සල්ලිකාර_පුතුන්ගේ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සල්ලිකාර_පුතුන්ගේ

Off Road 4x4: සල්ලිකාර පුතුන්ගේ විසේකාර ක්‍රීඩාවට තිත තැබූ Iron Man



_108151832_offroad.jpg





"සමහරු තමන්ගේ බිරිඳට වඩා ආදරේ කරන්නේ වාහනේට. හඳුන් කූරක් පත්තු කරලා එන්ජිම පණ ගන්වන්නේ. එහෙම කාලෙක අපි මේ වාහන මඩේ දානවා, ගල් උඩින් පදවනවා. පෙරලගන්නවා. ඉතින් අපි උමතුවෙන් හැසිරෙනවා කියලා සමහරු හිතන එක සාධාරණයි".



පිළිවෙළින් සැකසූ මාර්ගයක පවා රථයක් ධාවනය තරුණියකට අභියෝගයක් වන පසුබිමක මිෂෙල් ජෝසෆ් ඝන වනාන්තර, කඳු හෙල් මත තම ජීප් රථ පදවන තරුණියකි.


_108151834_2f4a9666.mov_snapshot_00.04_-2019.08.01_20.38.03.jpg





මිෂෙල් ජෝසෆ්





සල්ලිකාර පුතුන්ගේ විසේකාර ක්‍රීඩාව හෙවත් Off Road 4x4 ජීප් රථ කෙරෙහි වැඩිහිටියන් විවේචනාත්මක ස්වරයකින් පසු වුව ද ඇතැම් තරුණ තරුණියන් දැන් ඒ කෙරෙහි දක්වනුයේ දැඩි ඇල්මකි. තරුණයින් වැඩි වශයෙන් යොමුව සිටි මෙම ක්‍රීඩාව තරුණියන් අතර ද ප්‍රචලිත වීමට හේතු රාශියක් පවතින බව ඇය පවසන්නීය. "දැන් මේක ක්‍රීඩාවකින් එහාට ගිහින් තියෙන්නේ. ලංකාව වගේ රටකට අපේ සේවය අවශ්‍ය වෙලාවක් මේ. අපි නිතර උත්සහ කරන්නේ අසරණ මිනිස්සුන්ට උදව් වෙන්න. ඉස්සර අපි දිහා වපර ඇසින් බලපු සමාජය දැන් ගෞරවයෙන් බලනවා. ඒක අපිට ආඩම්බරයක්," මිෂෙල් සඳහන් කළාය.

.


මෙවැනි රථවාහන ක්‍රීඩකයින් සම්බන්ධයෙන් අවධානය යොමු වූයේ ගෙවුණු වසර කිහිපයේ ශ්‍රී ලංකාවට බලපෑ ස්වභාවික ව්‍යසනයන් හේතුවෙනි.
මිෂෙල් ද ඇතුළුව තවත් තරුණියන් රැසක් සාමාජිකත්වය දරන IRON MAN නම් 4x4 ජීප් රථ කණ්ඩායමක් ස්වභාවික විපත් හමුවේ ක්‍රීඩාවෙන් ඔබ්බට ගොස් දැක්වූ මානුෂීය මැදිහත් වීම සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් විය.





_108152023_2f4a9687.mov_snapshot_00.08_-2019.08.01_20.54.18.jpg



IRON MAN නම් 4x4 ජීප් රථ කණ්ඩායම







වර්තමානයේදී යම් ස්වභාවික ආපදාවක් වූ අවස්ථාවක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට මෙන් ම ත්‍රිවිධ හමුදාවට ද ඔවුන්ගේ සේවාව අත්‍යවශ්‍යව පවතී. ආරම්භයේදී කිසිදු අවසරයකින් තොරව ඔවුන් මෙම සේවා සැලසුව ද වර්තමානයේ අවසර ලත් ස්වේච්ඡා කණ්ඩායමක් ලෙස විපතට පත්වන ශ්‍රී ලාංකිකයින්ට ක්ෂණික විහිදුම් බලකායක් ලෙස සේවය සලසමින් සිටියි.
කවුද මේ IRON MAN



