මෙන්න ඒ පිලිබදව වැදගත් වෙන තොරතුරු ටිකක් ඉන්ටෙර්නෙට් එකෙන් ....
ලිංගික ආශ්වාදයක් ලැබීමට, ලිංගේන්ද්‍රිය අතින් පිරිමදිමින් උත්තේජනය කිරීම ස්වයං වින්දනය යනුවෙන් හැඳින් වේ. තමන් අන් අයෙකුගේ ලිංගේන්ද්‍රිය අතින් පිරි මදිමින් උත්තේජනය කිරීම අන්‍යෝන්‍ය ස්වයං වින්දනය යනුවෙන් හැඳින් වේ. ලිංගාශ්‍රිත රෝග බෝවීමේ අවදානම අධික මට්ටමක පැවතීම නිසා, අන්‍යෝන්‍ය ස්වයං වින්දනයේ යෙදීම අනාරක්ෂිත ලිංගික සබඳකමක් පැවැත් වීමේ උපායක් වශයෙන් දැක්විය හැකි ය.
සාමාන්‍ය අයෙකු ලිංගික උත්තේජනයට සංවේදී පෙදෙස් උත්තේජනය කරමින් තෘප්තියක් ලැබීම අරඹන්නේ වයස අවුරුදු 2 - 4 පමණ කාලයේ පටන් ය. නමුත් දෙමාපිය විරෝධය වැනි හේතු සාධක නිසා යටපත්ව යන එම ක්‍රියාකාරකම් වැඩිවිය පැමිණීමත් සමඟ ම නැවත ඉස්මතු වේ.
පිරිමි ශිෂ්නය අතින් ඉහළ පහළ පිරිමදිමින් ද, ගැහැණු දබරැඟිල්ල හා මැදැඟිල්ල ආධාරයෙන් භගමණිය පිරිමැදීමෙන් ද බොහෝ විට ස්වයං වින්දනයේ යෙදෙති.
ස්වයං වින්දනයේ යෙදීමේ සෞඛ්‍යමය අවදානමක් නැතත් බොහෝවිට වැඩි වාර ගණනක් ස්වයං වින්දනයෙහි යෙදීමෙන් ශරීර ශක්තිය හීන වේ.
සිංහල කට වහරේ පුරුෂ ස්වයං වින්දනය අතේ ගැසීම යනුවෙනුත්, ස්ත්‍රී ස්වයං වින්දනය ඇඟිල්ල දැමීම යනුවෙනුත් හැඳින්වේ.
ප්‍රශ්නය: ස්වයං වින්දනය කිරීම අහිතකර ද?
පිළිතුර ස්වයං වින්දනය ලස අරුත් ගැන්වෙන්නේ සහකරුවෙකු හෝ සහකාරියක හවුල් කර නොගෙන තමා විසින්ම සිදු කර ගන්නා වූ ලිංගික උත්තේජනය හරහා ලබන ලිංගික තෘප්තියයි. මෙය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය විසින්ම සිදු කරනු ලබන ස්වභාවික ක්‍රියාවලියකි. මෙයින් කිසිදු අහිතකර ප්‍රතිඵලයක් (දරුඵල අහිමි වීම හෝ සිරුර සිහින් වීම, ලිංගික ශක්තිය නැතිවී යාම වැනි) ඇති නොවෙයි.
මේ තියෙන්නේ A /L කරන කෙල්ලෙක් Doctor කෙනෙක් ගෙන් ගැන ඇහුව ප්‍රශ්නයක් ...
ප්‍රශ්නය
වෛද්‍යතුමනි මා ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන විසි එක් හැවිරිදි තරුණියක්මි. මම එක්තරා ඇබ්බැහි වීමකට පත්ව සිටිනවා. මෙයට මා ඇබ්බැහි වන විට වැඩිවියට පත්ව සිටියේද නැත.
වෛද්‍යතුමනි මගේ උදරයේ නාභිය වටා වේදනාවක් ඇතිවන අතර ඉන දෙපැත්තේ ද වේදනාවක් ඇති වෙනවා. මෙයට හේතුව මගේ ඇබ්බැහිවීම ද ඒ වේදනාව නිසා ගර්භාෂයට හානි පැමිණේද මා වෛද්‍ය පරක්ෂණයකට යොමූ වූවහොත් මා ස්වයං වින්දනයට නැඹූරු වූ අයකු බව හෙළිවේද?
ගම සඳහන් නොකළ හසිනි
පිළිතුර
ස්වයං වින්දනයේ යෙදීම යොවූන් වියට පත් ගැහැණූ පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනෙකු ලබන අහිංසක වින්දනයකි. එමගින් කිසිදු ශාරරික හානියක් ඇති නොවේ. එය ලිංගික ආවේග යම් තරමකට පාලනය කරන තත්ත්වයකි. එමනිසා ස්වයං වින්දනයේ යෙදෙන ඔබ එය අහිතකර තත්ත්වයක් යැයි සිතා මානසික ආතතියක් ඇති කර ගත යූතු නැත.
වෛද්‍ය පරක්ෂණයකට යොමූවීමෙන් වූව ඔබ ස්වයං වින්දනයේ යෙදුණා යැයි අනාවරණය කරගත නොහැක. එහෙත් ඔබ මානසික පීඩාවකට පත්ව ඇති නම් ඔබගේ හැසිරම් රටාව අනූව ඕනෑම අයෙකුට එය තේරුම් ගත හැකියි. ස්වයං වින්දනයේ යෙදීම පාලනය කරගන්න මානසික ව්‍යායාම්වල යෙදෙන්න. එය වඩාත් සූදුසූ ක්‍රමයකි.
ස්වයං වින්දනයේ යෙදීම තුළින් ඔබ පවසන රෝග හෝ රෝග ලක්ෂණ ඇති නොවේ. එහෙත් ඔබේ මානසික පීඩනය නිසා මෙවැනි ලක්ෂණ දෑකිය හැකිය.
ඔබට අවශ්‍ය යැයි හැඟේ නම් පමණක් උපදේශන සේවා ආයතනයක සහයෝගය ලබා ගත්තාට වරදක් නැත.