ස්නානය හා නිරෝගීකම

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ස්නානය හා නිරෝගීකම

    දිනපතා ස්නානය නිරෝගී දිවියකට හොඳම අත්වැලක්

    අපි සියල්ලෝම වාගේ නිරෝගීමත්ව පිරිසිදුව හා ලස්සනට අපගේ ශරීරය පවත්වා ගැනීමට වැඩි කැමැත්තක් දක්වමු. ඒ සඳහා අපි හැමදෙනාම වාගේ දිනකට එක් වතාවක් හෝ පිරිසිදු ජලයෙන් ස්නානය කිරීම හෝ ඇඟ සේදීම සිදුකරමු.

    බොහෝ දෙනා සිතන්නේ දියනෑම මගින් සිදුවන්නේ අපගේ බාහිර රූපය ලස්සන වීමක්, පිරිසිදු වීමක් පමණක් යැයි කියායි. ස්නානය කිරීම මගින් අපගේ ශරීරයට සිදුවන හොඳ දේ ගැන ඔබ සමහරක් විට නොදන්නා සැගවුණු කරුණු කාරණා ඇත.

    සියලු දෙනාම පුරුද්දක් ලෙසින් ස්නානය කළද සමහරුන් උදේ අවදි වූ සැනින් ස්නානය කරති. තවත් සමහරෙක් රාත්‍රි‍්‍රයේද,
    තවකෙකු හැන්දෑ වරුවේ ද ස්නානය කරති. එය තමන් කරන රක්ෂාව, තමාගේ සෞඛ්‍ය තත්ත්වය මත රඳා පවතියි. එම නිසා නියමිත වෙලාවකදී ස්නානය කළ යුතුයි යැයි කියා තහංචි පැනවීම ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක් වේ.

    වර්තමාන සමාජයේ බොහෝදෙනා සීතල වතුරෙන් මෙන්ම මඳ රස්නයක් ඇති වතුරෙන්ද ස්නානය කිරීමට පුරුදුව ඇත. ඇල් ජලයෙන් නෑවද උණු ජලයෙන් නෑවද එම අවස්ථා දෙකේදීම අපගේ ශරීරයට සැලසෙන වාසි කන්දරාවක් ඇත.

    අප දන්නා පරිදි අපගේ ශරීරය තුළ හොඳ රුධිර සංසරණයක් පවත්වා ගෙන යෑම කෙනෙකුගේ මුළු මහත් සෞඛ්‍යයම නිරෝගීමත්ව පවත්වා ගෙන යෑම සඳහා ඇති අත්‍යවශ්‍ය සාධකයකි.

    ඔබ නාන අවස්ථාවේදී කඩින් කඩ සීතල ජලයද උණු ජලයද මාරුවෙන් මාරුවට භාවිතා කිරීම මගින් රුධිර සංසරණය ඉතා යහපත් අතට හැරෙන බවට අලුත්ම විද්‍යාත්මක වාර්තා සනාථ කරයි.

    ඇල් ජලයෙන් හෝ සීතල ජලයෙන් දිය නෑමේදි සම මතුපිට ඇති රුධිර වාහිනී පටු වී රුධිරය ශරීර අභ්‍යන්තරයට තල්ලු කර හරියි.

    නමුත් උණු ජලයෙන් නෑමේදී සම මතුපිට ඇති රුධිර වාහිනී විස්තාරණය වී හොඳින් රුධිරය සම මතුපිටට එවයි. මෙසේ කිරීම නිසා රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය
    කාර්යක්ෂම වේ.

    එලෙසම වර්ජිනියාහි පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාලයේ කර ඇති සමීක්ෂණයකට අනුව සීතල වතුරෙන් දිය නෑම මගින් අපිට ඇතිවන විශාද තත්ත්වයන් (depression ) මඟ හැරී යන බව සොයා ගෙන ඇත.

