සැටලයිට් රෝහිත ජනතාව නොමග යවලා
ජනාධිපති පුතාගේ චන්ද්‍රිකාව අතේ රෝලක්
2012 නොවැම්බර් 23 වෙනි සිකුරාදා, 16:50 අති විශේෂ
Share
නොවැම්බර් 22 දා චීනයේ දී අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව තිබූ 'සුප්‍රීම් සැට් -1' හෙවත් 'චයිනාසැට් - 12' යනුවෙන් නම්කර ඇති සන්නිවේදන චන්ද්‍රිකාව 'ශ්‍රී ලංකාව සතු ප්‍රථම චන්ද්‍රිකාව'ලෙස ගෙන යන ප්‍රචාරය ජනතාව නොමඟ යවන බොරු බේගලයක් බවට දැන් කරුණු අනාවරණය වෙමින් පවතී.
මෙම චන්ද්‍රිකාව සහ ශ්‍රී ලංකා ආණ්ඩුවේ කිසිම සම්බන්ධතාවයක් නැති බවත්, එය පුද්ගලික සමාගමක් විසින් චීන සමාගමක් සමග කරන ගනුදෙනුවක් බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා ම ප්‍රකාශ කර තිබේ.
අදාළ චන්ද්‍රිකාව, 2010 අප්‍රේල් මස 23 දින දී හොංකොං සමාගමක් වන ඒ.පී.ටී. සැටලයිට් (APT Satellite) විසින් කරන ලද ඇනවුමකට අනුව ප්‍රංශ සමාගමක් වන තේල්ස් ඇලෙනියා ස්පේස් (Thales Alenia Space) ආයතනය විසින් නිෂ්පාදනය කර ඇත.
එම චන්ද්‍රිකාව අභ්‍යාවකාශය වෙත ගෙනයන CZ-3B/E වර්ගයේ රොකට්ටුව නිපදවීම, එය නඩත්තුව සහ අභ්‍යවකාශ ගත කිරීම ඒ.පී.ටී. සැටලයිට් (APT Satellite) සමාගම විසින් චීනයේ ‘චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රි සමූහායතනය’ (China Great Wall Industry Corporation) වෙත 2010 අප්‍රේල් මාසයේදී ම භාර දී ඇත.
මෙම චන්ද්‍රිකාව 2010 දී නම් කර තිබුනේ ‘ඇප්ස්ටාර් 7බී’ (APSTAR 7B) යනුවෙනි.
මෙය ‘ඇප්ස්ටාර් 7’ (APSTAR 7) නම් වූ තවත් චන්ද්‍රිකාවක් 2012 ජූලි 15 දින සහ 2012 ඔක්තෝබර් 15 දින අතර කාලයේදී චීනයෙන් සාර්ථකව අභ්‍යාවකාශයට යැවීමට නොහැකි වුවහොත් ඒ වෙනුවට අභ්යාවකාශට යැවීම සඳහා වූ අතිරේක චන්ද්‍රිකාවක් ලෙස නිෂ්පාදනය කරතිබේ.
එහෙත් ‘ඇප්ස්ටාර් 7’ (APSTAR 7) චන්ද්‍රිකාව සාර්ථකව අභ්‍යාවකාශ ගත කරනු ලැබුවහොත්, ඇප්ස්ටාර් 7බී’ (APSTAR 7B) චන්ද්‍රිකාව චීන ආණ්ඩුව සතු ‘චයිනා සැට් කොම්’ (China Satcom) සමාගමට පැවරීමට හොංකොං සමාගම වන ඒ.පී.ටී. සැටලයිට් (APT Satellite) විසින් කටයුතු යොදා තිබිණ.
‘ඇප්ස්ටාර් 7’ (APSTAR 7) චන්ද්‍රිකාව 2012 මාර්තු 31 දින සාර්ථකව අභ්‍යාවකාශ ගත කෙරුණු අතර එය දැන් නැගෙනහිර දේශාංශ අංශක 76.5 කක්ෂගත කර තිබේ. ඒ අනුව ඇප්ස්ටාර් 7බී’ (APSTAR 7B) අතිරේක චන්ද්‍රිකාව, කලින් එකඟ වූ පරිදි හොංකොං සමාගම වන ඒ.පී.ටී. සැටලයිට් (APT Satellite) විසින් තමන් වියදම් කළ මුදල් ආපසු ලබා ගැනීම පිණිස චීන ආණ්ඩුව සතු ‘චයිනා සැට් කොම්’ (Chna Satcom) සමාගමට පවරනු ලැබීය.
ඉන් පසුව එම චන්ද්‍රිකාව චයිනා සැට් කොම්’ සමාගම විසින් ‘චයිනාසැට් - 12’ ලෙස නම් කරන ලදී.
ශ්‍රී ලංකාවේ සුප්‍රීම් සැට් (පුද්ගලික) සමාගම මෙම ‘චයිනාසැට් - 12’ සමග සම්බන්ධ වන්නේ මේ වසරේදී චීනයේ ‘චයිනා සැට් කොම්’ (China Satcom) සමාගම සමග ඇති කරගන්නා වෙළඳ ගිවිසුම් ගනුදෙනුවක් සමගිනි.
ඒ අනුව ශ්‍රී ලංකා සමාගම සිදුකර ඇත්තේ ‘චයිනාසැට් - 12’ චන්ද්‍රිකාවේ ඉලෙක්ට්‍රොනික පරිපථ ගබඩා කරන ඉඩකඩෙන් කොටසක් බදු ගැනීම පමණකි.
ඉන්පසුව සුපම්සැට් (පුද්ගලික) සමාගම මෙම චන්ද්‍රිකාවට ‘චයිනාසැට් - 12’ නමට අමතරව ‘සුප්‍රීම්සැට් - 1’ යන නම ද පාවිච්චි කිරීමට අවසර ලබාගෙන තිබේ.
සුප්‍රීම්සැට් (පුද්ගලික) සමාගමට ඒ අනුව තමන් බදු ගත් චන්ද්‍රිකාවේ ඉලෙක්ට්‍රොනික පරිපථ ගබඩා කරන ඉඩකඩ වෙනත් පාර්ශවයන්ට නැවත බදු දීමෙන් ආදායම උපයා ගත හැක. මෙය උදාහරණයකින් කියනවා නම් වීන සමාගමකට අයිති කන්ටේනර් පෙට්ටියක ඉඩකඩෙන් කොටසක් ලංකාවේ සමාගමක් විසින් බදුගෙන වෙනත් අයට නැවත එම ඉඩකඩ කොටස් වශයෙන් කුලියට ලබා දෙනවා වැනි ක්‍රියාවකි.
එම ක්‍රියාවට ශ්‍රී ලංකා ආණ්ඩුවේ කිසිම සම්බන්ධයක් නැති බව බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිල වශයෙන් ම ප්‍රකාශ කර තිබේ.
එසේනම් මෙම පුද්ගලික වෙළඳ ගනුදෙනුව ‘ශ්‍රී ලංකාව සතු ප්‍රථම චන්ද්‍රිකාව’ලෙස ප්‍රචාරය කිරීම මේ රටේ ජනතාවත්, ජාත්‍යන්තර ප්රජාවත් නොමග යවන පහත්, ලජ්ජා සහගත ක්‍රියාවකි.
එසේම, රාජපක්ෂ පවුලේ තවත් සාමාජිකයෙකු වන අතිදක්ෂ චන්ද්‍රිකා පරිපථ ඉන්ජිනේරුවරයෙකුයි තමන් විසින් ම තමන්ව හඳුන්වා ගන්නා රෝහිත රාජපක්ෂ නම් අයෙක් මෙම චන්ද්‍රිකා ව්‍යාපෘතියට දායකත්වය ලබා දී මග පෙන්වූ බවට ද බොරු ප්‍රචාරයක් ගෙන යමින් පවතී.
රෝහිත රාජපක්ෂ තබා සුප්‍රීම් සැට් (පුද්ගලික) සමාගමවත් මෙම චන්ද්‍රිකාවේ කිසිම ඇණ මුරිච්චියක් තද කර නැති අතර ඔවුන් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වනවිටත් මෙම චන්ද්‍රිකාව නිපදවා අවසානය.
එබැවින් ලංකාවේ චන්ද්‍රිකාවක් අභාවකාශ ගත කරන බවට ජනාධිපති පුත් රෝහිත රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත කර තිබෙන ප්‍රකාශ ජනතාව රැවටීමට ගෙන යන ප්‍රචාරයක් පමණි.