සල්ලිකාරයන් වැදගතුන් පය ගැසූ කාගිල්ස් කණ

DonnieBrasco

Member
May 7, 2012
480
135
0
Austria
සල්ලිකාරයන් වැදගතුන් පය ගැසූ කාගිල්ස් කණ

සල්ලිකාරයන් වැදගතුන් පය ගැසූ කාගිල්ස් කණපිට හැරෙව්වේ මං

• පහුගිය කාලය පුරාම ඔබ පිළිබඳ කිසිදු පුවතක් දුටුවේ නැති තරම්...

මං මේ මීඩියා එකට කතා කරන්නේ අවුරුදු පහකට පස්සේ. ඉස්සරට වැඩිය දැන් වැඩ වැඩියි.

• ඒ කියන්නේ ලාභය ගැන හිතලා හුඟක් වැඩ කරනවා.

නැහැ. ඉස්සරට වඩා මම දැන් රටට වැඩක් කරනවා. ගොවි මහත්තුරු 10,000 ක් එක්ක ඍජුව කරන ගනුදෙනුවේ ලාභය ගමටයි. ෆුඩ්සිටි සේවකයෝ 8000 ක්. තවත් වක්‍රාකාරව යැපෙන හුඟ දෙනෙක්. මේ හැමෝගෙම ජීවිත ගැන මට වගකීමක් තියෙනවා.

• හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නෙ කාගිල්ස් අයිතිකාර පේජ් පවුල සුද්දො කියලා...

ඒක වැරැදියි. පේජ්ලා යාපනේ උපන් ශ්‍රී ලාංකිකයෝ. ‘පේජ්’ කියන්නේ මගේ තාත්තගේ සීයා, ක්‍රිස්තියානු ආගම වැලඳගත් විට ලැබුණු නම.

• කාගිල්ස් අයිතිය තිබුණෙ සුද්දන්ට...

1948 න් පස්සෙ කාගිල්ස් අයිති වුණේ ශ්‍රී ලාංකිකයන්ට. එතකොටත් තාත්තා කාගිල්ස් සිලෝන් තියටර්ස් සමාගමේ චාටඩ් එකවුන්ටන්ට්.

එතැන වැඩ කරන ගමන් තමයි ටික ටික ‘පංගු’ ගත්තේ. තාත්තා කාගිල්ස් සමාගම හිමිකරගත් හතරවැනි ශ්‍රී ලාංකිකයා.

• කාගිල්ස් රටම ඇල්ලුවේ සුපර්මාකට් සංකල්ප‍ෙයන්. ඒ, සුද්දා දීපු දේට වෙනස් මොඩලයක් එකතු කරලා.

සල්ලිකාර වැදගතුන් විතරක් ගොඩවෙච්චි කාගිල්ස් සාප්පුව, රටේ ඕනෑම කෙ‍නකුට එන්න පුළුවන් තැනක් කළා. ඒක අහම්බයක්.

• අහම්බයක් වුණත් ඒ පිටුපස්ස දේශපාලකයෙක් හිටියා කියල නම් අහලා තියෙනවා...

හුඟක් අය බැන්නට, දේශපාලකයෝ ඉඳහිට හොඳ වැඩත් කරනවා.

• මොකක්ද ඒ කතාව...

කොම්පඤ්ඤ වීදියේ කාගිල්ස් සාප්පුව සුපර්මාකට් එකක් කළාම එළවළු පලතුරු ඕනැ වුණා. මං තව දෙන‍්නෙකුත් එක්ක හැමදාම පිටකොටු ගියා. මාළු මාකට් ගියා. පොඩි ප්‍රමාණවල් අරගෙන ආවා. එහෙම ඉඳිද්දියි මට එක් දේශපාලකයෙක් යෝජනාවක් ගෙනාවේ හඟුරන්කෙත අපේ ගමෙන් එළවළු ගන්න කියලා.

