ස්මාර්ට් ටොයියෙකු වෙන ආකාරය

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,658
    113
    colombo
    ස්මාර්ට් ටොයියෙකු වෙන ආකාරය

    සති දෙකෙන් ස්මාට් ටොයියෙක් වන ආකාරය සරළව​

    1. සිහි තබා ගත යුතු මූලිකම කරුණ ඔබ *ස්මාට්* ටොයියෙක් බවයි. ඔබ යූඑන්පී කාරයෙක් නොවේ. ඔබ ඡන් දය දෙන්නේ යූඑන්පී එකට බව සැබෑය​. නමුත්, පිටතට පෙන්විය යුත්තේ ඔබ ස්වාධීන​, අදීන​, උගත්, බුද්ධිමත් පුරවැසියෙක් බවයි. මේ ඔබේ පළමු සහ වැදගත්ම නීතියයි. මෙය ලොකුවට ලියා ඔබේ කොම්පියුටරය ඉදිරියේ බිත්තියේ අලවා ගත්තාත් කම් නැත​.

    2. ඔබ හැකි සෑම විටම රජය විවේචනය කළ යුතුය​. නමුත් මෙය ආවාට ගියාට කළ හැකි දෙයක් නොවේ. ඉතාම පරෙස්සමෙන් කළ යුත්තකි. අධෝ මුඛයෙන් කඩු ගිලීම වැනි ඉතාම අවදානම් කටයුත්තකි. රජය විවේචනය කිරීමේදී විවේචනය කළ යුතු සහ නොකළ යුතු යනුවෙන් පිරිස් දෙකක් සිටී.

    3. විවේචනය කළ යුතු අයගෙන් ප්රධාන වන්නේ මයිත්රීපාල සිරිසේන මහතායි. එතුමා ඔබට අවශ්යය මැටීරියල් ඕනවටත් වඩා සපයනු ඇත​. ඔබට ඇත්තේ උඩ පැන පැන එතුමා විවේචනය කිරීමයි. එතුමා විවේචනය කරන​ හැම අවස්ථාවකම "සෞදි ගමරාළ​" වැනි විශේෂන පදයක් භාවිතා කිරීමට වග බලා ගන්න​.

    4. ඊට අමතරව පාලිත තෙවරප්පෙරුම සහ සජිත් ප්රේමදාස වැන්නවුන් ද විවේචනය කළාට අවුලක් නැත​.

    5. නමුත් කිසිම අවස්ථාවක කුමන හේතුවක් මතවත් රනිල් වික්රමසිංහ, හර්ෂ ද සිල්වා, අකිල විරාජ්, මංගල සමරවීර වැන්නවුන් විවේචනය නොකිරීමට පරිස්සම් විය යුතුය​. මේ අය ඔබේ පෙළැන්තියේ නියෝජිතයන් ය​. ඔවුන්ව පණ මෙන් ආරක්ෂා කරන්න​.

    6. බැඳුම්කර සිද්ධිය යනු මුරලි ගේ දුස්රා පන් දුවක් වැනි ඉතාම අසීරු අවස්ථාවකි. ඔබේ පාදය සහ පිත්ත එක ළඟ තබාගෙන ඊට මුහුණ දිය යුතුය​. හැකි සෑම විටම සංවාදය මග හරින්න​. මග හැරීමට කිසිසේත්ම නොහැකි වන අවස්ථාවකදී "ඔව් මචං ඕකුන් ඔක්කොම එකයි. කාටවත් රට ගැන කැක්කුමක් නෑ" "මුනුත් දැන් මහින්දගෙ ගානටම එනව වගේ නේද​?" වැනි යමක් පවසන්න​. ගැලවීමට ඉතාම අපහසු අවස්ථාවක රවී කරුණානායක සහ සුජීව සේරසිංහ වැන්නෙක්ට යන්තම් පොඩ්ඩක් බැණ වදින්න​. කිසිම හේතුවක් මත රනිල් වික්රමසිංහ මහතා ගැන අකුරක්වත් නොකීමට වග බලා ගන්න​.

