සාමය සතුට ඔබ අප හැර ගියේ ඇයි?

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
සාමය සතුට ඔබ අප හැර ගියේ ඇයි?

සමහර විට මම මෙහෙම දේවල් කතා කරන්න ගිහින් ඉල්ලන් කන්න හදනවා කියල ඔබට සිතෙනවා ඇති. ඒත් කියන්න තියෙන දේ කෙලින් මූණට කියන එක තමයි නියම නිර්භීත කම. අවුරුදු 30ක ශාපයක් වූ යුද්දය අවසන කල මොහොතේ අපේ සිත් වලට පැමිණි එකම ප්‍රාර්ථන වුයේ සාමයෙන්, සතුටින්, බියෙන් තොර කාලා බීලා හොදට ඇදලා ඉන්න පුළුවන් හෙට දවසක්. යුද්දය නිම වී වසර කිහිපයක් ගත වූ නමුත් අපේ ඒ ඒකායන පැතුම ඉටු නොවුයේ අපේ කාළකන්නි කමටද? එසේත් නැත්නම් රටේ කාළකන්නි කමටද? රැකියා ප්‍රශ්ණය අද අප කා අතරත් ඇති විශාලතම ප්‍රශ්ණ්ය වී ඈත. කෙල්ලෙකුට විශ්ව විද්යාලයට යෑමට ලකුණක් දෙකක් අඩු වීමේ කරුමයට ගාමන්ට් එකක රැකියාවක් කිරීමට සිදුව ඇත. කොල්ලෙකුට නම් හමුදාවට බැදීම හැර වෙන විකල්පයක් නැත. (මා අපේ වීරෝධාර හමුදාව ගරහනවා කියා නොසිතන්න ) මාසයක් කඹුරලා ගන්න සොච්චමෙන් මාසේ ගැට ගහගන්න වත් බැරි නම් මොන සතුටක්ද? මොන සැනසුමක්ද? මාවෝ සේතුන් කියූ විදියට රටේ සම්පත් රටේ හැමෝටම සම සේ බෙදී යා යුතුය. එවිට තමයි රටේ හැමෝටම රට ගැන හැගීමක් ඇති වෙන්නෙ. ඒත් අපේ රටේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. කොළඹ 7 ඉන්න සුළු කොටසකට හැම දෙයක්ම ඇත. රටේ බහුතරයට කිසිවක් නැත. රටක අරගලයන් ඇති වන්නේ දුප්පත්කම නිසා නොවේ. දුප්පත්කම සහ පොහොසත්කම අතර පරතරය වැඩි වූ විටය. බඩගින්නේ සිටින මිනිසකුට බණ කීමෙන් පළක් නැති බව බුදු රජාණන් කියා ඇත. ජේසු තුමන් කන්ද උඩ දේශණය පැවැත්වීමට පෙර ප්‍රාතිහාරයෙන් ආහාර මවා ජනයාට කන්න දුන්නේ ඒ නිසාය. රටක සoවධනය මහාමර්ග, කොන්ක්‍රීට් ගොඩනැගිලි හෝ වෙනත් භාහිර දේ තුලින් මැනිය නොහැක. රටක සoවධනය මැනිය හැකි නිවැරදිම මිනුම් දණ්ඩ විය යුත්තේ රටේ මිනිසුන් ජීවත් වීමට ඇති ආශාව සහ කැමැත්තය. ආශ්චර්ය කෙසේ වෙතත් සැමට සතුට සාමය පිරි හෙට දවසක් අපි සැම එක සිතින් එකට එකතුව පතමු.
 
Last edited:
  • Like
Reactions: gcj

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
buruwo tho eka dana gatta 1kath loku deyak.dan wath gon part dana 1ka nawatapan

mama oyage profile ekata gihin oya mechchara kaalekata EK eke daapu comments okkoma beluwa. ai oya mechchara amma ekka tharaha. paw appa. kaage unath daruwek ne
 
bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    සමහර විට මම මෙහෙම දේවල් කතා කරන්න ගිහින් ඉල්ලන් කන්න හදනවා කියල ඔබට සිතෙනවා ඇති. ඒත් කියන්න තියෙන දේ කෙලින් මූණට කියන එක තමයි නියම නිර්භීත කම. අවුරුදු 30ක ශාපයක් වූ යුද්දය අවසන කල මොහොතේ අපේ සිත් වලට පැමිණි එකම ප්‍රාර්ථන වුයේ සාමයෙන්, සතුටින්, බියෙන් තොර කාලා බීලා හොදට ඇදලා ඉන්න පුළුවන් හෙට දවසක්. යුද්දය නිම වී වසර කිහිපයක් ගත වූ නමුත් අපේ ඒ ඒකායන පැතුම ඉටු නොවුයේ අපේ කාළකන්නි කමටද? එසේත් නැත්නම් රටේ කාළකන්නි කමටද? රැකියා ප්‍රශ්ණය අද අප කා අතරත් ඇති විශාලතම ප්‍රශ්ණ්ය වී ඈත. කෙල්ලෙකුට විශ්ව විද්යාලයට යෑමට ලකුණක් දෙකක් අඩු වීමේ කරුමයට ගාමන්ට් එකක රැකියාවක් කිරීමට සිදුව ඇත. කොල්ලෙකුට නම් හමුදාවට බැදීම හැර වෙන විකල්පයක් නැත. (මා අපේ වීරෝධාර හමුදාව ගරහනවා කියා නොසිතන්න ) මාසයක් කඹුරලා ගන්න සොච්චමෙන් මාසේ ගැට ගහගන්න වත් බැරි නම් මොන සතුටක්ද? මොන සැනසුමක්ද? මාවෝ සේතුන් කියූ විදියට රටේ සම්පත් රටේ හැමෝටම සම සේ බෙදී යා යුතුය. එවිට තමයි රටේ හැමෝටම රට ගැන හැගීමක් ඇති වෙන්නෙ. ඒත් අපේ රටේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. කොළඹ 7 ඉන්න සුළු කොටසකට හැම දෙයක්ම ඇත. රටේ බහුතරයට කිසිවක් නැත. රටක අරගලයන් ඇති වන්නේ දුප්පත්කම නිසා නොවේ. දුප්පත්කම සහ පොහොසත්කම අතර පරතරය වැඩි වූ විටය. බඩගින්නේ සිටින මිනිසකුට බණ කීමෙන් පළක් නැති බව බුදු රජාණන් කියා ඇත. ජේසු තුමන් කන්ද උඩ දේශණය පැවැත්වීමට පෙර ප්‍රාතිහාරයෙන් ආහාර මවා ජනයාට කන්න දුන්නේ ඒ නිසාය. රටක සoවධනය මහාමර්ග, කොන්ක්‍රීට් ගොඩනැගිලි හෝ වෙනත් භාහිර දේ තුලින් මැනිය නොහැක. රටක සoවධනය මැනිය හැකි නිවැරදිම මිනුම් දණ්ඩ විය යුත්තේ රටේ මිනිසුන් ජීවත් වීමට ඇති ආශාව සහ කැමැත්තය. ආශ්චර්ය කෙසේ වෙතත් සැමට සතුට සාමය පිරි හෙට දවසක් අපි සැම එක සිතින් එකට එකතුව පතමු.

    Uba hari machan
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේකයි මචන්. අපේ රටේ රැකියා ගැටලුව උග්‍ර වෙලා තියෙනවා. උපාධිධාරීන් පවා රැකියා හිඟමනේ යන එකේ උපාධියක් වත් නැති කට්ටියන යන කල ගැන හිතන්න. අද මේ රැකියා ගැටලුව, ආර්ථික අර්බුදම මුලු ලෝකයම වෙලා ගෙන ඉවරයි. ඇමරිකාවේ, එංගලන්තයේ වගේම ස්ථාවර ආර්ථිකයක් හිමිකරගෙන තියෙන ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා ස්කැන්ඩිනේවියානු රටවල් වලත් මේ සිද්ධිය වෙනවා. ආර්ථික විනාශයත් සමගම රටවල සමාජ ගැටලු ඇතිවෙනවා. රටේ අවනීතිය රජකරලා මිනිස්සු අනෙක් අය පාගාදමා හෝ තමන්ගේ පැවැතම තහවුරු කරගන්න බලනවා. කැලේ නීතිය දැන් මේ සමාජයටත් අදාලයි. අවාසනාවකට මේ ආර්ථික ගැටලුව යහපත් අතට පත්වෙන බව පෙනෙන්නේ නෑ. මම නම් හිතන්නේ අප ජීවත් වෙන ලෝකය ඉතාම නපුරු නරක විදිහට අභාග්යය කරා යනවා කියලා