මුකුත්ම නොදැන මං ඒ ගමට ගියා. ගොවීන් මුණ ගැහුණා. මිනිස්සුන්ගේ අමාරුකම් දැක්කා. මුල් කාලෙ පාඩුයි. එන්න එන්න ලාභ ලැබුවා. රිස්ක් එකක් අරන් කරපු ඒ වැඩේ තමයි මගේ ටර්නින් පොයින්ට් එක වුණේ.

• ඔබ කියන්නේ උපතින් ම සල්ලිකාරයන්ගේ ජීවිතවලත් එහෙම හැරවුම් ලක්ෂ තියෙනවා කියලද...

ඒ 1999 අවුරුද්ද. මං කාගිල්ස් එකෙන් ඉවත් වෙන්න හදපු කාලේ. සිනමාව පැත්තෙන් බිස්නස් එකක් කරන්න හිතාගෙනයි අයින්වෙන්න හිතුවේ. හැබැයි අර දේශපාලකතුමාගේ යෝජනාවෙන් කාගිල්ස් සමාගම, මේ රටේ හැමෝගෙම තැනක් කරන්නට හැකි වුණා.

• ගොවීන්ට හොඳට ගෙවනවා කියලද ඔබ කියන්නේ....

ඒක දකින්න ගමට යන්න ඕනැ. අපේ එළවළු, පලතුරු, කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවල ගොවීන් බලා ඉන්නවා. ඔවුන්ගේ අස්වැන්න අපට දෙන්න.

• ලංකාවට සුපර්මාකට් හඳුන්වලා දෙන්න ඔබ කොපි කළේ ලෝකෙ මොන කාගිල්ස් එකද...

ලෝකෙ තවත් කාගිල්ස් සාප්පු නැහැ. තියෙන්නේ ඇමරිකාවේ සුවිසල් cargill කොම්පැනිය විතරයි. ඒ නිසා මේක කොපියක් නෙවෙයි. අවුරුදු 3කට කලින් ඒ කාගිල් එකේ CEOත් පේජ් කෙනෙක්. එයා රොබට් පේජ්. මමත් ආර්. පේජ්. මගේ අනෙක් නම වැලන්ටයින්. උපන්නෙත් වැලන්ටයින් දවසෙ.

• බිස්නස් එක දියුණු කරන්න ඔබ අනුගමනය කළ බිස්නස් මොඩ්ල් එක මොකක්ද?

බිස්නස් මොඩ්ල්, බිස්නස් පර්සනලිටි ෆෝ ලීඩර්ෂිප් ඉගෙන ගන්න මං ලෝකෙ වටේ ගියේ නැහැ. නවලෝක මුදලාලි, දාස මුදලාලි, ඥානම් මුදලාලි වගේ උදාහරණ ඕනෑ තරම් මේ රටේ තියෙනවා.

• ආදරයයි බිස්නස් එකයි පටලවා ගත් අයට මොකද වෙන්නේද...

බිස්නස් එක කරන වෙලාවට සම්පූර්ණ අවධානය දෙන්න ඕනේ ඒකට විතරයි.

• දරුවන්ට බිස්නස් එක බාර දෙන්න වයසක් තියෙනවද....

ඒක කවදාවත් වෙන්නෙ නැහැ. මගේ දුව රායා බිස්නස් ගැන කිසිම උනන්දුවක් නැහැ. එයා පිටරට සමාජ විද්‍යා ඩිග්‍රියක් කරනවා. පුතා රන්ධීර් ඉන්නෙත් පිටරට. එයා එහේ බිස්නස් ඩිග්‍රියක් කරනවා.

කාගිල්ස් කියන්නේ දැන් ෂෙයාර් හෝල්ඩ‍ර්ස්ලා ඉන්න, පබ්ලික් ආයතනයක්. මං, එයාලා පත් කළ නියෝජ්‍ය සභාපතිවරයා පමණයි. තවදුරටත් කාගිල්ස් පවුලේ බූදලයක් නෙවෙයි. ඒ නිසා තාත්තා යනකොට පුතා ගේනවා කියලා එකක් කාගිල්ස් එකේ නැහැ.

