සාතන් සැබෑ පුද්ගලයෙක්ද? - බයිබලයෙන් පිළිත&#354

BadGirlPerk

Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    සාතන් සැබෑ පුද්ගලයෙක්ද? - බයිබලයෙන් පිළිත&#354

    yjvbeagjes7gusx6lvts.jpg


    බයිබලයෙන් පිළිතුරක් සාතන් සැබෑ පුද්ගලයෙක්ද?

    නවීන දින බොහෝ විශාරදයන් කියා සිටින්නේ සාතන් සැබෑ පුද්ගලයෙක් නොවන බවයි. ඔවුන්ගේ අදහස වී තිබෙන්නේ සාතන් මනුෂ්‍යයන් විසින් නිර්මාණය කළ මනඃකල්පිත කෙනෙක් කියායි. මේ අදහස අලුත් දෙයක් නෙවෙයි. දහනවවන සියවසේ සිටි කවියෙකු වන චාල්ස් පියේ බෝඩිලෙයා පැවසූ දෙය සලකා බලන්න. “සාතන්ගේ කපටිම උපාය නම් ඔහු සැබෑ පුද්ගලයෙක් නෙවෙයි කියා ඇඟවීමයි.”
    සාතන් සැබෑ පුද්ගලයෙක්ද? එසේනම් ඔහු ආවේ කොහේ සිටද? අද සිදු වන දුෂ්ට දේවලට වග කිව යුත්තේ ඔහුද? ඔහුගේ දුෂ්ට බලපෑමෙන් ඔබව ආරක්ෂා කරගන්නේ කොහොමද?


    බයිබලය පවසන දේ

    සාතන් ඇසට නොපෙනෙන සැබෑ පුද්ගලයෙක් බව බයිබලයේ පවසනවා. තවදුරටත් එහි අපිට ඔහුගේ නරක ගුණාංග හා දුෂ්ට ක්‍රියා ගැනත් පවසනවා. ඒ වගේම සාතන් දෙවි සහ යේසුස් සමඟ කළ සාකච්ඡාවන්ද බයිබලයේ වාර්තා කර තිබෙනවා.
    යක්ෂයා ඇති වුණේ කොහොමද? මිනිසා මැවීමට බොහෝ කලකට පෙර දෙවි තම ‘කුලුඳුල්’ පුත්‍රයා වන යේසුස්ව මැව්වා. ඊට පස්සේ මැව්වේ “දෙවිගේ පුත්‍රයන්” ලෙස හඳුන්වන දේවදූතයන්වයි. ඔවුන් සියලුදෙනාම පරිපූර්ණ සහ ධර්මිෂ්ඨ අය වුණා. පසුව ඉන් එක් දේවදූතයෙක් සාතන් බවට පත් වුණා.
    දේවදූතයන්ව මැවූ අවස්ථාවේදී ඔහුට සාතන් කියා නමක් තිබුණේ නැහැ. එම නම භාවිත කරන්නේ ඔහුගේ තත්වය විස්තර කිරීමටයි. එහි අර්ථය වන්නේ “විරුද්ධකාරයා; සතුරා; චෝදනා කරන්නා” යන්නයි. ඔහුට සාතන් කියා හඳුන්වන්නේ ඔහු දෙවිට විරුද්ධව වැඩ කරන්න තෝරාගත් නිසයි.
    ඔහු තුළ උඩඟු හැඟීම් හා කැරලිකාරකමේ ස්වභාවයක් ඇති වෙන්න පටන්ගත්තා. ඒ වගේම අනිත් අයගේ නමස්කාරය ලබාගැනීමටද ඔහුට අවශ්‍ය වුණා. ඔහු දෙවිගේ පුත්‍රයා වන යේසුස්ට පවා මේ පොළොව මත සිටියදී මෙසේ පැවසුවා. ‘වැඳ වැටී මට වරක් නමස්කාර කරන්න.’—.
    සාතන් ‘සත්‍යය තුළ ස්ථිරව සිටියේ නැහැ.’ ඔහු පෙන්නුම් කරන්න උත්සාහ කළේ දෙවි බොරුකාරයෙක් බවයි. නමුත් ඇත්තටම බොරුකාරයා ඔහුයි. සාතන් ඒවට පැවසුවේ ඇයට දෙවි කෙනෙක් වෙන්න පුළුවන් බවයි. ඒත් දෙවි කෙනෙක් වීමේ අවශ්‍යතාව තිබුණේ ඔහුටයි. ඔහුගේ කපටි ක්‍රියාවලින් ඔහු තම ආත්මාර්ථකාමී අභිලාෂයන් ඉටු කරගත්තා. ඒව සාතන්ට කීකරු වූ නිසා ඇය තමන්ගේ දෙවි ලෙසට තෝරාගත්තේ සාතන්වයි.—.
    කාලයක් පුරා විශ්වාසවන්තව සේවය කළ පුද්ගලයා දෙවිට විරුද්ධව කැරැල්ලක් ඇති කිරීම හේතුවෙන් ඔහු දෙවිගේ හා මිනිසුන්ගේ විරුද්ධකාරයා හෙවත් සාතන් බවට පත් වුණා. “යක්ෂයා” කියා පැවසීමෙන් අදහස් කරන්නේ “අපහාස කරන්නා” යන්නයි. මේ තැනැත්තා අවසානයේදී තවත් දේවදූතයන්වත් දෙවිට අකීකරු වී තමන්ගේ කැරැල්ලට එකතු වීමට පොලඹවාගත්තා. මොවුන් මනුෂ්‍යයන්ගේ තත්වය තවත් නරක අතට හරවනවා. මනුෂ්‍යයනුත් සාතන්ගේ ආත්මාර්ථකාමී මාර්ගයන් අනුගමනය කරන නිසා ‘පොළොව ප්‍රචණ්ඩත්වයෙන් පිරී තිබෙනවා.


    ඔහුගේ බලපෑම කොතරම් බලවත්ද?

    අපරාධකරුවෙක් තමාගේ අනන්‍යතාව සැඟවීමට තමන්ගේ ඇඟිලි සලකුණු පවා මකා දමනවා. නමුත් පොලිසිය එතනට පැමිණ අපරාධය දුටු විට අපරාධකරුවෙක් සිටි යුතු බව දැනගන්නවා. සාතන් “මිනී මරන්නෙක්” වුණත් ඔහු උත්සාහ කරන්නේ තමන්ගේ අනන්‍යතාව සැඟවීමටයි. සාතන් ඒවට කතා කළ අවස්ථාවේදීත් සර්පයෙකුව පාවිච්චි කරමින් තම අනන්‍යතාව සඟවාගත්තා. අදත් එය එසේමයි. ඔහුගේ සැබෑ අනන්‍යතාව සඟවමින් ඔහු “නොඇදහිලිකරුවන්ගේ මනස් අන්ධ කර” තිබෙනවා.—
    කෙසේවෙතත් යේසුස් පෙන්නුම් කළේ මේ දුෂ්ට ලෝකය හසුරුවන්නේ සාතන් කියායි. යේසුස් එම තැනැත්තාව හැඳින්වූයේ “මේ ලෝකයේ පාලකයා” කියායි. ඒ වගේම “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත් බව” යොහන් පවසා තිබෙනවා. සාතන් “මාංසයේ ආශාවත්, ඇස්වල ආශාවත්, තමන්ගේ දේපළ ප්‍රදර්ශනය කිරීමත්” තුළින් “මුළු පොළොවම නොමඟ යවනවා.” මිනිසුන්ගෙන් වැඩිහරියක්ම කීකරු වෙන්නේ ඔහුටයි.
    ඒව සාතන්ට කීකරු වීමෙන් පෙන්නුම් කළේ ඔවුන්ගේ දෙවියන් සාතන් වූ බවයි. තවදුරටත් සාතන් කියන්නේ ‘මේ සමාජ ක්‍රමයේ දෙවියාටයි.’ ඔහුගේ බලපෑමේ ප්‍රතිඵල නම් කුහකකම, බොරුව, යුද්ධ, හිංසා කිරීම්, විනාශ කිරීම්, අපරාධ, තෘෂ්ණාව හා දූෂණයයි.


    ඔබ ඉන් ආරක්ෂා වෙන්නේ කෙසේද?

    බයිබලයේ අපට මෙසේ අවවාද කරයි. “සිහිකල්පනාව ඇතිව සිටින්න.” ඊට හේතුව? “ඔබේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන්, කවරෙකුව හෝ ගිල දමන්න සොයමින් ඔබ මොබ ඇවිදින” නිසයි. ඉහත බයිබල් පදය කියවද්දී අප බය වෙන්න පුළුවන්. එය අපිට අනතුරු ඇඟවීමක්. නමුත් මතක තියාගන්න අපි සිහිකල්පනාවෙන් ඉන්නවා නම් ‘අපව රවටා වාසි ලබන්න’ සාතන්ට බැහැ.—
    සාතන්ගේ සැබෑ තත්වය තේරුම්ගැනීමත් එය පිළිගැනීමත් අවශ්‍යයි. ඒ වගේම ‘අපව ශක්තිමත් කරන්න’ සහ ‘ස්ථිර කරන්න’ දෙවිට ඉඩ දෙන්න ඕනෙ. එහෙම කරනවා නම් අපට පුළුවන් ‘[සාතන්ට] විරුද්ධව සිට’ දෙවිගේ පැත්ත ගන්න.

    Source - http://wol.jw.org/si/wol/d/r125/lp-sn/102007045


     
    Last edited:

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    කොටුවේ තියෙනවලු නෙ සාතන් අදහන පොට් එකක්? ;)
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔය කියන්නේ එල්කිරියෙ ඉන්න අපේ සාතන් ගැන නෙමෙයි නේද..????
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පොන්ස් ‍තෝ මම ගැන බොරු ලියනවා නේද? ජේ සු තමයි ගස් කැරියා.තොපිව රවට්ටලා තොපිව නොමග යවලා.ඕකට ඇති දෙයියෙක් නෑ.අපි තමයි දෙයියො.අපි හඳේ ඉන්නේ
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ජේසුගේ අම්මට බාගෙට පිස්සු.ජේසුට හොඳට පිස්සු.