සැප සදනා සිත් පුබුදු කෙරේවා...!

nomiyanadhama

Junior member
  • Aug 13, 2021
    29
    69
    13
    නවතම සදහම් ග්‍රන්ථය

    සැප සදනා සිත් පුබුදු කෙරේවා...!

    "...මෙලොව පරලොව දෙලොවෙහි ම සුවපහසුව පිණිසත් සියළුම දුකින් නිදහස් වීම පිණිසත් මඟ කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පමණයි. යලි කිසි කලක දුකට පත් නොවෙන ශ්‍රේෂ්ඨ ජීවිතයක් උපදවාගැනීම පිණිස බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මඟ පෙන්වනවා. යමෙක් යම් කලක දුකට පත්වෙනවා නම් ඒ දුකෙන් නිදහස් වීමක් ලබන්ට නොලැබෙනවා නම් ඔහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨ එකක් වෙන්නේ නෑ. නමුත් යමෙක් ඉතා හොඳින් ධර්මය පුරුදු කළොත් කිසි කලක යලි දුකට පත්නොවෙන විදියට ජීවිතය දියුණු කළ හැකියි. ඒ වගේම ඉතාම සුවපහසු ජීවිතයක් උපදවාගන්ටත් පුළුවන්කම තියෙනවා. එබඳු ජීවිතයක් ශ්‍රේෂ්ඨ යි. ඒ සඳහා මඟ පෙන්වන්නේ ධර්මය පමණයි. ඒ ශ්‍රේෂ්ඨ ජීවිතය පිණිස ධර්මය පුරුදු කරගැනීමට උනන්දු වෙන අයට උපකාර පිණිස යි මේ කුඩා දහම් පොත පිළියෙල කළේ..."

    පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

    175917835_1185366328588134_7929230220083165649_n.jpg


    PDF ගොනුව download කරගැනීමට →