• එතකොට අවුරුදු 170 ක් පැරැණි සමාගමක අනාගතය කුමක් වෙයිද...

තාත්තගෙන් ගන්නවට වඩා වෙනස් විදිහේ කාගිල්ස් එකක් අපි හැදුවා. ඉදිරියේදී ඊටත් වඩා වෙනස්කම් එක්ක රටේ ආයතනයක් ලෙස එය පවතීවි.

• පේජ්ලා එක ‘ලෙවල්’ එකක මිනිස්සු. ගොවි බිමකදි ඔබේ දෙපයේ මඩ තැවරිලා තියෙනවද...

මම කුඹුරෙ කමතෙ ඉඳන් ඇඹුලත් කාලා තියෙනවා. ගොවීන් තමයි මගේ ශක්තිය. මේ ලබන මුදල් ආපහු ගමට යන්න ඕනෑ.

• මේ තරම් ව්‍යාපාරික ඥානය තියෙන එකේ පිටරට ව්‍යාපාරයකට අත ගහලා නැද්ද...

එක කාලයක් මං ට්‍රයි කළා ඉන්දියාවේ බිස්නස් එකක් පටන් ගන්න. රටේ සල්ලි වෙන රටවලට යවන්න එපා කියන එක මගේ තාත්තගේ ප්‍රතිපත්තිය.

• හැබැයි සුවිස් බැංකුවෙ නම් ඔබේ සල්ලි ඇති...

එහෙම බැංකු ගිණුමක් මට හරි වයිෆ්ට හරි දරුවන්ට හරි තියෙනවා කියලා හෝ පිටරටවල වෙන ගෙවල් තියෙනවා කියලා හෝ කවුරු හරි ඔප්පු කළොත් මං කාගිල්ස් එක එයාට දෙනවා.

• ඒ කියන්නේ ඔබ හදවතින් ම ශ්‍රී ලාංකිකයි...

මගේ අම්මා තාත්තා දෙන්නම යාපනේ. තාත්තා ඉගෙන ගත්තේ කොළඹ ආනන්දයේ. මං මරදාන ශාන්ත ජෝශප්, ඇක්වයිනාස් ඇතුළු ඉස්කෝල කිහිපයකම. ඇසුරු කළේ ජාතිය කුමක් වුණත්, එකම ලේ ඇති මිනිස්සු. මං හැදුණේ මේ රටෙන්. ඉතින් මං මේ රටට ණයයි. ඒ ණය පියවන්නයි, ගමට වැඩක් කරන්නේ.

• ඩිග්‍රි දෙක තුනක් කරලවත් ගන්න බැරි ඔබේ මේ ව්‍යාපාරික දැනුමෙ හොඳම අවස්ථාව මොකක් කියලද හිතන්නේ...

ලංකාවේ වැහෙන්න ගිය ආහාර නිෂ්පාදන ආයතන කිහිපයක්ම අපි මිලදී ගත්තා. ඒ එක අයිස්ක්‍රීම් එකක් ගැන කතාකරද්දියි, අඹ ටිකක් දැම්මොත් මොකද... කියන අදහස ආවේ. ඒකෙන් තමයි මැජික් අයිස්ක්‍රීම් හැදුණෙ.

මේ හැමදේම ප්‍රායෝගිකව ලබපු දැනුම මිසක් උපාධි ගහලා ලබපු දැනුමක් නෙවෙයි.

• සුපර්මාර්කට් මට්ටමේ අලුත් ව්‍යාපාර සංකල්පයක් රජය ඔබෙන් ඉල්ලුවොත්...

මේ රටේ පිටි කිරිවලටම අවුරුද්දකට ඩොලර් බිලියන තුන් හාරසීයක් යනවා. මේ මුදලින් හතරෙන් එකක් ගමට යවන ව්‍යාපෘතියක් කරන්න පුළුවන්. මං එවැනි දේකට උදව් කරන්න කැමැතියි. ඒ හැරෙන්න දේශපාලනයට මං කැමැති නැහැ.

• ඒත් ඉහළ මට්ටමේ එළවුළු පලතුරු වලට නේද ඉල්ලුම වැඩි...

ඒක මන් දන්නෑ. ගමේ එළවුළු, පලතුරු, කරවල, මාළු තමයි මං වැඩිපුර විකුණන්නේ. බෙල්පෙපර්, අරවා මේවා මං එච්චර කැමැති නැහැ.

• සල්ලිකාර සැමියෙක් විදියට ඔබ බිරියට විශ්වාසනීයයි කියල හිතනවද...

රෝෂනාරා මගේ වයිෆ්. මට මුණගැහුණෙ ඇක්වයිනාස් එකේදි. අපි යාළු වුණා. 'මං උතුරේ. ඔයා දකුණෙ. අපි දෙන්නා එකතුවෙලා රටේ මේ ප්‍රශ්න ටික විසඳමු'. ඉස්සර මං එහෙම කිව්වම එයා හිනාවුණා. ඒත් අවසානයේ ඇත්තටම පුළුවන් තරමට අපි එහෙම කළා.

• බොහෝ සල්ලිකාර බිරියන් ගෙවල්වල මල් පෝච්චි වගේ. ලස්සන විතරයි...

ම‍ගේ වයිෆ් වෙනස්. 1983 ස්ටේපල් වීදියේ පළමු කාගිල්ස් සුපර්මාර්කට් එක අරිද්දී එයා රාක්කවල එළවුළු ඇසිරුවා. කස්ටමර්ලගෙන් බැණුම් ඇහුවා. කැෂියර් වුණෙත් එයා. මගේ ඕනෑම අමාරු කාලයකදි ළගින් හිටියා.

• විශ්වවිද්‍යාලයට යන්න තිබුණා නම් කියල හිතුණේ නැද්ද...

කවදාවත් නැහැ. විශ්වවිද්‍යාලේ ගියා නම් මට වයිෆ්ව මුණගැහෙන්නෑ. හැබැයි මං අද ඇමෙරිකානු විශ්වවිද්‍යාලවලත් දේශන කරනවා. ලෝක බැංකුවෙත් සමුළුවලට යනවා. ඒ අය මගෙන් ඉගෙනගන්නවා.

• ආදරය සහ බලය අතරින් එකක් තෝරාගන්න කිව්වොත්...

මං ආදරය ‍තෝරාගන්නවා.

• ඇයි ඒ...

මං බොහොම ආදරණීය පුද්ගලයෙක්. මිනිස්සු ගැන මට මහා ආදරයක් තියෙනවා. බිස්නස් එක දෝලනය වෙන්නේ ජීවිත එක්ක. ගමත් එක්ක.

• සංකල්ප විතරක් තිබිලා, මුදල් නොතිබුණා නම් ඔය කියන සංකල්ප වැඩක් වෙයිද...

ඒකට හොඳම උදාහරණය මගේ ජීවිතයයි. මං රස්සාවක් හොයාගෙන යද්දි කවුරුත් මට ඒ කාලෙ රස්සාවක් දුන්නෑ. තාත්තගේ නම අහපුවම ඒ අය හිතුවෙම මං දෙන රස්සාව දාලා යයි කියලා. ඒ නිසා පළවැනියට ලැබුණු රස්සාව මං කළා. මට ඕන වුණේ වෙනසක්.

• මොකක්ද ඒ රස්සාව...

