ගන්න ඕනි. කියලා කැශියර් එකේ හිටපු එක්කෙනා කිව්වා. ඒක ඇහුන ගමන් අපි බැලුවා මේ මොකක්ද මේ අලුත් කතාව කියලා. වතුර වීදුරුව අමතක කරලා අපි අපේ තැනට ගියා. ඊට පස්සෙ ටික වෙලාවකින් සැන්විච් එකත් කලා හිටපු මට වතුර වුවමනාව තදටම දැනුනා. ඒ නිසා මම ඒ ළගින් ගිය කැෆේ එකේ සව් කරපු එකෙනෙක්ට මම කතා කරලා කිව්වා මචං වතුර බෝතලයක් ගෙනත් දෙන්න කියලා. මෙන්න මේ යකා කියපි සර් වතුර ගන්නවා නම් පහලට ගිහින් ගෙවලා අරන් එන්න කියලා. මේ පාර නම් මට ටිකක් මල පැන්නා. මම පහලට ගිහින් කැශියර් එකෙන් වතුර බෝතලෙත් අරගෙන මේ වතුර ප්‍රශ්නෙ ගැන අහුවා. "සර් අපි රෙස්ටුරන්ට් එකක් නෙවෙයි කැෆේ එකක්. අපි වතුර දෙන්නෙ නෑ. ඕනිනම් බෝතල් ගන්න ඕනි. නැත්නම් වතුර ලැබෙන්නෙ නෑ." අනාදිමත් කාලෙක ඉඳලා බැරිස්ටා එක අපෙ කැමතිම කෝපි කඩ වලින් එකක් වෙච්ච නිසා, මේ කතාව අපිව ඩිසපොයින්ට් කලා. වතුර කෝප්පයක් නොදි වතුර බෝතලයක් විකුණගන්න තැනට බැරිස්ටා එක වැටුන එක ගැන ඇත්තටම දුක හිතුනා. තමන්ගේ ඉන්ටර්නල් මැකනිසම් හරියට හදාගන්න බැරිකම නිසා, සහ පොඩි ලාබයක් නිසා, කෝපි එකක් බොන මිනිහෙක්ගෙ ආතල් කුඩු කරන ලංකාවේ ලොකුම කැෆේ චේන් එක ගැන ලොකු අප්‍රසාදයක් දැනුනා. කෝපි එකක් එක්ක ලැබෙන වතුර වීදුරුවක් කියන්නෙ කිසිම කොස්ට් එකක් නැති සත්කාරයක්. කන කෑම එකක් එක්ක ලැබෙන වතුර වීදුරුවක් කියන්නේ කෑම එක එක්ක ලැබෙන ආදරයේ කොටසක්. කෝපි එකක් හදන බැරිස්ටා කෙනෙක් කරන්නෙ බිස්නස් එකකට එහා ගිය සත්කාරයක්. බෙදාගැනීමක්. දැන් ඒක ටිකෙන් ටික බැරිස්ටා එකට අමතක වීම කණගාටුවට කාරණාවක්.
Update 2.00PM
මේ Post එක ගැන Mahasen Kalahe ගෙන් සහ තවත් අයගෙන් දැනගත්ත Barista Sri Lanka CEO Dilupa Pathirana මට කතා කලා. මෙහෙම තීරණයක් Barista මැනේජ්මන්ට් එක අරගෙන නැහැ කියල කිව්වා. නොදන්නා කෙනෙක් නිසා වෙච්ච වරද කණගාටුවෙන බව කිව්වා. මම හිතනවා මේ වරද නිවැරදි වෙයි කියල. මොකද බැරිස්ටා කියන්නෙ ලංකාව කාලයක් පුරා තියන මම දන්න හොඳම කැෆේ බ්‍රෑඩ් එකක් නිසා#barista #BaristaSriLanka #coffeeshop #cofee #badreview #reviews #gandhara #barisagandhara
--https://www.facebook.com/kalanag.kalan/posts/6189065891150180
self service nam, self service,ගෙදරකට ගිහින් වතුර එකක් ඉල්ලන එකයි නමගිය රෙස්ටුරන්ට් එකකට ගිහින් වතුර ඉල්ල්ලන් බොන එකයි වෙනස් මචන්. එස්ටුරන්ට් එකක හැමදේම ප්‍රොෆිට් එක රුපියලකින් හරි වැඩි කරගන්න තමයි රූල්ස් හැදිල තියෙන්නෙ. සමහර වෙලාවට ඔඩර් කරද්දි චීස් ඔ විතවුට් චීස් ද කියල අහනවා ෆාස්ට් ෆුඩ් වල. පීසා උනත් ඇඩ් චීස් එක්ස්ට්‍රා කන්ඩ්මන්ට් වලට චාර්ච් කරනවා. අනික වතුර බොට්ල් එකක් තම්යි ට්‍රේ එකේ තියල දෙන්නෙ ග්ලාස් එකක් නෙමෙයි. හැබැයි පහලට ගිහින් අරන් එන්න කියපු එකනම් වැරදි තමයි.
Hapoi..kollawa meka ayin karala neda?