සර් කැමති කෙනෙක් තෝර ගන්න

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    සර් කැමති කෙනෙක් තෝර ගන්න

    beautiful-man-spa-hands-massaging-4828553.jpg

    සර් කැමති කෙනෙක් තෝර ගන්න.. දාහේ නෝට්ටුව දික් කල සැනින් ලාච්චුව තුලට ඔබා ග‍ත් අයකැමිගේ පුරුදු වචන පෙළ අසුනු මා වට පිට බැලුවේ හැමදාම දකින කුකුලාගේ කරමලේ වගේ හැමදාම වගේ පැයක් මා සමග හුරතල් වී ටිප් එකක් සාක්කුවේ දමා ගන්නා ශානිකා ගැන අල්ප වූ අප්පිරියාවෙනි.එක පෙලට තැබූ පුටු පෙලේ වාඩි වී ටීවී තිරය දෙස ඇස යොමා සිටියද ඔවුන්ගේ කන් මා පිට කරන වචන දෙස යොමා ඇති බව මම ඉවෙන් මෙන් දැන සිටියෙමි.
    වාසනාවකි අද ශානිකා ඒ අතර නැත.එය වෙන එකියක් සමග මා ලද පැය ගෙවා දැමීමට මා බලා සිටි දෙය ඉෂ්ට වීමකි.මෙය ඇයගේ හමු වීමයි.හැමදාම දකින කෙල්ලන් අතර අද අමුතු නුපුරුදු රුවක් පෙනුනේ ඇය අනෙකුන්ට වඩා වයසින් අඩු නිසාදෝ මට පසුව සිතුනි.
    මට අරයව දෙන්න... දෙවරක් නොසිතා මාගේ ආශාවන් සපුරාලීමට මම ඇයව තෝරා ගතිමි.
    සර් එන්න... මා රැගෙන ඇය දික් වූ කොරිඩෝව දිගේ පිය මැන්නේ අප දෙදෙන තනිවන කාමරය දෙසටය.
    සර් වොෂ් එකක් දාගන්න, සර් ගන්නේ ක්‍රීම් ද ඔයිල්ද...
    මට ක්‍රීම් ගෙන්න...
    එසේ කියූ මා ඇදුම් උනා තබා නාන කාමරයට වැදී කාරාමයෙන් විසිරෙන වතුරේ මදක් සැගවී සිටියෙමි.මෙහි ගෙවන හැම විනඩියකම වැදගත් කම පළපුරුද්දෙන්ම දන්නා නිසා ඉක්මනින් වතුර පිසදමා තුවාය හැද යලි කාමරය තුලට ගියෙමි.
    ඇය මා එනතුරු බොඩි ලෝෂන් බෝතලය අතේ තබා ගෙන බලා සිටියේය.

    ඇය ශානිකා තරම් සුදු නැත එහෙත් ශානිකාට වඩා ඇය හුරුබුහුටිය.එය ඇය මාගේ තේරීමක් වීමට හේතු වන්නට ඇත.

    සර් බෙඩ් එකට යන්න...

    ලෙදර් රෙද්දක් දැමු ඇද මත මා මුනින් අතට ඇලවූයේ මෙතැන් පටන් මාගේ සියලු අවයවයන්ගේ වගකීම ඇයට බාර කරමිනි.
    ඇයගේ අත් තුඩු වල ගෑවු ක්‍රීම් මාගේ දෙකකුල් පුරා සෙමින් පිරිමදින විට ශානිකාගේ අත් වලට වඩා ඇයගේ අත් සුමුදු බව මට දැනුනි.ටිකෙන් ටික ඇයගේ සුමුදු අත් මාගේ සිරුර පුරා දිවෙන්නට විය.

    සර් අනිත් පැත්ත හැරෙන්න...

    ඇයගේ සම්බහනයේ අවසාන අදියරට ඇය පැමිණ ඇත.මා දැන් ඈ දෙසට හැරී සිටින නිසා මට දැන් ඇයගේ සිරුර වටා ඇස් යවා බැලුවෙමි.බැලු බැල්මට ඇය කොළඹ හතේ කෙල්ලක් බව පෙනේ.අග කැරලි ගැසුණු තබ පැහැ දැමු කෙස් වැටිය ඇයගේ ලැම වටා පැද්දෙන විට ඇයගේ ඇගිලි තුඩු මා සිරුර සිහින්ව කිති කවයි.වෙන කෙල්ලන් මෙන් නොව ඇය වැඩිය මා හා කතා නොකලේ ඇය අලුත් නිසා යැයි මට හැගේ.එහෙත් ඇය හා කතා කිරීමට මට උවමනාවක් තිබු නිසා ම මම මද සිනාවක් පා,

    ඔයාගේ නම මොකක්ද ??
    නිෂි
    ආ ලස්සන නමක් නේ .. කවුද දැම්මේ..
    අම්මා..
    ඉතින් කියන්නකෝ ඔයාගේ ගෙවල් කොහෙද??
    ඇය මද වෙලාවක් මා දෙස බලා සිටියේ උත්තරයක් හදාගැනීමට වෙන්න ඇති.ඇයගේ පිරි මැදිමද අඩු වෙන බවක් මට දැනුනු නිසා.ඇය නැවත මා වෙත ගැනීමට.

