හිස කඳින් වෙන් වූවත් තෙරුවන් සරණ මිස වෙන සරණක් නොපතමි.
මේ අනන්ත සංසාරයේ ඔබ, මම කොපමණ වාර ගණනක් මෙසේ කැපුම් ලැබ ඇතිද.
වහ වහා ධර්මය අවබෝධ කරත්වා.
බොහෝ දෙනෙක් සිතා සිටිනවා කර්මය සහ එහි හේතු ඵලයට අනුව විපාකයක් නොමැති බව. මේ ඇස් පනාපිට ඔබ අප දකින්නේ ඒ කර්මය සහ එහි විපාකය නො වේ ද? තවදුරටත් කර්මය පිළිබඳ තර්ක කරමින් එය අභියෝගයට ලක් කරන අතරතුර හිතන්න මෙහෙම විෂමතාවයක් මෙලොව ඇති වුණේ ඇයි කියලා. කෙස් පැලෙන පුහු තර්ක නො ව, කර්මය නුවණැසින් දකිමු.
ලෝ වාසී සියළු දෙනාගේ ධර්ම ප්රඥාව වැඩිදියුණු වේවා!!
------ Post added on Jun 14, 2023 at 4:28 AM
මෙතෙක් පැමිණි ගමන් මගේ ඔබට මට මේ විදිහට ආත්ම කොපමණ ගණනකින් තවකෙකුගේ බත් පිඟානක මස් කැබැල්ලක් ලෙස ගනුදෙනු පියවීමට සිදුවෙන්නට ඇතිද.
ඉතින් තවත් මෙලෙස තවකෙකුගේ බත් පිඟානේ රසට බැදුණු මස් කෑල්ලක් වෙනවද, නැත්නම් මේ මහා දුක නිවාගන්නවද?
ඔබම තීරණය කරන්න.
https://www.facebook.com/100064598449900/videos/4325261830858045
------ Post added on Jun 14, 2023 at 4:31 AM