මස් කෑමෙන් වැලකී සතුන්ට
සැබෑ අභය දානය දෙන්න
අභයදානය යනු උතුම් පිංකමකි. ලෝකයේ මෙබඳු පිංකම්වල යෙදෙන එකම ජාතිය සිංහල බෞද්ධයන් පමණක්‌ම විය යුතුය. බෞද්ධයා යනු බුද්ධිමතාය. එබැවින් ජාවාරම්කාරයන්ගේ උගුල්වලට අසුනොවී සිටීමට තරම් අප බුද්ධිමත් විය යුතුය. ගවයෙක් මරණයෙන් නිදහස් කර ගැනීමට නම් බොහෝ දෙනෙක් යන්නේ ඔරුගොඩවත්තටය. මෙම ස්‌ථානයේ ගව ඝාතකාගාරයක් නොමැති බව පවසන්නේ වගකීමෙන් යුක්‌තවය. මෙම ස්‌ථානයේ ඇත්තේ ගොවිපළ කිහිපයක් පමණි. එම ගොවිපළ සියල්ල මුස්‌ලිම් කෝටිපති ව්‍යාපාරිකයන් සතුය. මෙම ගොවිපළවල ගවයන්, එළුවන්, කුකුළන්, තාරාවන් වැනි සතුන් ඇතිකෙරෙයි. මෙම ස්‌ථාන සත්ව ඝාතකාගාර ලෙස රජයෙන් අවසර ලබාගෙන ද නැත. මෙම ස්‌ථානයේ ගව ඝාතකාගාරයක් ද නැත. නමුත් ඕනෑම අයකුට සතකු මිලදී ගැනීමේ හැකියාව ඇත. ගොවිපළකින් සතකු මිලදී ගැනීමෙන් අභයදාන පිංකමක් සිදුවේ ද යන්න ගැටලුවකි.
මෙම ස්‌ථානයේ තැරැව්කරුවන් රැඳී සිට භික්‍ෂූන් වහන්සේලා සහ බෞද්ධයන් පැමිණි විට ඔවුන් රවටා මේ දැන් මරන්න ඉන්න සතා ඉක්‌මනට ගන්නවා නම් ගන්න නැත්නම් මරන්න ගෙනියනවා කියමින් බෞද්ධයන්ට පෙන්වා ගවයා රැගෙන ගොස් ගොවිපළ පිටුපස සඟවයි. නැවත පසු දින එළියට දමයි. මේ උගුලට අසුවන ඇතැමුන් කලබල වී රු. 10,000 වටින සතා 50,000 ගෙවා රැගෙන යයි. වෙසක්, පොසොන් පෝය ඉලක්‌ක කරගෙන ගම් මට්‌ටමින්ද මෙම ජාවාරම ක්‍රියාත්මක වේ. ගම්වල ගව සොරකම ද පාරවල්වල සිටින අයාලේ යන ගවයන් ද සොරකම් කර විකිණීම මෙම කාලය තුළ බහුලව සිදුවේ. මෙසේ විකිණෙන ගවයකුගේ මිල රු. 40,000 ක් පමණ වෙයි. ගවයන් දසදෙනකු නිදහස් කළ හොත් ජාවාරම්කරුට ලැබෙන ලාභය රු. ලක්‍ෂ 4 කි. එම මුදලින් ඔහු තව ගවයන් 20 ගේ පමණ ගෙල සිඳ දමයි.
මෙලෙස බලන විට ගව ඝාතකයාගේ ව්‍යාපාරයට සම්මාදම් වී ඇත්තේ අහිංසක බෞද්ධයන්ය. මේ ගැන සිතා බලන්නට කාලය පැමිණ ඇත. ඇතැම් සංවිධාන ද අභයදාන පිංකම්වලට මුවාවී එකතු වූ මුදලින් අඩක් සඟවා ඉතිරි මුදලින් සතුන් කිහිප දෙනෙකු පමණක් නිදහස් කර ප්‍රදර්ශනය කරයි. මෙසේ ගෙනෙන සතුන් බොහෝමයක් ටික දිනකින් මිය යන්නේ පැටවීමේදී සහ ප්‍රවාහනයේදී සිදුවන හිංසාවත් නිසාය.
ඉල්ලුම වැඩි වන විට සැපයුම වැඩි වන න්‍යාය අප තේරුම්ගත යුතුය. ගවයන්ට සහ මස්‌වලට ඇති ඉල්ලුම අප පහත දැමිය යුතුය. අභයදාන පිංකම් සඳහා මුදල් එකතු කරනවා වෙනුවට ගව මසින් වැලකීමේ පොරොන්දු පත්‍ර අත්සන් කිරීමේ වැඩපිළිවෙලවල් සෑම විහාරස්‌ථානයකම ඇති කළ හැකි නම් අනගාරික ධර්මපාල චින්තනය යථාර්ථයක් කළ හැකිවනු ඇත.
ප්‍රදීප් සමරසිංහ, හඳපාන්ගොඩ.