    එලෙසම උණු ජලයෙන් ස්නානය කරනවාට වඩා ඇල් ජලයෙන් ස්නානය කිරීමේදී සම සහ කේෂකල්‍යාණිය වඩ වඩාත් නිරෝගීමත් වන බව අලුත්ම දත්ත වාර්තා අනාවරණය කරයි.

    1993 දී එංගලන්තයේ සිදුකරන ලද සමීක්ෂණයකින් වාර්තා වන්නේ සීතල වතුරෙන් දිනපතා ස්නානය කරන අය තුළ වෛරස් මගින් සෑදෙන රෝගවලට පවා ඉහළ ප්‍රතිශක්තීකරණය
    ක් ඇතිවන බවයි. විද්‍යාඥයින් විශ්වාස කරන අන්දමට මෙම ක්‍රියාවලිය සිදුවන්නේ සීතල වතුර නෑම නිසා සිදුවන ශරීරයේ රසායනික පරිවෘත්තීය ඉහළ යෑම මගින් ඇතිවන ප්‍රතිඵලයක් ලෙසටයි.

    ඒ වගේම සීතල වතුර ස්නානය කිරීම මගින් රුධිර ටෙස්ටොස් ටෙරොන් ප්‍රමාණය ඉහළ යාමක් පෙන්නුම් කරන බව එංගලන්තයේ සමීක්ෂණ වාර්තා සනිටුහන් කරයි.

    ඔබ පිරිමි කෙනෙකු නම්, සීතල වතුර ස්නානය කිරීම මගින් ඔබගේ වෘෂණවල ශුක්‍රාණු නිපදවීම වේගවත් කරයි.

    වෘෂණ ශරීරයේ අභ්‍යන්තරයේ නොතිබී බාහිරට විත් වෘෂණ කෝෂවල තිබීමට හේතුවත්, මේ ශුක්‍රාණු නිෂ්පාදනය වීම සඳහා ශරීර අභ්‍යන්තරයේ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් අවශ්‍ය වීමයි. ඒ නිසා ඇඟ සිසිල් විය යුතුය.

    රාජකාරී කටයුතු කර ගෙදර පැමිණි ඔබ හොඳින් ස්නානය කරගත් විට මහන්සිය කොහෙන් ගියා දැයි නොදැනෙන්නට තරම් වතුර නෑම අපට පිටිවහලක් වනු ඇත. ඇත්තටම ජලය ස්නානය කිරීම මගින් අපගේ මානසික ආතතිය පවා යම් තාක් දුරකට පහව යනු ඇත.

    උණු ජලයෙන් ස්නානය කිරීම මගින් ඔබගේ හිස බර ගතියක්, සෙම ගතියක් ඇති නම් ඒවා යම් තාක් දුරකට හෝ අඩුවන බව පරීක්ෂණාත්මක වාර්තා සඳහන් කරයි.

    මෙම කරුණු කාරණා සියල්ලක්ම වාගේ සලකා බැලු විට දිනකට එක් වතාවක් හෝ දිය නෑම ශරීරයේ යහපැවැත්මට ඉතාමත්ම සුබදාක බව නොරහසකි.

    වෛද්‍ය ශිෂ්‍ය
    මෙලංක සිරිවර්ධන
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සීතල වතුරෙන් දිය නෑම මගින් අපිට ඇතිවන විශාද තත්ත්වයන් (depression ) මඟ හැරී යන බව සොයා ගෙන ඇත.
    :dull::dull:

    උණු ජලයෙන් ස්නානය කරනවාට වඩා ඇල් ජලයෙන් ස්නානය කිරීමේදී සම සහ කේෂකල්‍යාණිය වඩ වඩාත් නිරෝගීමත් වන බව අලුත්ම දත්ත වාර්තා අනාවරණය කරයි
    :love::love::D:D

    බොහොම ස්තුතියි මේක අපිත් එක්ක බෙදා ගත්තට:yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000204AE.gif