    හරි හරි කියන්න බැරි නම් එපා..

    ඔයාගේ නම සුනෙත් නේද??

    ඇයගේ ඒ හඩට මා කරකවා අත හැරියෙකු සේ දැනෙන්නට විය.මගේ නම එයා දන්නේ කොහොමද?

    ඔයා කොහොමද දන්නේ??...

    ඔයාට මාව මතක නැතිව ඇති එහෙනම්…

    මාගේ සිත සතර අතේ දුවන්නට විය මේ කවුද?? මේ මගේ කෙල්ලගේ යාලුවෙක්ද එසේනම් මා අද සිට මාගේ පුරාතන ප්‍රේමය හමාර කිරීමට සුදානම් විය යුතුය.

    ඔයා දෙල්ගොඩ නේද ?

    ඇයගේ ප්‍රශ්න හමුවේ මා තවත් අසරණ විය.ඇය මාගේ ගමත් දනී.

    ඔයාට මතකද නිසංසලාව ..

    නිසංසලා... ඇය අප කුඩා කාලයේ එකට සෙල්ලම් කල පොඩි කෙල්ලද මේ....

    මම ඇයගේ ඇස් දෙක දිහා බලා සිටිද්දී අපේ අතීතයට ඇවිද ගියෙමි.

    ඇය සෙල්ලම් ගෙදර අම්මා මම තත්තා,වට පිට කොල්ලන් එක්ව වැලි කෙලියේ සෙල්ලම් කරද්දී කොල්ලන් හා කරට කර දුව පැනපු එකම කෙල්ල නිසංසලා අද??

    මගේ සිතට ලැජ්ජාවක් දැනේ,එසේම ඇයද අපහසුවෙන් සිටින බවක් දැනේ.ටික වෙලාවක් අප අතර තිබු නිෂ්ශබ්දය බිදිමින් ඇය කතා කරන්නට විය.

    මම දවස් ගානක් දැක්කා ඔයා මෙතන්ට එනවා ඒ හැම දවසෙම මම ඔයාව මග ඇරියා..ඒත් අද මම ඔයා එනවා දැක්කේ නෑ නැත්නම් කවදාවත් මෙහෙම එන්නේ නෑ.

    මම පහත් වී තිබු තුවාය හැද ඇදෙහි වාඩි වූ නෙමි.

    සොරි නිසංසලා..

    ඔයා මොකටද සොරි කියන්නේ මම නේ වරද කලේ නැත්නම් ඔයා ශානිකා අක්කත් එක්ක මෙලහකට...

    අනේ අනේ මේ..

    මම ඇයගේ වචන වලට හරස් වුනෙමි. ඇය රුපෙන් වෙනස් වුනද වචන වලින් පෙර සිටි නිසංසලාමයි.

    ඉතින් කියන්නකෝ ඔයාලා කොහෙද එක පාරටම ගම අත ඇරල ගියේ....

    මේ ප්‍රශ්නයේ සුල මුල සෙවීමේ අරමුනෙන් මම ඇයගෙන් ඇසුවෙමි

    නිසංසලාගේ කතාව ඉදිරියට.... to be continued

    ඉතුරු ටික 7 වෙනි පිටුවේ නැත්නම්

     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :cool:
    ආරම්භය නම් හොදයි ,,,
    හැබැයි අනික් එවුන් වගේ දවස් දෙකතුන කතාව update නොකරහිටියොත් නම්
    දමලා ගහලා නිකං ඉන්නවා..
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :cool:
    ආරම්භය නම් හොදයි ,,,
    හැබැයි අනික් එවුන් වගේ දවස් දෙකතුන කතාව update නොකරහිටියොත් නම්
    දමලා ගහලා නිකං ඉන්නවා..
    :yes:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    :cool:
    ආරම්භය නම් හොදයි ,,,
    හැබැයි අනික් එවුන් වගේ දවස් දෙකතුන කතාව update නොකරහිටියොත් නම්
    දමලා ගහලා නිකං ඉන්නවා..

    :D:D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ආරම්භය නම් හොදයි ,,,
    හැබැයි අනික් එවුන් වගේ දවස් දෙකතුන කතාව update නොකරහිටියොත් නම් - රෙප් දෙනව දිනපතා...
    :rofl: