සැබවින්ම~හාස්කම්~ඇත

nilangasilva

Member
Aug 15, 2010
144
17
0
Yea... true....
True Buddhism is not prioritize mysterious things but it has described some details about paranormal activities.

Photo වලින් ඇතිවෙන effects වරදවා වටහා ගෙන වැරදි විදියට අර්ථකතනය කිරීම ටිකක්
පරිස්සමෙන් කලයුතු දෙයක්.මන්ද බුදු දහම යනු ඓශ්චර්යන් තුලින් ජනනය වු දෙයක් නොව, බුදු රජාණන් වහන්සේ විසින් ස්වෝත්සාහයෙන්, ප්‍රායෝගික ලෝකයේ උදාහරණ තුලින් ගොඩනගා ගත් දර්ශනයකි.

ඉතින් සහෝදරවරුනි, අන්ධ ශ්‍රද්ධාව තුලින් නොමඟ යනවා වෙනුවට ධර්මය අසන්න,ධාරණය කර ගන්න,එහි හැසිරෙන්න........
එතුලින් ඔබට කැමරාවකට වඩා හොඳින්, පෙනෙන හෝ නොපෙනෙන ලෝකය දෙස බැලීමට හැකි වනු ඇත.
:)


හාස්කම් යනු මිනිසුන් විසින්ම මවා ගන්නා දෙයක් මිස සැබෑවක් නොවේ. හාස්කම් ගැන බුදුන් වහන්සේගෙන් විමසූ අවස්ථාවක ලබා දුන් ඉතා වටිනා පිළිතුරක් මෙහි සදහන් කරනු කැමැත්තේමි. එකළ බුදු රජාණන් වැඩ විසූ සමයෙහිදීම එක්තරා ගංගාවක ජල මතුපිට ඇවිදිමින් සිටින පුද්ගලයන් පිරිසක් දුටු තෙරුන් පිරිසක් බුදු රදුන් අමතා,

"ස්වාමිනි අපත් මෙසේ ජලමත ඇවිදිමින් පෙළහර නොපාන්නේ මන්දැයි "
විමසූ විට බුදු රදුන් විචාලේ,
"තෙරුනි, මේ නදිය තරණය කිරීමට කහවණු කීයක් උවමනා වේදැයි?"
යන්නයි. එවිට පිළිතුර වූයේ,
"කහවණු 4ක් හෝ 5ක් වේයැයි" යන්නයි.
එවිට බුදු රදුන් විචාලේ ,
"එසේ නම්, තෙරුණි, හාස්කමක වටිනාකම කහවණු 4ක් හෝ 5ක් නොවේද යන්නයි".

මෙවැනි ක්‍රියා මත එල්භගෙන වැඩ කිරීමේ නිෂ්ඵලත්වය මෙයින් මනාව පිළිබිභු වේ. නමුත් මනුෂ‍යන් වූ අප වඩාත් කැමති වන්නේ එක් රැයකින් ජනප්‍රිය වන ආකාරයේ පෙළහර දකීමට මිස කල් ගතවන ධර්මය දැකීමට නොවේ. කියවන්න ත්‍රිපිටකය.