සැබෑ ප්‍රේමයේ සීමාව හොයන එක ඊට වැඩිය අමාරුයි බං.
අපි හිතමුකෝ මෙහෙම. දෙන්නෙක් සැබෑවටම ප්‍රේම කරනවා. උන් දෙන්නා බදිනවා. ප්‍රේමය නැති වෙන්න නෑ ඒක තියනවා. හැබැයි නැති උන ප්‍රෙමයක් තරම් අගේ නෑ. ඒකයි ඔතන වෙන්නේ. මිනිස්සුන්ගේ හැටි තමයි බං දෙයක් ළග තියනකොට අගේ නෑ. නැති උනාම තමයි අගේ දැනෙන්නේ. ඒක ප්‍රේමයට වගේම හැම දේටම පොදුයි.
ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ යන්න ආස නෑ. ඒත් දැන් පට්ට ආසයි.
ඒ වගේ ලව් කරපු කෙල්ල බැන්දොත් ඒකේ අගේ නෑ. ඒත් ඒ ආදරය නැති උනොත් ඒකෙ අගේ මුළු ජීවිත කාලෙටම දැනෙනවා. මම ඔය දෙකම දැනