ලංකාවේ භික්ෂූන් වහන්සේලා වැඩ සිටිති. භික්ෂූන් වහන්සේලා ගේ වේශයෙන් සිටින චීවරධාරීනුත් සිටිති.
මේ දෙපිරිසම අද ඔබට ගාලු මුවදොර දී බලා ගත හැකිය. භික්ෂූන් වහන්සේලා වඩින්නේ හවසය. ඒ ජන අරගලයට ආශිර්වාද කරමිනි. චීවර ධාරීන් මේ වන විට නෙළුම් පොකුණේ සිට ගාලු මුවදොර පෙදෙසට ගමන් කරමින් සිටින බව වාර්තා වේ. ඒ තමුන් වලං බාන හාම්පුතුන් ගේ අණ පරිදිය. ඔවුන් මොකට එනවා දැයි ඔවුන් වත් දන්නේ නැත.
මොන තරම් ජුගුප්සාජනක වුවද චීවරධාරීන් පිලිගත් යුත්තේද ආදරයෙනි මෛත්රියෙනි. මේ බිඳ වැටෙමින් පවතින්නේ රාජපක්ෂලාගේ විජිතපුර බලකොටුවයි. රාජපක්ෂ නියමයෙන් මේ එන චීවරධාරීන් බොහෝ පිරිසගෙනුත් සාතිශය බහුතරයක්, කරකියාගත නොහැකි , නැත්නම් ඉතා ලාබාල හාමුදුරුවරුන් බව නොකිවමනාය. අප ඔවුනුත් රැක ගත යුතුය.
අද සවස උගත් බුද්ධිමත් භික්ෂූන් වහන්සේ දෙසිය පනහක් පමණ වඩිනු ඇත. ඒ මේ සටනට ආශිර්වාද කරනු පිණිසය. උන් වහන්සේලා අරගලකරුවන් සමග රැඳී සිටිනු ඇත.
මේ ගතවන කාල පරිච්ඡේදය ලාංකීය භික්ෂුවගේ සමාජ භූමිකාව පිළිබඳ ඓතිහාසික වෙනසක් සලකුණු කරනු ඇත. අවර ගණයේ ජාතිකවාදයන් සහ සකල විධ අවස්ථාවාදයන් සහ තක්_කඩිකම් කරපින්නාගත් භික්ෂු චරිත මෙතැනින් පසුව ගමන් කරනු ඇත්තේ ඉතිහාසයේ කුණු බක්කියටය. සුපේෂල ශික්ෂාකාමී අනාගතවාදී මැදහත් භික්ෂූ භූමිකාවකට තරුණ පෙළ අතරින් ඉඩ විවර වනු ඇත.
(Copied)