_108148917_d5dd18d4-65b9-4dae-ada0-7efd70642688.jpg



IRON MAN 4X4 TEAM SRI LANKA







2004 වසරේ 4x4 ජීප් රථ ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ක්‍රමයෙන් ප්‍රචලිත වූ අතර මුදල් හදල් යහමින් අත ගැවසෙන පිරිස පමණක් ඊට එක්ව සිටියහ. සංචාරක කර්මාන්තය ඉලක්ක කරමින් 4x4 තරග සංවිධානය වූ අතර මධ්‍යම පන්තික ශ්‍රී ලාංකිකයින් ඒ වෙනුවෙන් වැඩි ඇල්මකින් කටයුතු නොකළ වකවානුවක් විය.


පරිසර විනාශයට හවුල් වන පිරිසක් ලෙස ද ඇතැමෙක් ඔවුන්ට චෝදනා කරන්නට වූහ.නමුත් පසුකාලීනව තරුණ තරුණියන් අතර ක්‍රීඩාවක් ලෙස 4x4 ජනප්‍රියත්වයට පත් විය. සිය විදෙස් අධ්‍යාපනය නිමවා 2001 වසරේ යළි ශ්‍රීලංකාවට පැමිණි සෑම් චන්ද්‍රසෝම ද සිය පියාගේ සහෝදරයාගේ අඩිපාරේ යමින් මූලිකව 4x4 ජීප් රථ ක්‍රීඩාවට යොමු විය.


එකල පැවති 4x4 තරග රැසකට තරග වැදුණු ඔහු ජයග්‍රහණ රැසක් ද හිමි කරගෙන තිබේ."දවසක් මහා වැස්සක මගුල් ගෙදරක යන අතර මග පාරේ ඇළකට වැටුණු වාහනයක් මම බේරගන්න උදව් වුණා. අන්තිමට ඇඳුම් තෙමාගෙන පරක්කු වෙලා උත්සවයට යන්න වුණේ. මේ වගේ වැඩ නිසා බිරිඳ මුලින් හිතුවේ මට පිස්සු කියලා."
IRON MAN 4x4 ජීප් රථ සංගමයේ නිර්මාතෘ සෑම් චන්ද්‍රසෝම තම ස්වාමි දියණිය මුල් කාලයේ පළ කළ ප්‍රතිචාරය එලෙස පැහැදිලි කරන්නේය.





_108152021_qwe.jpg





සෑම් චන්ද්‍රසෝම





_108146014_183d041d-5635-4a53-9e55-b178d1bf3b26.jpg



සෑම් චන්ද්‍රසෝම 4x4 තරගයක් අතරතුර





_108146015_75cc7e15-8f37-43da-8d88-3de5206ad6ff.jpg







පසුව ඔහු 2013 වසරේ ලෝක ප්‍රකට IRON MAN සන්නාමය ශ්‍රී ලංකාවට රැගෙන එමින් IRON MAN ශ්‍රී ලංකා 4x4 ජීප් රථ සංගමය පිහිටුවීමට පුරෝගාමී විය. IRON MAN මුල් කාලයේ රට තුළ සංවිධානය වූ මෝටර් රථ තරගාවලි සඳහා හදිසි ආපදා සේවා සැලසීමට මුල් වී තිබිණ.
තම කණ්ඩායම සතු තාක්ෂණික දැනුම මත දිවයිනේ සංවිධානය වූ බොහෝ 4x4 තරගාවලි සඳහා පහසුකම් සැලසීමට අවස්ථාව හිමි වූ බව සෑම් පැවසීය.


_108146016_b0605537-ca62-418e-a044-941f658d63c7.jpg




මෝටර් රථ තරග සඳහා ආපදා සේවා සැපයීම



_108146017_8c920fe6-ba48-4028-ab08-3afd1f2ec410.jpg



මෝටර් රථ තරග සඳහා ආපදා සේවා සැපයීම



ස්වභාවික විපත් හමුවේ IRON MAN මැදිහත්වීම


මෝටර් රථ ධාවන ඉසව් සඳහා එතෙක් එක්ව සිටි IRON MAN පසු කාලීනව ස්වභාවික විපත් හමුවේ ආපදා සහන සැලසීමට යොමු වූයේ ඇයි?



සෑම් පවසන්නේ මූලිකව ම තමන් සහ පසු කාලීනව තම කණ්ඩායමේ සාමාජිකයින්ගේ දැඩි කැමැත්ත සහ හදිසි ආපදාවකදී නිරායාසයෙන් ම ඒ සඳහා ක්ෂණිකව මැදිහත් වීමේ පුරුද්ද මේ සඳහා ඉවහල් වූ බවය. එය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පසු කාලීනව ක්‍රීඩාවකට එහා ගිය මානසිකත්වයකින් යුත් පිරිසක් තමන් සමග ශක්තිමත්ව අත්වැල් බැඳ ගැනීම IRON MAN කණ්ඩායමක් ලෙස සාර්ථක වීමට මනා පිටිවහලක් වූ බව සෑම් පෙන්වා දෙන්නේය.


"ස්වභාවික අපදාවකදී ත්‍රිවිධ හමුදාව විශාල කාර්යයක් කරනවා. නමුත් ආසන්නතම අවස්ථාවක ඔවුන් ඒ සඳහා යොමුවීමට කාලයක් ගත වනවා. ඒත් අපේ කණ්ඩායමේ විශේෂත්වය එක කෝල් එකයි. ලංකාවේ කොහේ හිටියත් අපි විනාඩි පහෙන් එතන. අපේ 48 දෙනෙක් විවිධ පළාත්වල විසිරිලා ඉන්නේ. අඩු ම තරමින් ජීප් 10 ක් වත් මුලින් අවශ්‍ය තැනට යනවා. ත්‍රිවිධ හමුදාවට අයත් භාණ්ඩත් බොහෝ වෙලාවට මුලින් ම රැගෙන යන්නේ අපි.
මෙලෙස ස්වකීය කැපවීම මත ක්‍රියාත්මක වූ IRON MAN කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ 2016, 2017 සහ 2018 වසරවල දිවයිනට බලපෑ දරුණු ගංවතුර ව්‍යසනයන්හිදී ඔවුන් දැක්වූ කැපවීමත් සමගය.


එහිදී කිසිදු අවසරයකින් තොරව සහන සැලසීම පමණක් අරමුණු කර ගනිමින් ආරක්ෂක අංශ වෙත ද තම දැනුමින් සහය වෙමින් විපතට පත්වූවන් සොයා ඔවුහු නිහඬ සේවයක යෙදුණහ. ඔවුන්ගේ සේවය සමාජ මාධ්‍ය තුළ මහත් අගැයීමකට ලක්විය.


_108146019_cb52c385-9ff5-44ac-b02c-01f1d17cd4a0.jpg



රත්නපුර නගරේදී යුද්ධ හමුදාව සමග



_108147340_ad3ea7fc-8ce1-4629-83bd-e66a42f5f4c3.jpg





රත්නපුර නගරේදී යුද්ධ හමුදාව සමග




මුල් කාලයේ සේවා සැපයීම IRON MAN වෙත අභියෝගයක්ව තිබුණේ තමන්ට කළ හැකි කාර්යභාරය සම්බන්ධයෙන් රාජ්‍ය යාන්ත්‍රණයට නිසි අවබෝධයක් නොමැතිකම නිසා බව සෑම් පවසන්නේය. වරක් සේවා සැපයීම අතරතුර තමන් ඇතුළු සාමාජිකයින් අත්අඩංගුවට පත්වීමට ද ගොස් නිදහස් වූ අවස්ථා ඔහු සිහිපත් කරන්නේය. කෙසේ වෙතත් බාධක නොතකමින් සේවය පමණක් ඉටුකළ IRON MAN අවසානයේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට නැතිව ම බැරි ස්වේච්ඡා කණ්ඩායමක් බවට පත්විය.


2017 වසරේ දිවයිනට බලපෑ දරුණු ගංවතුරත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන නගරය හා ඒ අවට සතියකට පමණ ආසන්න කාලයක් බාහිර පරිසරයෙන් හුදෙකලාව පැවතිණ. එහිදී IRON MAN කණ්ඩායම ප්‍රථම වරට මග හෙළි පෙහෙළි කර ගනිමින් මානුෂීය ආධාර රැගෙන කලවානට පැමිණ අසරණ ජනතාවට පිහිට වීම අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඇගයීමට ද ලක්විය.
ඉන් නොනැවතී වෛද්‍යවරුන් රැගෙන යාම, හදිසි රෝගීන් අසල රෝහල්වලට ප්‍රවාහනය කිරීම මෙන්ම ගුවන් හමුදාව රැගෙන එන ආහාර පිළුණු වීමට ප්‍රථම පීඩාවට පත්වූවන් වෙත රැගෙන යාම එහිදී IRON MAN ස්වේච්ඡා කණ්ඩායමක් ලෙස දැඩි කැපවීමකින් කළ සේවා අතර විය.




_108145045_18768577_1353245458099779_3875802897531185249_o.jpg



ගුවනින් රැගෙන එන ආහාර කඩිනමින් රැගෙන යාමට මැදිහත්ව





_108144871_kfp_3791.jpg



කලවාන මග හෙළි පෙහෙළි කරමින්



_108145049_18739172_1350385441719114_5556007863091407420_o.jpg



එම කාල වකවානුවේ ම වරක් රත්නපුර නගරයේ ඉහළ නැගි ජල කඳට ගසාගෙන ගොස් සිරව තිබූ යුද්ධ හමුදා බෆල් රථයක් සහ එහි නිලධාරීන් බේරා ගැනීමට ඔවුහු සමත්වූහ. "පාන්දර තුනට කෝල් එකක් අවා හමුදාවේ බෆල් එකක් රත්නපුර ටවුන් එකේ වතුර පාරට අහුවෙලා හිරවෙලා කියලා. අපි සන්තකයේ තිබෙන ආලෝක ධාරා කඹ යොදා අපේ කණ්ඩායම ඒ රථය බේරා ගත්තා. අපි දැනුමක් සහිතව මේක කරන්නේ. වාහනයක් හිරවුණා ම, පෙරළුණා ම කොහොම ද හැසිරෙන්න ඕන කියලා අපි දන්නවා," සෑම් පවසන්නේය.





_108145043_tt.jpg



යුද්ධ හමුදා බෆල් රථයක් බේරා ගැනීමේ සිදුවීම



_108145331_18892886_984640268345178_5912941315336339731_n.jpg



යුද්ධ හමුදා බෆල් රථයක් බේරාගැනීමේ සිදුවීම



_108145333_18920392_984640301678508_2123513550160331085_n.jpg



යුද්ධ හමුදා බෆල් රථයක් බේරාගැනීමේ සිදුවීම



_108145335_18893133_984640235011848_5956520297436803431_n.jpg



යුද්ධ හමුදා බෆල් රථයක් බේරාගැනීමේ සිදුවීම




එම වසරේදී ම රත්නපුර ක්‍රියාන්විතය අවසන් වූ පසු යළි කොළඹ දිස්ත්‍රික්කයට පැමිණි IRON MAN කොටිකාවත්ත, මුල්ලේරියාව වැනි ප්‍රදේශයන්හි ඉහළ නැගි ජල කඳ හමුවේ ජීවිත රැසක් බේරා ගත් බව ඔහු වැඩිදුරටත් පවසන්නේය.
එමෙන් ම බෝට්ටු සේවා ද සපයමින් වියළි ආහාර රැගෙන සාමාන්‍ය රථයකින් හෝ හමුදා රථයකින් ළඟා විය නොහැකි ස්ථානවලට තම 4x4 ජීප් රථ මෙහෙය වීමට ද ඔවුහු ක්‍රියා කළහ.



_108145337_18920763_1353245804766411_1844764543157384347_o.jpg





_108145339_18881801_10203246624002029_6046713042569338594_n.jpg



_108145504_18951475_984639021678636_3302898880285155400_n.jpg



එවැනි හදිසි අවස්ථාවක IRON MAN සාමාජිකයින් ඒ සඳහා නිසි පුහුණුවක් ලබා තිබේ ද යන්න බීබීසී සිංහල සේවය විමසීය. "ඔව් අපේ සෑම සාමාජිකයෙක් ම ජපාන රජයේ අනුග්‍රහය යටතේ අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙය වීමෙන් "APAD" නොහොත් ආපදා කළමනාකරණය වෙනුවෙන් වූ ආසියානු පැසිෆික් කලාපීය සන්ධානයේ පුහුණුව ලබා තිබෙනවා. එතැනදී ප්‍රථමාධාර සැපයීම මෙන් ම අපේ ජීවිත ආරක්ෂා කර ගනිමින් මානුෂීය ආධාර සපයන්නේ කොහොම ද කියලා අපි ඉගෙන ගත්තා."





_108145506_img-20190411-wa0009.jpg



"APAD" පුහුණුවීම්



_108145508_img-20190411-wa0028.jpg





"APAD" පුහුණුවීම්


I CERT හෙවත් IRON MAN 4X4 EMERGENCY RESPONSE TEAM

ස්වභාවික විපතකදී මානුෂීය ආධාර සපයමින් සිටි IRON MAN තම හැකියාවේ උපරිම පළ නෙළා ගනිමින් ආපදා කළමනාකරණයෙන් ඔබ්බට ගොස් දුෂ්කර පළාත්වල අසරණ ලාංකිකයින්ට සේවය සැලසීමට තීරණය කළ බව සෑම් චන්ද්‍රසෝම පවසන්නේය.


ඒ අනුව I CERT හෙවත් IRON MAN 4X4 EMERGENCY RESPONSE TEAM නමින් තවත් කණ්ඩායමක් පිහිටුවාගනිමින් ස්වභාවික විපත් නිසා විපතට පත් පාසල් දරුවන්, දිළිඳු පවුල් මෙන්ම විනාශ වූ පාසල් ඉලක්ක කරගනිමින් සංවර්ධන සේවා සැපයීමට තීරණය කර තිබේ.


මිල අධික ජීප් රථයක් රැගෙන තමන් සමග එක්වීමට හැකියාවක් නැතත් දිවයින පුරා විසිර සිටින විවිධ වෘත්තිකයින් තමන් කෙරෙහි විශ්වාසය තබමින් මේ සමාජ සත්කාර සඳහා සහයෝගය ලබාදෙන බව ඔහු පවසයි.
එමෙන්ම එලෙස ලැබෙන ආධාර IRON MAN සන්තකයේ ම පවතින විශේෂ ගබඩා සංචිත තුළ බහා තබා අවශ්‍ය ආපදා අවස්ථාවන් හිදී ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව තමන් වෙත ලැබී ඇතැයි ද ඔහු පෙන්වා දෙන්නේය.





_108146010_qq.jpg



දිළිඳු පවුල් සහ පාසල් ඉලක්ක කර ගනිමින් කෙරෙන විවිධ වැඩසටහන්




_108146012_q1.jpg



දිළිඳු පවුල් සහ පාසල් ඉලක්ක කර ගනිමින් කෙරෙන විවිධ වැඩසටහන්




"පාස්කු ඉරිදා ප්‍රහාරය වෙලාවේ තමන්ගේ කවුරුහරි මිය ගියා දැයි සොයා ගන්න බැරිව විශාල පිරිසක් ඒ සිද්ධි වූ ස්ථානවල හිටියේ ඇඬූ කඳුළින්. සමහර අයගේ ඥාතීන්ගේ සිරුරු කොටස් විතරයි තිබුනේ. උදේ ඉඳන් හවස් වෙනකම් බොන්න වතුර පොදක් තිබුණේ නෑ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගෙන් ඇහුව ඒ අයට යමක් කරන්න පුලුවන්ද කියල. අපි වහා ක්‍රියාත්මක වෙලා වතුර, වියලි අහාර රැගෙන කොළඹ මීගමුව බලා පිටත් වුණා. දින කිහිපයක් අපි ඔවුනට සේවා සැලසුවා."


මේ සහන සැලසීම් මෙන්ම ක්‍රියාන්විත හමුවේ IRON MAN 4X4 කණ්ඩායම සමග අත්වැල් බැඳගැනීමට විශාල පිරිසක් උත්සහ දරන බව සෑම් පවසන්නේය. කෙසේ වෙතත් සාමාජිකයෙක් බඳවා ගැනීමේදී කැපවීම මෙන්ම විනය ගරුක භාවය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකරන බව ද ඔහු සඳහන් කළේය. එලෙස බඳවාගත් සාමාජිකයින් 48 දෙනෙකු ක්‍රියාකාරීව මානුෂීය ආධාර සැපයීම සඳහා මේ වනවිටත් එක්ව සිටී.


තවත් සාමාජිකාවන් 20 ක් පමණ IRON MAN මෙන්ම I CERT හී පුහුණුව ලබමින් සිටින බව සෑම් චන්ද්‍රසෝම පවසයි. "අපි මේ කරන්නේ දේශපාලනයක්වත් මුල්‍යමය බලාපොරොත්තුවක් සහිත දෙයක් නෙවි. පුළුවන් විදිහට රටට සේවයක්. අපි මේ ධනවතුන්ට වෙන්ව තිබ්බ ක්‍රීඩාව වෙනස් කළා. ලංකාවේ හැමෝම අපිව අඳුනනවා. ආඩම්බරයක් ඒක අපිට. අපි කැමතී අපේ දැනුම බෙදා දෙන්න. හැම තරුනයෙක්ම අද උත්සහ කරනවා අපේ කණ්ඩායමේ යහපත් වැඩ ආදර්ශයට ගන්න. ඒක මමත් අපේ කණ්ඩායමත් ලබපු ජයග්‍රහණයක්. මගේ එකම බලාපොරොත්තුව IRON MAN වගේ තව කණ්ඩායම් බිහිවෙලා රටට සේවය කිරීම."


අපදා කළමනාකර මධ්‍යස්ථානයේ අදහස


IRON MAN වැනි ස්වේච්ඡා කණ්ඩායම් සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයේ සමග අදහස් දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චතුර ලියනාරච්චි, "ඇත්තට ම මට ඔවුන් මුණ ගැසෙන්නේ 2016 ගංවතුර අතරතුර. මම දුටුවා ඔවුන්ගේ හැකියාව. ඒ වගේ ම ඔවුන් සතු උපකරණවල ගුණාත්මකභාවය. ආපදා කළමනාකරණයේදී වැදගත් ම දෙයක් තමයි එවැනි කණ්ඩායම් දිරිමත් කිරීම. අපේ ආයතනය ඔවුන්ට ජාත්‍යන්තර පුහුණුවක් දුන්නා. දැන් ඔවුන් සහ අපේ ආයතනය අතර නීත්‍යනුකූල බැඳීමක් තිබෙනවා. අපිට පහසුයි සේවා සලසීමකදී ඔවුන්ගේ ඉක්මන් යොමුවීම. ඇත්තට ම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී සහෝදර රටක විපතක් සිදුවුණත් මෙවැනි දක්ෂ කණ්ඩායමක් යොමු කිරීමේ හැකියාව සොයා බලන්න," යනුවෙන් පැවසීය.


BBC NEWS - SINHALA