"ගීතයේ මාතෘකාව උපාසකම්මා ඉපදුනු හීන කුලේ...
ගීතයේ රචනය රංචාගොඩ ළමයා"
උපාසකම්මා ඉපදුනු හීන කුලේ..
මහණ කරන්නයි යන්නේ ඇගේ කොළු..
ඌට නිකායක් වෙන් කර තබා තියේ..
අප මුණි බණේ ඒකද හාමුදුරුවනේ...
පිරිත් නූල් බඳිමින් ජන හතුරන්ට..
යතුරු කැරළි අදනය යට ගසාගෙන..
අපවත් වෙන්න පෙර සහලේ ඥාතිවරූ..
මහණ කරණ එකදැයි මුණි බණේ අණේ...
කුණු හෝදන්න මහතැන් වල අපේ රටේ..
පන්සල තමුන්නැහෙගේ හොද වෙල්ලාව..
ටිකට් විකුණලා පෙරහැර කරන කොට
කරඬුවෙ ඉදීවිද ධාතුන් වහන්සෙලා...
රට දැය සමය රැක ගත්තේ චීවරයයි..
රට දැය සමය සුරකින්නෙත් චීවරයයි..
එවන් සසුන සමහර හිමිවරු නසතී..
කුලගොත් ඥාති සංග්රහ නිලතල සොයමින්..
කුඩාපොල වගේ විරු හාමුදුවරූ
අදත් අප අතර හිද මේ ලෙස කියතී...
"රටකන උන්ව වනසා රට දැය රැකුම
තමයි අපෙ අද දවසේ මහණකම…"
ගායනය - විශාරද නන්දා මාලනිී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - ඔස්ටින් මුණසිංහ.