කටුනායක එයාර්පෝට් එකේ ‘වෙල්කම්’ බෝඩ් අල්ලගෙන ඉන්නයි, ඒ ගෙස්ට්ස්ලාගේ බඩු බෑග් උස්සාගෙන යන එකයි. ඒ රස්සාව. පඩිය රුපියල් 300යි. හැබැයි ටිප්ස් හම්බ වුණා. 1978 ඒක ලොකු ගණනක්. මගේ ආන්ටිලා, අක්කලා මට බැන්නා. හිනාවුණා. ඊට පස්සෙ මං ‘කෝනල් ඇන්ඩ් කම්පනි’ එකේ සේල්ස්මන් කෙනෙක් වුණා.

මං කාගිල්ස් එකේ රස්සාව බාරගත්තේ 1982 අවුරුද්දේ කාගිල්ස් කණපිට හරවන වැඩේ පටන්ගත්තේ 83 දි.

මිනිහෙකුට දියුණුවෙන්න ඕනෙනම් හිතන විදිය වෙනස් කරන්න.

• බිස්නස් එක ජීවිතය කරගත් කෙනකුට ගෙදර ජීවිතයක් තියෙනවද...

මොකද නැත්තේ. ජීවිතයේ හැම දවසක්ම අරඹන්නේ ගෙදරින්. උදේ නැඟිටලා මායි වයිෆුයි ඇ‍ඳේ ඉඳගෙනම ප්‍රෙයාස් කියනවා. ඒ අපි ආදරය කරන හැමෝම වෙනුවෙන්.

එයා උයලා දෙන දේ කනවා. ගෙදර බඩුමුට්ටු එහා මෙහා කරන්න උදව් ඉල්ලුවොත් ඒකත් කරනවා. අතුපතුගානවා. එන්න කිව්වොත් එනවා. යන්න කිව්වොත් යනවා. එතකොට එයත් සතුටුයි. මාත් සතුටුයි.

• ඒත් ඔබ අතට පයට වැඩකාරයෝ පිරිවරාගෙන ඉන්න පුළුවන් කෙනෙක්...

ඇයි මං වැඩ කළොත් මගේ මුකුත් අඩු වෙනවද... අනෙක අපිට වැඩ කරන අය සර්වන්ට්ස්ලා නෙවෙයි. හෙල්පර්ස්ලා. වෙලාවකට අපිත් ඒ අයට හෙල්පර්ස්ල වෙනවා.

• දැන් ඔබේ වයස කීයද...

56යි. ඒත් ඒවා අංක විතරයි. හිතින් තවම මං තරුණයෙක්.

• ෆැෂන් කරන්න කැමැති ද...

වයිෆ් තෝරලා දෙන එක තමයි ෆැෂන්. එයාට හොඳට ඒ දේ පුළුවන්. මං හුඟක් කැමැති කැෂුවල් අඳින්න.

• ‘කාගිල්ස්’ වෙනුවෙන් වැඩ කරන්නේ පේජ් දරුවන්ගෙන් ඔබ විතරද...

ඇල්බට් පේජ් මගේ තාත්තට ළමයි 8ක්. මම හත්වැනියා. හුඟදෙනෙක් පිටරට. ඒත් සභාපති සහ අධ්‍යක්ෂවරු ලෙස ඉන්නවා. මගේ අම්මා ගැන නම් කියන්නම ඕනේ. එයා ඉන්නෙ තනියම. වයස 91ක්. තවම එයා රහට උයනවා. හිතුණම මං එයාට කියලා කෑම හදාගෙන කනවා. කරවල, පොල්සම්බෝල, පරිප්පු, මාළු, කිරිහොදි මං ආසම දේවල්.

• තාත්තගෙන් පුතාට නොයන කාගිල්ස් එක දවසක පිටස්තරයන්ට අයිති වු‍ෙණාත්...

කිසිම දුකක් නැහැ. හැබැයි කවදාවත් පිටරට සමාගමකට නම් දෙන්නෑ. පබ්ලික් ආයතනයක් ලෙස තව පරම්පරා ගාණක් එය තිබේවි.