    7. මැතිවරණයක් ළඟ එන විට ඔබ ක්රමයෙන් ජවිපෙ හිතවාදියෙක් ලෙස පෙනී සිටීමට කටයුතු කළ යුතුය​. සමාජවාදය ගැන ඇටිකෙහෙළක් වත් නොදැනීම හෝ අරටු බැහැපු ධනවාදියෙක් වීම ඊට බාධාවක් කරගත යුතු නැත​. "වංචාව, දූෂනය නැති කළ හැක්කේ ජවිපෙට පමණි" යන පාඨය දිනෙකට එකසිය තුන් වතාවක් මතුරන්න​. "මචං මම ජෙප්පෙක් නෙවෙයි. මටත් උං ගැන විවේචන තියෙනවා. ඒත් මේ පාර උන්ට චාන්ස් එකක් දීල බලමු" වැනි කතා නිතර කියන්න​. අනුර කුමාර දිසානායක සහෝදරයා මහින්ද රාජපක්ෂ මහතාට බැණ වදින පෝස්ට් ෂෙයාර් කරන්න​. ඡන්දය දවසේ උදේම පුක කරේ තියාගෙන ඡන්ද පොළට ගොස් අලියා ඉදිරියේ කතිරය ලකුණු කරන්න​.

    8. හැකි සෑම විටෙකම මහින්ද රාජපක්ෂ​, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් විවේචනය කරන්න​. "ගොට්ලර්" "මරා" "ගංකබරයා" වැනි වචන නිතර භාවිතා කරන්න​. විමල් වීරවංශ​, උදය ගම්මන්පිළ​, දිනේෂ් ගුණවර්ධන වැනි මහත්වරුන්ද අමතක නොකරන්න​.

    9. විද්යාව ගැන සංවාදයක් යන තැනකට ගොස් ජනේලයෙන් පුක ඇතුළට දමා "නලින් ද සිල්වා" "නාථ දෙවියො හීනෙන් කිව්වා" වැනි යමක් පවසන්න​. විද්යාව ගැන මී බෙට්ටක් තරම් දෙයක් දැන නොසිටීම ප්රශ්නයක් කරගත යුතු නැත​. නමුත් කිසි විටෙකත් දීර්ඝ ලෙස සංවාදයට සහභාගී නොවන්න​. ඔබේ රෙදි ගැලවී යනු ඇත​.

    10. සිංහල ජාතියට​, බුද්ධාගමට සහ 2500 අම්මගෙ රෙද්දට උඩ පැන පැන පහර දෙන්න​. මේවාට පහර දීම ඔබේ ප්රධාන කාර්යය විය යුතුයි. අදාලම නැති දෙයකට පවා (උදා: වඳුරෙක්ට පඩයක් යාම​) 2500 අම්මගෙ රෙද්ද සම්බන්ධ කර ගැනීමේ හැකියාව ප්රගුණ කරන්න​.

    11. බුද්ධාගමට උඩ පැන පැන තලන අතරම බෞද්ධ දර්ශනය පිළිබඳ දැඩි පැහැදීමකින් සිටින බව අඟවන්න​. බෞද්ධ දර්ශනය ගැන ගැඹුරු දැනුමක් ඇති බව හැඟෙන කතා කියන්න​. පන්සිල් පද පහවත් නොදැන සිටීම ගැටළුවක් නොවේ.

    12. බුදු හාමුදුරුවන් හැඳින්වීමේදී "සිද්ධාර්ථ ගෞතම​" කියා යෙදීමෙන් ඔබේ විදග්ධ බව නිරූපනය වන අතර​, සාමාන්යය හාමුදුරුවරු හැඳින්වීමේදී "කහ සිවුරු තට්ටයන්" ලෙස හැඳින්වීමෙන් ඔබේ අදීන බව නිරූපනය වේ.

    13. පෙරහැරේ අලි ඇතුන් ගෙනයාම මිහිපිට ඇති දරුණුම සත්ව හිංසනයයි. එහෙත් සත්ව හිංසනය නිසා මස් කෑමෙන් වැළකී සිටින අයට සමච්චල් කරන්න​.

    14. බුද්ධ පූජා, බෝධි පූජා, පින්කම් වැනි දේ නිර්දයව විවේචනය කරන්න​. ඒ මුදලින් අසරණයන්ට උපකාර කිරීමට ඇති හැකියාව පිළිබඳ දේශනා පවත්වන්න​. හිඟන්නෙක්ට හත් මාසයකින් රුපියල් දෙකක් වත් නොදී තිබීම වෙනම කතාවකි. කෝටි ගණන් වියදම් කර සාද උත්සව ආදිය පැවැත්වීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින්න​.

    15. තුන් මාසයකට සැරයක් වත් ගංජා ගැසුවොත් එය නොවැරදීම ෆේස්බුක් එකේ දාන්න​. සිගරට් එකක් බිව්වොත් බොකු බඩවැල් එළියට පනින තරම් කැස්ස එන නමුත් ගංජා නීතිගත කිරීම වෙනුවෙන් පෙනී සිටින්න​.

    16. ශ්රී ලංකාවට නිතර ගරහන්න​. ශ්රී ලංකාවේ මිනිස්සු මරි මෝඩ කාලකන්නින් බව නිතර මතුරන්න. පිටරටවල්, විශේෂයෙන් බටහිර රටවල් වර්ණනා කරන්න​. කටුනායක බස් එකකවත් නොගිහින් තිබීම ඒ සඳහා නුසුදුසු කමක් නොවන බව සිහි තබා ගන්න​.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,658
    113
    colombo
    erozan:23365844 said:
    රිදෙයි සෑහෙනට :yes:

    අපේ ස්වාධීන ටොයි මහත්වරු ටිකව නග්ගා ගත්තා නම් හරි මේකට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ ස්වාධීන ටොයි මහත්වරු ටිකව නග්ගා ගත්තා නම් හරි මේකට

    මේ තෙර්ඩ් උන්ට පේන්නෙ නැ වැරදිලාවත්...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අම්මෝ ඒක නම් ලොවෙත් නෑ...
    මේකේ ඉන්නව ඔහොම සෙට්1ක් ලොල්
    :D:D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    අපේ වැඩේ මුන්ට මීටර් උනානේ... :sorry:

    ඒකනෙ බන් සිට් විතරක්. ටූපකයා ගම කෑව. දැන් ඉතින් එලකිරියෙ ජීවත් වෙලා වැඩක් නෑ. මම යනවා ඇමරිකන් ෆෝරම් එහෙකට.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒකනෙ බන් සිට් විතරක්. ටූපකයා ගම කෑව. දැන් ඉතින් එලකිරියෙ ජීවත් වෙලා වැඩක් නෑ. මම යනවා ඇමරිකන් ෆෝරම් එහෙකට.

    ඔව් බන්... නැත්තන් facebook එකේ වැඩ කරමු... :cool:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    ඔව් බන්... නැත්තන් facebook එකේ වැඩ කරමු... :cool:

    යමි යමි යමි පේස්බුක් යමි. ගියාට වැඩක් නෑ බන්, ඒ රෙද්දෙ යූසර් සීපී එකක් නෑනේ. අවුස්සලා රෙප් කපාගන්නත් බෑනේ. ඇරත් මුන් ටික දාලා යනවයි කියලා හිතෙනකොටත් පපුව හෝස් ගාලා යනව බන්. ඔන්න ඔහේ එක්කෝ මාට්ටු උන ලැජ්ජාවෙන් ටිකක් ඇඹරි ඇබරි ඉමු.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,086
    1
    28,597
    113
    මේකේ ඉන්න මානව හිමිකම් සුරැකීම (කොටින්ගෙ, පාතාලේ එවුන්ගේ පවා), දූෂණයට (unp එක කරපු දූෂණ හැර) එරෙහිවීම, යහපාලනය, උතුරට දේශපාලන විසදුමක් දීම වගේ දේවල් වෙනුවෙන් පෙනී සිටින අපතයන්ට මරු කනේ පාර.
     
    Last edited:
    • Like
    Reactions: erozan