සල්ලි කඩාගන්න ගැට

SK29

Well-known member
  • Apr 14, 2017
    7,241
    8,602
    113
    අපිව දුකට පත් කරලා සල්ලි කඩා ගන්න දැන් ඉන්න එවුන් දක්ශයි බන්.
    ඕක බිස්නස් එකක් ලොකු. :baffled:
    ඔය හිගමන් යදින එකාට නෙවේ ඔය සල්ලි යන්නේ :rolleyes:
    ඔක්කොම මාෆියා බන්

    ගොඩක් වෙලාවට බලපන් ඔය පන්සල් ගාව ඉන්නවා ප්‍රෙග්නට් හදුන්කූරූ විකුනන අය..
    එයාලාට නෙවේ ඒ සල්ලි යන්නේ .
    විමසිලිමත්ව හිටියා නම් බලන්න පුලුවන් ඔය සෙට් එකක්ම වැන් එකකින් ගෙනත් බස්සනවා වෙලාවට. ශිෆ්ට් එකට වැඩ බන්.
    එක්කන් යන්නත් ආයේ එනවා.
    me wage film ekak mathak una.

     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    අපෝ ඕවා හෙන common බන් කොළඹ. උබ අදින පලදින විදිහෙන් හැසිරීමෙන් උන්ට පේනව උබ කොළඹ නෙමේ කියල එතකොට තමයි ලගට එන්නෙ. හොදට කිට මරපු පොෂ් ලුකින් කොල්ලො ඇවිල්ල පර්ස් එක දාලා ඇවිල්ල ෆෝන් එකට රීලෝඩ් එකක් දාගන්න රු.100 දෙන්න ගෙදර ගියාම දාන්නන් කියනව, හිරෙන් නිදහස් උනේ අද ගමට යන්න බස් එකට රු.200 දෙන්න කියල කියනව, පර්ස් එක වැටිල කියල සල්ලි ඉල්ලනව. එක දවසෙ දෙක තුනත් සෙට් වෙන්න පුලුවන්.
     

    NAPIER24

    Junior member
  • Jun 17, 2015
    69
    60
    18
    ඊයෙ රෑ මම ගල්කිස්සෙ Pharmacy එකක් ගාව නවත්තන් ඉන්නකොට මිනිහෙකුයි මුස්ලිම් ගෑනියෙකුයි පොඩි ලමයෙකුයි ඇවිත් කතාවක් කියනවා බස් එකේදි බෑග් එක උස්සලලු ඉන්නෙ ත්‍රිකුනාමලේ මුතූර් වලලු පිටකොටුවට ගිහින් බස් එකේ යන්න සල්ලි නෑලු එක්කෙනෙක්ට 450ක්ලු ගිහින් සල්ලි දාන්නම්ලු ලොකු උදව්වක්ලු මාත් මැරුනු තාත්තා මතක් කරලා 100ක් දුන්නා උන් ස්තූතියි වත් කිව්වෙ නෑ ගත්තෙ කලින් අරන් තිබුනු දෙයක් දෙන්න තිබිලා ගත්තා වගේ. දුන්නට පස්සෙ මතක් වුනෙ අඩුගානෙ උන්ගෙ අයිඩී එකවත් බැලුවනම් කියලා පස්සෙ තේරුනා බොරුවක් වගේ කියලා මොකද මිනිහා මුලින්ම ඇහුවා මම මේ පැත්තෙද කියලා මම නෑ දුර කියලා කිව්වා එතකොට තමා කතාව පටන් ගත්තේ. දැන් සල්ලි අනුකම්පාවෙන් ගන්න ක්‍රම ගොඩයි වගේ ඇත්තටම කරදරේක වැටුනු කෙනෙකුටවත් උදව් කරන්න හිතෙන් නෑ
    Un aththak kalath boruvak kalath uba pin adahasin dhunnane, ekai vatinne, anika un boruvak karalanam ekath hodaine, mokada unta ehma karadarayk vela nene e kiynne,
     
    • Like
    Reactions: Fbfocus and NRTG

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    oya wage un one tharam Colombo innawa
    supiriyata kita gahala, kelinma kaddenma talk karanne un
    lamayawa hospital nawaththuwa, onna ohoma katha thama kiyanne
    දැන් මාසෙකට කලින් ටවුන්හෝල් Odel එක ලගදි එකෙක් ආව දුව ඉස්පිරිතාලෙ බයිලයක් ගහගෙන
     
    • Like
    • Sad
    Reactions: Fbfocus and NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    වැඩිය හිතන්න එපා. වරද කරේ මිනිහනෙ. ඔයා හොඳ හිතින් කරපු දෙයක් හින්දා සතුටු වෙන්න බලන්න. මටත් ඔහොම හිතුනා වෙලාවල් තිබ්බා. ඒත් දැන් එහෙම කීයක් හරි දුන්න මනුස්සයෙක් ගැන අහිතක් හිතෙන්න ආවොත් ටක් ගාලා කමක් නෑ මම උදව්වක් කරන්න හොඳ හිතින් නේ එහෙම දුන්නේ කියලා අර අදහස වෙනස් කර ගන්න බලනවා.
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    හොදම සීන් එක උනේ මාලබේදි.

    මාලබේ හන්දියෙදි පොරක් ආව ආමි එකේ කිව්ව.
    පිටකොටුවෙදි බෑග් එක උස්සල කිව්ව කෑම්ප් එකට යාගන්න විදියක් නෑ කිව්ව.

    පුලුවන් නම් හයිවේ එකෙ ගාල්ලට යාගන්න උදව්වක් කරන්න කිව්ව.
    පොර ආමි එකේ කියල පොටෝ එකකුත් පෙන්නුව. ගෙදර ගිහින් සල්ලි දාන්නම් කියල උගෙ පෝන් කට්ට දෙන්නද ඇහුව .මට ඒත් දුක හිතිල මම එපා කිව්ව. මගෙ ලග තිබ්බෙ 200යි මම ඒක දුන්න.මේ කැරිය තව 150 ඉල්ලනව. මම සල්ලි නෑ කියල ආවා.
    උගේ නම ඉන්දික කියල ත් කිව්ව.මේක උනේ 2015 දි.

    ආයෙ 2019 දි මම වැඩකරේ නුගේගොඩ ප්ලේස් එකක.දවල්ට කන්න යද්දි එක පාරටම ඩෑල් එකක් දුවගෙන ආව.


    අනේ මල්ලි මට උදව්වක් කරන්න මම ආමි එකේ කෑම්ප් එකට යාගන්න විදියක් නෑ කොටුවෙදි මගෙ බෑග් එක උස්සල කියල කිව්ව.
    මට පරන් සිද්දිය ඒ විදියටම මතක් උනා මූ නේද 2015 දි මගෙන් 200ක් අරන් ගියෙ කියල. මට දැන් මල 😡
    මං ඇහුව තමුසෙගෙ නම ඉන්දික නේද.. තො 2015 දි මාල්බෙ හන්දියෙදිත් හම්බෙලා ඔය සීන් එකම කියල මගෙන් 200 ක් අරන් ගිය මතක නැද්ද කියල ඇහුව.

    පොරට හික් ගෑවුනා... තව දෙක තුනක් කියන්න හදද්දි පොර මාරු වෙලා ගියා.

     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඊයෙ රෑ මම ගල්කිස්සෙ Pharmacy එකක් ගාව නවත්තන් ඉන්නකොට මිනිහෙකුයි මුස්ලිම් ගෑනියෙකුයි පොඩි ලමයෙකුයි ඇවිත් කතාවක් කියනවා බස් එකේදි බෑග් එක උස්සලලු ඉන්නෙ ත්‍රිකුනාමලේ මුතූර් වලලු පිටකොටුවට ගිහින් බස් එකේ යන්න සල්ලි නෑලු එක්කෙනෙක්ට 450ක්ලු ගිහින් සල්ලි දාන්නම්ලු ලොකු උදව්වක්ලු මාත් මැරුනු තාත්තා මතක් කරලා 100ක් දුන්නා උන් ස්තූතියි වත් කිව්වෙ නෑ ගත්තෙ කලින් අරන් තිබුනු දෙයක් දෙන්න තිබිලා ගත්තා වගේ. දුන්නට පස්සෙ මතක් වුනෙ අඩුගානෙ උන්ගෙ අයිඩී එකවත් බැලුවනම් කියලා පස්සෙ තේරුනා බොරුවක් වගේ කියලා මොකද මිනිහා මුලින්ම ඇහුවා මම මේ පැත්තෙද කියලා මම නෑ දුර කියලා කිව්වා එතකොට තමා කතාව පටන් ගත්තේ. දැන් සල්ලි අනුකම්පාවෙන් ගන්න ක්‍රම ගොඩයි වගේ ඇත්තටම කරදරේක වැටුනු කෙනෙකුටවත් උදව් කරන්න හිතෙන් නෑ
    මාත් යන්නෙ මුතූර් එන්න යමු
    කිව්ව නම් උන් දුවනව
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,675
    14,872
    113
    පොලිසිය වගේ කවදාවත් ඇක්ට් කරන්න තියා හිතනවත් එපා. අහු උනොත් ඉවරෙටම ඉවරයි. අවුරුදු දෙකක් හිරේ. සද ගුටි හම්බ වෙනවා පොලිසියේදී.

    අදුරණ කෙනෙක් ට උන සීන් එකක් නිසා කියන්නේ. උන් හෙන සල්ලි තිබ්බ මිනිස්සු. අන්තිමටම නන්නන්තර උනා.

    ඔක්කොම විකුණලා රට යන්න හැදුවත් පොලිස් රිපෝට් ගන්න බැරි උනා.
    Policiye innawa nam adurana aya Wade goda daaganna puluwan dura diga yanna nodee.
    I'm not asking him to impersonate a government official. Just act in a way so that others can't say bullshit.
     
    • Like
    Reactions: TCB Rox

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,735
    1
    15,134
    113
    තෙල් ගහන්න shed එකට ගිය වෙලේ තෙල් ගහන මනුස්සයා කිවුවා මල්ලි සල්ලි අතට ගද්දි බලලා ගන්න කිවුවා දැන් හොර සල්ලි තියනව කියල :(
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,004
    113
    -In Darkness-
    ඔව්වා අනන්තවත් වෙලා තියෙනවා ඉස්සර. ඔය පවුල් කේස් එක කොටුව ස්ටේශන් එකේදි සෙට් වුනා 2018 වගේ. ඔය බයිලෙම තමා ගැහුවේ. ළමයි එහෙමත් අතින් කටින් එල්ලන්. තව එකෙක් A/L ඉවර වෙලා එහෙ මෙහෙ යන කාලේ ඇවිත් කිව්වා ගල්ගමුවට යන්න ඕනේ සල්ලි නෑ අරකයි මේකයි. අපිත් මහව යන්න සෙට් වෙලා හිටියේ. අරූට කිව්වා නගින්න අපි ටිකට් ගන්නම් කියලා. පොරත් හා කියලා නැග්ගා. දැන් විනාඩි 2 3ක් ඉඳලා කියනවා යාලුවෙක් එනකන් ඉඳලා තමා යන්නේ සල්ලි දෙන්න කියලා ඊලඟ බස් එකේ යන්න. මම කිව්වා එහෙනම් යාලුවාගෙන් සල්ලි ඉල්ලගන්න පුලුවන් නේ කියලා. ඌ ටිකක් වෙලා අපි දිහා බලන් ඉඳලා බැහැලා ගියා. කටුනායකදි ෆාදර් කෙනෙක්ගේ මල්ලි අනන් මනන් කියලා සල්ලි ඉල්ලුව එකෙක්. දැනට මාසෙකට විතර උඩදි කාර් එකේ ඉද්දිම එකෙක් ඇවිත් බයික් එකට තෙල් ගහන්න 100ක් ඉල්ලුවා. නානාප්‍රකාර විදි වලට සෙට් වෙනවා සල්ලි ඉල්ලන එවුන්. තිබ්බොත් දෙනවා ඉතින් අපි හොඳ හිතින් නේ දෙන්නේ. උන් ඕන දෙයක් කරගත්ත දෙන් කියලා. :yes:
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    mama num hodata inna higana wesige puthalata satha pahak denne na. athak payak nathi, vayasaka manusseykta vitrai denne. puduma appiriyawak okunawa dakkma.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    මම නම් කාට හරි යමක් දෙන්නේ මගේ හිතට වදදෙන හැගීමෙන් නිදහස් වෙන්න. නැත්නම් පස්සේ මට ඒක මාර විදිහට වද දෙනවා සමහර සිද්දි අවුරුදු ගානක් තිස්සේ හිතට බරක් වෙලා තියෙනවා. දෙදාස් දොළහේ ලංකාවට ආපු වෙලාවක මම ගෙදර ඉස්සරහා කතා එක්ක හරි ෆෝන් එකෙන් කතා කර කර ඉන්නකොට වයසක සීයා කෙනෙක් කබල් බයිසිකයක් තල්ලු කරගෙන ඇවිත් මගෙන් ඇහුවා මහත්තයා හැමදාම උදේට මම පත්තරේ ගෙනත් දෙන්නද කියලා මම කෝල් එකේ සිහියෙන් එපා කියලා කිව්වා ඇත්තටම අපේ ගෙදර එහෙම පත්තර කියවන්න කවුරුත් නෑ ඒත් මට පස්සේ හිතුණා ඇයි මම ඒ මනුස්සයට සල්ලි කීයක් හරි දුන්නේ නැත්තේ කියලා. ඒ සීයා එහෙම පත්තරේ ගෙනත් දීලා කීයක් හරි ගන්නවා ඇති පව්. මට අදටත් ඒ සිද්දිය අමතක කරන්න බෑ. හැබැයි මම කැමති නෑ කවුරුවත් මාව රවට්ටනවට එහෙම බොරු කරනවා කියලා හිතෙන උන්ට මම සල්ලි දෙන්නේ නෑ ගොඩක්ම ඔය ෆුඩ්සිටි ඉස්සරහ පොඩි දරුවෝ තියාගෙන හදුන්කුරු කපුරු බෝළ විකුණන අයට මම කවදාවත් සල්ලි දෙන්නේ නෑ. ඒත් අර අතේ ඉන්න දරුවා දිහා බලාගෙන පාඩුවේ යන්නත් බෑ ඒ නිසා මම කරන්නේ බිස්කට්, බනිස්, කොකාකෝලා වගේ ටිකක් අරන් දරුවට දීලා යන එක.
    අතේ ඉන්න දරුවා දිහා බලාගෙන පාඩුවේ යන්නත් බෑ ඒ නිසා මම කරන්නේ බිස්කට්, බනිස්, කොකාකෝලා වගේ ටිකක් අරන් දරුවට දීලා යන එක.

    ❤️
     
    • Like
    Reactions: nooby and siri_ayya

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    කොලබ පොඩි සල්ලි හදිස්සියක් වෙලා කඩ්ඩෙන් අරින උන්.
    හොස්පිට්ල් ගාව ටිකට් කපලා ගෙඩර යන්න සල්ලි නැතුව ඉන්න් උන්.
    තම ත්‍රීවිල් එකේ රුපියල් 100 කේබල් එක කැඩිලා අලුත් එකක ගන්න සල්ලි නැතුව ඒකත් අරන් එන උන.
    උදේ ඉදන් කාපු නැති උන්ටනම් බනිස් ගෙඩියක් අරන් කඩලා දෙන්නේ.
    බඩු මලු බිම දා ගත්තු උන් නම් දැන් ටිකක අඩුයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    කොලබ පොඩි සල්ලි හදිස්සියක් වෙලා කඩ්ඩෙන් අරින උන්.
    හොස්පිට්ල් ගාව ටිකට් කපලා ගෙඩර යන්න සල්ලි නැතුව ඉන්න් උන්.
    තම ත්‍රීවිල් එකේ රුපියල් 100 කේබල් එක කැඩිලා අලුත් එකක ගන්න සල්ලි නැතුව ඒකත් අරන් එන උන.
    උදේ ඉදන් කාපු නැති උන්ටනම් බනිස් ගෙඩියක් අරන් කඩලා දෙන්නේ.
    බඩු මලු බිම දා ගත්තු උන් නම් දැන් ටිකක අඩුයි
    දවස් දෙකක් කෑවේ නෑ, පාන් කෑල්ලක් අරන් දෙන්න කිව්වා. මම කිව්වා එන්න බත් එක දෙන්න කියලා. අත් දෙකේන්ම අරන් ගියා. ඇත්ත මිනිස්සුත් ඇති.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    දවස් දෙකක් කෑවේ නෑ, පාන් කෑල්ලක් අරන් දෙන්න කිව්වා. මම කිව්වා එන්න බත් එක දෙන්න කියලා. අත් දෙකේන්ම අරන් ගියා. ඇත්ත මිනිස්සුත් ඇති.
    ඇත්ත මිනිස්සූ ඇති බහුතරය බොරු..
    138 බස් වලට නගිනවා අත් දෙකම නැති එකෙක් කුඩු ගහලා නැතුව සිකෙකට අත්දෙට කෝච්චියට තියලාලු... දැන් කුඩු ගස්සන්න වෙනම එකෙක් ඉන්නවලු.
    අනේ මන්දා ඔවා ඇහුවම සතයක් වත් දෙන්න හිතෙන්නෙ නෑ...
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    oya wage un one tharam Colombo innawa
    supiriyata kita gahala, kelinma kaddenma talk karanne un
    lamayawa hospital nawaththuwa, onna ohoma katha thama kiyanne
    මටත් උනා මම නම් සල්ලි දුන්නෙ නැහැ . දුව නවලෝකෙලු මගදි කාර් එක කැඩිනලු .හදිස්සියට පර්ස් එක අමතක උනාලූ . ඉකමනට ටැක්සි එකක් අරන් යන්න රුපියල් පන්සීයක් දෙන්නලු . මූ කඩ්ඩෙන් කිව්වෙ . මම ඒ ටී එම් එකෙන් සල්ලි අරන් එළියට ආවම මූ අනන් මනන් කියාගෙන මීටර් 100 ක් විතර පස්සෙන් ආවා . මම කිව්වා කාර් එකේ යතුර පෙන්නන්න කියලා . මූ මාරූ වෙලා ගියා .