ස්වයං පියයූරු පරීක්ෂාව

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ස්වයං පියයූරු පරීක්ෂාව

    කාන්තාවන්ට ම ආවේණික වූ රෝගී තත්ත්වයන් අතරින් පියයූරු පිළිකාවලට හිමි වන්නේ සූවිශේෂී ස්ථානයකි. එන්න එන්න ම ශී්‍ර ලංකාවේ පියයූරු පිළිකා රෝගීන් ගේ සංඛ්‍යාව ඉහළ යෑම එම සූවිශේෂත්වයට හේතු වෙයි.

    බොහෝ විට මෙම රෝගී තත්ත්වයට අපේ කාන්තාවන් ගොදුරු වන්නේ මේ පිලිබඳව ඇති නොදෑනූවත්කම හේතුවෙනි. විශේෂයෙන් මේ පිළිබඳව අද විවෘත ව කතා කරන අවස්ථා අඩූ ය. එනමූත් තමාගේ පියයූරු තමා ම පරිකෂා කර ගැනීමෙන් පියයූරු පිළිිකා හඳුනා ගැනීමට හැකියාව ඇත. පියයූරු පිළිබඳ ස්වයං පරීකෂාව මගින් තම පියයූරුවල යම් වෙනසක් ඇති බව තමාට ම හැගුණ හොත් වහාම වෛද්‍ය උපදෙස් පැතිය හැකිය. මේ ලිපියෙන් පියයූරු ස්වයං පරීකෂාව සිදු කරගන්නා ආකාරය විස්තර කෙරෙනූ ඇත.

    බොහෝ විට පියයූරු පිළිකා හඳුනා ගැනීමට උපකාරී වන්නේ පියයූරේ සිදු වන්නා වූ වෙනස්වීම් ය. මෙම වෙනස්වීම් ආකාර කිහිපයකින් සිදු වේ. පියයූරේ වළ ගැසීීමක්, පියයූරේ සාමාන්‍ය හැඩයේ වෙනසක්, පියයූරේ සමෙහි වෙනස් වීමක් (මෙහි දී සම දොඩම් ලෙල්ලක ආකාරයක් ගනී.) තන පූඩූවේ වෙනස්වීමක් ඇත්නම්ි ඒ පිළිබඳව සැලකිලිමත් විය යූතුය.

    කැඩපතක් ඉදිරියේ සිටගෙන අත් දෙක දෙපසට තබා ගෙන ඉන් පසූ අත් දෙක ඉහළට ඔසවා සහ අත් දෙක ඉඟ මත තබාගෙන පියයූරුවල ඉහතිින් සඳහන් කළ ආකාරයේ වෙනස්කම් ඇති දෑයි තමාට ම පරීකෂා කර ගත හැකිය.

    පියයූරුවල ගැටයක් වැනි තත්ත්වයක් ඇති වීමත් පියයූරු පිළිකාවලට අනතුරු ඇඟවීමක් වේ. මෙම තත්ත්වය ද තමාට ම පරීකෂා කර ගත හැකිය. අතේ ඇඟිලි එක්කොට ඇඟිලිවලින් පියයූරු පිරිමැදීමෙන් පියයූරුවල ගැටයක් හෝ සමට යටින් පියයූරෙහි ඝනවීමක් ඇති දෑයි පරීකෂා කර ගත හැකිය. පියයූරේ පිට පැත්තේ සිට ක්‍රමයෙන් තන පූඩූව දක්වා ක්‍රමානූකූල ව අතින් පියයූර තද කරමින් මෙම පරීකෂාව සිදු කළ යූතු ය. මෙහි දී වම් අත දකුණූ පියයූරත්, දකුණත වම් පියයූරත් පරීකෂා කිරීමට යොදාගත යූතු අතර පියයූරු පරීකෂාවෙන් පසූ එම ආකාරයට ම කිහිල්ල ද පරීකෂා කර ගත හැකි ය.

    එසේ පරීකෂා කිරීමෙන් අනතුරු ව මහපට ඇඟිල්ල සහ දබරගිල්ල භාවිතයෙන් තන පූඩූව සෙමෙන් මිරිකා ලේ හෝ දියරයක් පිටවේ දැයි පරීකෂා කර බැලිය යූතු වේ. එසේ දියරයක් හෝ ලේ පියයූරෙන් වහනය වන්නේ නම් එය ද පියයූරු පිළිකාවක රෝග ලකෂණක් විය හැකි ය.

    මෙසේ පියයූරු පරිකෂා කිරීම ස්නානය කිරීමේ දී මෙන්ම ඇඳක නිදාගෙන සිටින අවස්ථාවේ දී සිදු කළ හැකි ය. ඇඳේ නිදා සිටින විට පියයූරු පරීකෂා කරන්නේ නම් පළමූ ව සිදු කළ යූත්තේ පියයූරු ඉහළට සිටින පරිදි හාන්සි වීමයි. ඉන්පසූ දකුණූ උරහිසට යටින් කොටිටයක් තබා දකුණූ අල්ල මත හිස තබාගන්න. එවිට ඔබගේ හිස පිහිටන්නේ දකුණූ අත මත ය. ඉන් පසූ වම් අතින් දකුණූ පියයූර ඉහත සඳහන් කළ ආකාරයට පරිකෂා කිරීම සිදු කළ හැකියි. මේ අයූරින් ම කොටිටය වම් උරහිිසට යටින් තබා දකුණූ අතින් වම් පියයූර පරීකෂා කළ හැකිය.

    මෙසේ පියයූරු තමා විසින් ම පරීකෂා කර ගැනීම මසකට වරක් සිදු කළ යූතු ය. එහි දී මාසික ශුද්ධීයෙන් සතියකට පසූ මෙසේ පියයූරු පරීකෂා කිරීම වඩා යෝග්‍ය වේ. මාසික ශුද්ධිය නතර වූ අයෙක් නම් මාසයේ කිසියම් දිනක දී මෙය සිදු කළ යූතු වේ.

    ඉහත ආකාරයෙන් පියයූරු පරිකෂා කිරීම තුළින් පියයූරේ යම් වෙනසක් හඳුනාගත හොත් වහා ම වෛද්‍යවරයා හමූ විය යූතුය. එවිට පියයූරු පිළිකාව ආරම්භයේදී ම හඳුනා ගැනීම තුළින් ඒ සඳහා ප්‍රතිකාර කිරීම පහසූ වන අතර ම එය නිටිටාවට ම සූව කිරීමට ද හැකියාව ලැබේ.

    කෙසේ වෙතත් පියයූරේ සිදුවන සෑම වෙනසක් ම පියයූරු පිළිකාවක රෝග ලකෂණයක් නොවේ. එනිසා වෛද්‍යවරයා හමූ වී ඒ ගැන හරිහැටි දැනගන්නා තෙක් කිසිසේත්ම අනවශ්‍ය බියක් ඇති කර ගත යූතු නොවේ.


    source: http://www.sinhalamag.com
     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    මචන් එළකිරි එකේ 99.92% ඉන්නේ කොල්ලෝ, උඹ අපිටත් කියන්නේ කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ල අපේ තණ මිරිකා ගන්න කියලද . :eek::eek:Joke බන්! එල ත්‍රෙඩ්
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මචන් එළකිරි එකේ 99.92% ඉන්නේ කොල්ලෝ, උඹ අපිටත් කියන්නේ කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ල අපේ තණ මිරිකා ගන්න කියලද . :eek::eek:Joke බන්! එල ත්‍රෙඩ්

    naha mchan.elakiri eke girls lat tikak hari innawane..eyalat horen awith meka balai...
    anika umbalatat puluwan tamange GF ge check karala balanna ...;);)ledak walakwaganna eka tamai wadagath:rofl::rofl::rofl:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara


    naha mchan.elakiri eke girls lat tikak hari innawane..eyalat horen awith meka balai...
    anika umbalatat puluwan tamange GF ge check karala balanna ...;);)ledak walakwaganna eka tamai wadagath:rofl::rofl::rofl:

    GF/wife ge vitharak newei.
    samaja sewayak vidihata hamogema pariksha karala dena eka thamai
    wada watinne.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    nc1tgo.png
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මාත් ඉස්සර ගර්ල් ඉන්න දවස්වලා හැමදාම ඒක පරීක්ෂා කරලා දෙනවා බන් නොමිලේම