• චිත්‍රපට එහෙම බලන්න වෙලාවක් තියෙනවද...

‘හිතුවොත් හිතුවමයි’ මං අන්තිමට බැලුව චිත්‍රපටය. විජය, ටෝනි, මාලනී, ශ්‍රියානි මං කැමැතිම ආර්ටිස්ට්ලා.

• කැමැතිම ගීතය...

ලෝකෙ ජීවත්වන්නට ෆුඩ් සිටියක් ඕනෑවේ. ඒක මමම හදාගත්තු සින්දුවක්.

ඉස්සුවේ බුකියෙන් ..
 
polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දවසෙන් දෙකෙන් කෝටිපතියෝ වෙන්න ඇඳ උඩ ඉඳන් ප්ලෑන් ගහන අපේ තරුණ පරම්පරාවට ඉගෙනගන්න යමක් තියන ලිපියක්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa

    ඇයි බන් උබ දන්නේ නැද්ද. ඕකේ ඉන්ටර්විව් ගියාම කොල්ලන්ව වැඩිය ගන්නේ නෑ ගත්තත් කලාතුරකින්. ගම් වල ඉදන් ලස්සන කෙල්ලෙක් අවොත් අද්යාපන සුදුසුකම් බලන්නෙත් නෑ. එයාලා කැමති ශාකාවකට තමයි දාන්නේ. ඉතින් කෙල්ලො අනාතවෙන එක අහන්න දෙයක්ද. ලස්සන කෙල්ලෙක් අවොත් සාමන්ය පෙලවත් බලන්නේ නෑ. ලොක්කො නම් වෙන වෙන එවා බලනවා ඇති. පව් බන් මම ඔයගැන හොදටම දන්න නිසා කියන්නේ :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    කාගිල්ස් එකේ මචං ෆුඩ් සිටී වල ගොඩක්ම කෙල්ලො තමා ඉන්නෙ
    කොල්ලොත් නැතුව නෙවෙයි
    හැම එකටම අධ්‍යාපන සුදුසුකම් බලන්නෙ නැහැ බන්
    අධ්‍යාපන සුදුසුකම් බලන වෘතින් තියෙනවා නැති ඒවා තියෙනවා
    උන් කැමති ඒවාට තමයි බන් දාන්නෙ නැතුව අපි කැමති ඒවාට දානවයි
    වෙකන්සි තියෙන ප්ලේස් වලට දානවා මිසක් ආණ්ඩුවේ ඒවගේ වගේ ඉන්න තැනම පුරවන්නෙ නැහැ බන්
    ගෙවල් ගාව එකට දාලා නොන්ඩි වෙනවට වඩා හොඳයි වෙන තැනක ඉන්න එක
    හැබැයි දැන් ළඟ එවුන් ළඟ ඒවාට දානවා
    ෆුඩ් සිටි එකක කිසිම කෙල්ලෙක්ට අනාත වෙලා කියල නම් අහල නැහැ

    දැන් අර නවලොකෙට ගානෙම ලස්සන කෙල්ලො අනාත වෙනවද
    හැම එකම එහෙම මනින්න බැහැ බන්
     
    Last edited:

    සමහරු දන්නේ නැතිවුනාට කොතනත් එකමදේ වෙන්නේ. ඒක අඩු වැඩි වශයෙන් වෙනවා. එක වෙලාවකට ඔවට කියවලත් වැඩක් නෑ බන්.

    කෙල්ලො කැමැත්තෙන් අල්ලනවනම් අපිට ඇති වැඩකුත් නෑනේ බන්.
    :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සමහරු දන්නේ නැතිවුනාට කොතනත් එකමදේ වෙන්නේ. ඒක අඩු වැඩි වශයෙන් වෙනවා. එක වෙලාවකට ඔවට කියවලත් වැඩක් නෑ බන්.

    කෙල්ලො කැමැත්තෙන් අල්ලනවනම් අපිට ඇති වැඩකුත් නෑනේ බන්.
    :lol:
    එහෙම ඔය කියන තරම් දෙයක් මෙතන වෙන්නෙ නැහැ බන්
    ඔතන ඉන්ටවූ බෝඩ් එකේ ලේඩිස් අයත් ඉන්නවා ඉන්ටවිව් කරන්න එන උන්ව
    එක එක ප්ලේස් වලට දානවා ඇති
    ඕවල වැඩ කරන්න ලොකු දැනුමක් ඕන නැහැ බන්
    කැෂියර් වගේ කරන්න නම් ඉතින් ඕලෙවල් බලනවා ඇති
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඇයි බන් උබ දන්නේ නැද්ද. ඕකේ ඉන්ටර්විව් ගියාම කොල්ලන්ව වැඩිය ගන්නේ නෑ ගත්තත් කලාතුරකින්. ගම් වල ඉදන් ලස්සන කෙල්ලෙක් අවොත් අද්යාපන සුදුසුකම් බලන්නෙත් නෑ. එයාලා කැමති ශාකාවකට තමයි දාන්නේ. ඉතින් කෙල්ලො අනාතවෙන එක අහන්න දෙයක්ද. ලස්සන කෙල්ලෙක් අවොත් සාමන්ය පෙලවත් බලන්නේ නෑ. ලොක්කො නම් වෙන වෙන එවා බලනවා ඇති. පව් බන් මම ඔයගැන හොදටම දන්න නිසා කියන්නේ :(

    Ay ban e kellan karana job eka haallu karanne. uba sallikarayek wenna athi. eth anith un pahathata dala katha karanna epa. anith eka kello me kiyanakota denna bala gena inna kiyana manasikathwayen ain weyan. ubala wage kariyo tamai job walata label gahala unwa chater karanne. mama dakala tiyena cargills kello 95% echcharama lassana kello nemei. godak aya dakkama kiyanna puluwan ahinsaka game kello kiyala. nikan boru mada gahanna epa ban.
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18

    agreed :yes::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඇයි බන් උබ දන්නේ නැද්ද. ඕකේ ඉන්ටර්විව් ගියාම කොල්ලන්ව වැඩිය ගන්නේ නෑ ගත්තත් කලාතුරකින්. ගම් වල ඉදන් ලස්සන කෙල්ලෙක් අවොත් අද්යාපන සුදුසුකම් බලන්නෙත් නෑ. එයාලා කැමති ශාකාවකට තමයි දාන්නේ. ඉතින් කෙල්ලො අනාතවෙන එක අහන්න දෙයක්ද. ලස්සන කෙල්ලෙක් අවොත් සාමන්ය පෙලවත් බලන්නේ නෑ. ලොක්කො නම් වෙන වෙන එවා බලනවා ඇති. පව් බන් මම ඔයගැන හොදටම දන්න නිසා කියන්නේ :(

    cargiles eke lassana kello naane bung :(
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    meka aithi Tamil porkta hinda neda me ape porawal tika gon katha kiyanne dukai ban anatha ubala gana
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    Ay ban e kellan karana job eka haallu karanne. uba sallikarayek wenna athi. eth anith un pahathata dala katha karanna epa. anith eka kello me kiyanakota denna bala gena inna kiyana manasikathwayen ain weyan. ubala wage kariyo tamai job walata label gahala unwa chater karanne. mama dakala tiyena cargills kello 95% echcharama lassana kello nemei. godak aya dakkama kiyanna puluwan ahinsaka game kello kiyala. nikan boru mada gahanna epa ban.

    අව්ලක් ගන්න එපා බන්. මන් කිව්වේ යතාර්තය. මට රැකියාවක පහරගහන්න අවශ්ය නැ බන්. වැරද්දක් වෙනවනම් ඒ ගැන දැනගෙන ඉන්න එක හොදයිනේ. ඒකයි කිව්වේ :frown: