සාරධාර්මික මස් ළඟදීම වෙළඳ පොළේ
සාරධාර්මික මස් ළඟදීම වෙළඳ පොළේ
රුපියල් කෝටි 5 ක් වටිනා මස් රාත්තල් කාලක් හැදුවේ පරීක්‍ෂණ නළයක් තුළ
පර්යේෂණ නළයක් තුළ මස් හෝ මාළු නිපදවිය හැකිද?
පර්යේෂණ නළයක් තුළ මෙයට වසර හතළිහකට පමණ පෙර ළදරු කළලයක් නිර්මාණය කළ විද්‍යා දැනුමට පර්යේෂණ නළ තුළ මස් මාංශ නිපදවීම ස්‌ථිරවම කළ හැකියි. ඒ බව විද්‍යාඥයන් විසින් දැනටමත් ඔප්පු කර අවසන්. මේ කතාව ඒ ගැනයි.
පර්යේෂණ නළ තුළ හෙවත් විද්‍යාගාර තුළ එළු මස්, හරක් මස්, කුකුළු මස් මාළු යනාදී දේ නිපදවිය හැකිද යන්න ගැන බොහෝ කලක සිට විද්‍යාඥයන් පර්යේෂණ කළා. ඔවුන් එසේ කළේ වේදනා දෙමින් සතුන් ඝාතනය කර උන්ගේ මස් අනුභව කිරීමට එරෙහිව ලොව පුරාම විවිධ ව්‍යාපාර ගොඩ නැගුණු නිසයි. නිර්මාංශ ආහාර, සෝයා වලින් මස් හා සමාන ද්‍රව්‍ය නිපදවීම සිදු කෙරුණත් සමහර සත්ත්ව හිංසා විරෝධීන්ට ඇත්තටම මස් ආහාරයට නොගෙන ඉන්නට බැරි වුණා. ඇත්ත මස් කන්නනම් සතුන් මැරිය යුතුමයි. එයට විසඳුම වුණේ විද්‍යාගාර තුළ මස් කුට්‌ටි හෝ මාළු කුට්‌ටි නිපදවීමේ පරීක්‍ෂණ ආරම්භ වීමයි. මේ පර්යේෂණ සාර්ථක කරමින් විද්‍යාගාරයක් තුළ තැනූ පළමුවැනි සත්ත්ව මස් කුට්‌ටිය ලබන ඔක්‌තෝබරයේදී ඕලන්ද විද්‍යාඥයකු වන ආචාර්ය මාක් පෝස්‌ට් විසින් එළිදක්‌වනු ලබනවා. මේ මස් කුට්‌ටියේ බර රාත්තල් කාලයි. එය නිෂ්පාදනය කිරීමට ගිය වියදම ලංකාවේ මුදලින් රුපියල් කෝටි 5 කට ටිකක් අඩුයි. මේ මස් සාරධාර්මික මස් හෙවත් Eඑයසජ්ක මස් ලෙස හැඳින්වෙනවා. ඕනෑම රසයක් ගෙන දෙන මාළු වර්ග මෙන්ම බේකන් හැදීමට අවශ්‍ය තෙල් කොටස වැඩිපුර ඇති මස් වර්ග පවා මේ ක්‍රමයෙන් නිපදවන්නට හැකියි. මේ මස් කෘත්‍රිම මස් නොව සැබෑ මස් ලෙසයි විද්‍යාඥයන් හඳුන්වන්නේ.
මේ මස් හදන්නේ කොහොමද? එය පියවර හතරකින් සමන්විත කටයුත්තක්. එනම්.
1. මුලින්ම එළදෙනකගේ මාංශ පේෂියකින් ස්‌ටෙම් සෛල කිහිපයක් ලබා ගන්නවා. මෙහිදී එළදෙනට කිසිදු වේදනාවක් ඇති වන්නේ නැහැ.
2. අනතුරුව එම සෛල කිහිපවිටක්‌ම දෙගුණ වීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් සපයමින් නිශ්චිත උණුසුමක රැඳෙන්නට සලස්‌වනවා. එවිට බාගෙට තැම්බුණු බිත්තරයක් හා සමාන ඇලෙන සුළු පඨකයක් ලැබෙනවා.
3. මේ පඨක 3000 ක් එතු කර මාංශ පේශියක් තනනවා. අනතුරුව එය අඹරා, විද්‍යාගාර තුළ මේ ක්‍රමයෙන් ම සෑදූ සත්ත්ව තෙල් සමඟ එකතු කර මස් කුට්‌ටි බවට පත්කර පිසීම පිණිස මුළුතැන්ගෙට යවනවා.
දැනට මේ නිෂ්පාදන ක්‍රමය ඉතා වියදම් සහගතයි. එහෙත් නුදුරු අනාගතයේදී වඩාත් ලාභදායක ක්‍රමයකට මේ මස් නිෂ්පාදනය කෙරෙනු ඇති. මෙයට වසර 40 කට පෙර පළමුවන නල බබා උපදවන විට ඒ සඳහා ඩොලර් මිලියන කිහිපයක් වැය වුණා. එහෙත් අද එම තාක්‍ෂණයට ඩොලර් 100 ක් වත් යන්නේ නැහැ.
මහාචාර්ය මාර්ක් පෝස්‌ට් මේ සඳහා වසර 6 ක් පර්යේෂණය කළා. ඔහු මුලින්ම නිපදවා ඇත්තේ හරක් මස්. සෙසු මස් වර්ග ඉදිරියේදී නිපදවනවාලු. පසුගියදා කැනඩාවේ වැන්කුවර් නගරයේ පැවැති ඇමරිකන් විද්‍යාභිවර්ධන සංවිධානයේ රැස්‌වීමකදී ඔහු තම නිෂ්පාදනය එළිදැක්‌වූවා.
සාමාන්‍යයෙන් බොහෝ මස් වර්ග තුළ ඇත්තේ සිරුරට අහිතකර මේද වර්ග. එහෙත් විද්‍යාගාර තුළ මස් නිපදවීමේදී සිරුරට හිතකර මේද වර්ග එයට අන්තර්ගත කිරීමේ හැකියාව ලැබෙනවා. අලුත් මස් වර්ග වාණිජ මට්‌ටමෙන් වෙළෙඳපොළට ඒමට තව වසර 10 ක් වත් ගතවනු ඇති
සංඛනාද වෙදගෙවත්ත