ස්වාමිපුරුෂයන් විකිණීමට ඇත.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ස්වාමිපුරුෂයන් විකිණීමට ඇත.




    නිව්යෝර්ක් නගරයේ අලුත් වර්ගයේ සාප්පුවක් විවෘත වුනා. මේ සාප්පුවෙන් කාන්තාවන්ට සැමියන් අලෙවි කල අතර කාන්තාවන්ට පැමින තමන් කැමති ආකාරයේ සැමියෙක් තෝරා මුදල් දී ඔහුව රැගෙන යාමේ හැකියාව තිබුනා.

    මෙම සාප්පුවට ඇතුල් වෙන දොර ලග සාප්පුවෙන් සැමියෙකු මිලදී ගැනීමේදී අනුගමනය කල යුතු උපදෙස් අඩංගු බෝඩ් එකක් එල්ලා තිබුනු අතර එහි තිබුනේ පහත උපදෙස්,

    • ඔබට මෙම සාප්පුවට ඇතුල් විය හැක්කේ එක් වරක් පමනයි.
    • මෙම සාප්පුව මහල් 6කින් සමන්විත වේ.
    • මහල් ඉහලට යන විට ඒ මහලේ සිටින පුරුෂයන් ගේ සුදුසුකම් ඉහල යයි.
    •ඔබට එක් මහලකට ගිය විට කල හැක්කේ ඒ මහලෙන් පුරුෂයෙක් තෝරා ගැනීම හෝ ඉහල මහලට යාම පමනයි.
    •ඔබට නැවතත් පහත මාලයකට යා නොහැකි අතර කල හැක්කේ සාප්පුවෙන් පිටවීම පමනයි.

    ඉතින් ඔන්න ලස්සන කාන්තාවක් දවසක් මේ සාප්පුවට ගොඩ උනා ස්වාමි පුරුෂයෙක් මිලදී ගන්න.
    පලමු මහලට ඇතුල් වෙන තැන දොරේ මෙහෙම බෝඩ් එකක් ගහල තිබුනා.

    ► පලමු මහල: මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය.
    පලමු මහලේ වටයක් ගියපු කාන්තාව දෙවෙනි මහලට ගියා, දෙවෙනි මහලට ඇතුල් වෙන තැන දොරේත් බෝඩ් එකක් ගහලා තිබුනා.

    ► දෙවෙනි මහල: මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය, කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි.
    දෙවෙනි මහලෙත් වටයක් කැරකුනත් හිතට හරි නොගිය නිසා මෙයා තුන් වෙනි මහලටත් ගියා, තුන් වෙනි මහලට ඇතුල් වෙන දොරේ ගහල තිබුනු බෝඩ් එකේ ගහලා තිබුනේ මෙහෙම කතාවක්.

    ► තුන්වෙනි මහල : මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය, කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි, බෙහෙවින් කඩවසම්ය.
    තුන් වෙනි මහලේ වට 2ක 3ක් මෙයා කැරකුනා.. ගොඩක් කඩවසම් පුරුෂයෝ දැකලා දෙතුන් පාරක් "ෂා..." කියලා කියවුනත් මෙයා හතර වෙනි මහලටත් යන්න තීරනය කලා.
    සුපුරුදු පරිදි හතර වෙනි මහලට ඇතුල් වෙන දොරෙත් බෝඩ් එකක් තිබුනා.

    ► හතරවෙනි මහල: මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය, කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි, බෙහෙවින් කඩවසම්ය, ගෙදරදොරේ වැඩ කටයුතු වලට උදව් කරයි.
    "අනේ දෙවියනේ මේ ලෝකේ මෙහෙම පිරිමිත් ඉන්නවාද..." කියලා හිත හිතා හතර වෙනි මහලෙත් වට 3-4ක් කැරකුනා. අන්තිමේදි මෙයා පස්වෙනි මහලටත් යන්න පිටත් උනා.
    පස් වෙනි මහලට ඇතුල් වෙන දොරේ ගහලා තිබුනේ මෙහෙම බෝඩ් එකක්.

    ► පස්වෙනි මහල: මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය, කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි, බෙහෙවින් කඩවසම්ය, ගෙදර දොරේ වැඩ කටයුතු වලට උදව් කරයි, සෑම දිනකම භාර්යාවට තෑගිබෝග ලබා දෙනු ඇත.
    පස්වෙනි මහලේ නම් මෙයා වට 10ක් 12ක් කැරකුනා.. සමහර වෙලාවට ඇස් දෙක ලොකු කරන් බලන් හිටියා... අනාගත සැමියා ගැන සිහින මැව්වා.
    ඒත් මෙයාට හිතුනා අන්තිම මහලටත් ගිහින් බලන්න ඕනි කියලා.
    අන්තිම මහලට ඒ කියන්නේ හයවෙනි මහලට ඇතුල් වෙන තැන දොරේ ගහලා තිබුනේ අමුතුම විදියේ බෝඩ් එකක්, ඒකෙ මෙහෙමයි තිබුනේ.

    ► හය වෙනි මහල: ඔබ මෙම මහලට ඇතුල් වන 4758943 වන කාන්තාව වන අතර මෙම මහලේ කිසිම පුරුෂයෙක් නොමැත.
    මෙම හයවෙනි මහල පිහිටවීමේ එකම අරමුණ නම් කාන්තාවන් සෑහීමකට පත් කල නොහැකි බව ඔප්පු කිරීමයි.
    ස්වාමිපුරුෂයෙක් මිලදී ගැනීමට අප සාප්පුවට පැමිනි ඔබට ස්තූතියි!!!

     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    කතාවනම් ඈත්ත
    angry2.gif
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    රෙපොස්ට්,හැබැයි මේක සැහෙන කලකට කලින් ගිය නුලක් :sorry::(
    Rep denna balu :(