"සැබෑ පරමාදර්ශ හා ස්වායත්ත සමාජ චලිතයන් ප

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    "සැබෑ පරමාදර්ශ හා ස්වායත්ත සමාජ චලිතයන් ප

    "සැබෑ පරමාදර්ශ හා ස්වායත්ත සමාජ චලිතයන් පිරුණු එක යුගයක් නිමාවට පත්වෙමින් පවතී "
    "An era of sincere ideals & intrinsic pro-social behaviors is reaching its end"​

    VKOEZCi.jpg


    සමාජක්‍රමය ක්‍රමිකව වර්ධනය වන බව අප හැමෝම හොදට දන්නා කාරණයක් . වර්ධනය හොදද නරකද කියන එක සාපේක්ෂ සාධකයක් පුද්ගලානු බද්ධ මානසික මට්ටම වලට . ඒක හරියටම කියනවනම් හැමෝම සමාජ ක්‍රමය දෙස බලන්නේ තමන්ට පදනම් වෙලා . මම හිතන්නේ ඒක බාහිර සාධකයකට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියල . හරියටම කියනවනම් ඒක නුතන අධ්‍යාපන ක්‍රමයටවත් වෙනස් කරන්න අමාරු සාධකයක් . අපි දකින අපිට පෙනෙන අපි වින්දනය කරන ලෝකයට වඩා එහා ගිය මානයක ඉගෙන මේ පැත්ත බැලුවොත් එක හොදට තේරෙයි .

    ඇත්තටම අපි ඉන්නේ කොච්චර විචල්ල්‍ය ලෝකයක ද ? අපි දන්නේ නෑ හෙට අපිට මොකද වෙන්න තියෙන්නේ කියල . අපි හිතන්නේ හෙට දවස ගැන නෙවෙයි . අතීත ක්‍රමයට වඩා නුතන ක්‍රමය වෙනස් උනේ මෙහෙමයි , මේ විදියටයි කියන්න තරම් සංකීරණ තත්වයක නෙවෙයි අද වෙනකොට අපි ඉන්නේ . අපිට බෑ ඊලග මොහොත ගැන කල්පනා කරන්න . අපි අපිගැන පුදුම වෙනවා වෙලාවකට , තව වෙලාවකට අපි අපි දෙස බලලා හිනා වෙනවා , අඩනවා ඔයවගේ දේවල් එක්කල තමයි අපි අපේ ජීවිතය ගෙවන්නේ . මේක ගැන පුදුම වෙන්න දෙයක් නෑ එක පැත්තකින් බලනවා නම් .මොකද අපි අපේ සමාජ ක්‍රමය තුල හිර කරුවෝ වෙලා ඉන්නේ .අපි උත්සහ කරන්නේ නෑ මේකෙන් ගොඩ එන්න පුළුවන් විදියක් ගැන .

    අපිටම අනූන වෙච්චි සමාජ තල වල ජිවත් වීම හැරුන කොට ඊට එහා ගිය දෙයක් ගැන අපි හොයනවනම් ඒ අඩුවෙන් . වහනයක් , ලොකු ඉඩම් ගෙවල් මිනිස්සුන්ගේ මට්ටම මනින අලුත් සාධක වෙලා ඉවරයි . මිනිස්සු සිතුවිලි වලින් කොච්චර පෝසත් ද කියල හොයාගන්න මිනිස්සුන්ටම තේරෙන්නේ නෑ .
    මේ ලගදි දවසක "මම මාතර දෙසට දිවෙන අධිවේගී මාර්ගයේ යද්දී දැක්ක වාහනයක පොඩි වහු පැටියෙක් හැප්පිලා මැරිලා / පණ අදිමින් ඉන්නවා . වාහනයේ ගිය ය බැලුවේ වහනයට වෙච්චි අලභානිය දිහා මිසක් තාම අතින් අහිමි උන ජීවිතය දිහා නෙවෙයි " මම කියන්නේ අපි අපිවම රවට්ටගෙන තියෙන්නේ .

    මේ රැවටීම ආරම්හ උනේ කාලය කියන සාධකයත් එක්ක . පසුව මුදල් කියන සාධකය කරලියට ආව . දැන් අපි ඉන්නේ මේ දෙවෙනි සාධකය එක්ක . අපි හිතන්නේ මුදල් වලට ඕනේ දෙයක් කරන්න පුළුවන් කියල . එහෙම නේද ? . මට හිතෙනවා මේ යුගයේ අවසානයත් එක්ක අපි අලුත් සාධකයක් වටා එකතු වෙයි කියල . එක මේ හැමදේකටම එහා ගිය අභව්‍ය සාධකයක් වෙන්න පුළුවන් . නැත්තම් ඒක හරියට අස්ථිර සාධක ගොන්නක් වෙන්න පුළුවන් . මට කියන්න තියෙන්නේ අපි තවදුරටත් අපිව රවට්ට ගන්න ඕනේ නෑ කියන එක . අපි අපිම උනා නම් හරි කියන එක . අපි අපිවෙනුවෙන් ඉන්න ඕනේ කියන එක. මේ නව සංකල්පයත් එක්ක හැමෝම වගේ කපටි කම් , වංචා , බොරු වගේ බරපතල ගණයේ ලා සැලකෙන වැරදි වලින් බැහැරට ගියොත් අපි නුතන තරගකාරිත්වය තුල සිරකරුවන් වෙන එකක් නෑ . හැමෝම හැමෝටම තරගයක් දීල වැඩක් නෑ . හැමෝම තමන්ට තරගයක් දෙන්න පටන් ගත්තොත් මේක ඉවර වෙයි හොද විදියට . මම කියන්න දන්නේ නෑ මේක ඔප් නැංවිය හැකි දෙයක් ද කියල ? ඒත් මම හොදටම දන්නවා මේ මම මෙච්චර වෙලා කියපු හැම දෙයක් ම කවද හරි කොහේදී හරි ඇත්ත වෙනවා කියල . හැබැයි එදාට එක බලන්න මම ඉදී ද දන්නේ නෑ . ඔන්න ඔය හින්දා තමයි අද මම මේක මේ විදියට ලියල අහවර කරේ .


    http://magelokaya01.blogspot.com/2017/11/blog-post_23.html
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    TFS

    +12 Rep

    puluwan nam me katha tika digatama ahapan machan..... download karala puluwan tharam anith ayata bedala denna.... mata puluwan vidihata man hemotama download karala denawa...eth hemotama mewa ahanna hithenne ne ban.... man kiyanawata mul kotas tika ahapan...

     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    TFS

    +12 Rep

    puluwan nam me katha tika digatama ahapan machan..... download karala puluwan tharam anith ayata bedala denna.... mata puluwan vidihata man hemotama download karala denawa...eth hemotama mewa ahanna hithenne ne ban.... man kiyanawata mul kotas tika ahapan...


    බොහොම ස්තුති මචන් රේප් වලට . මම බලන්නම් !
    :love: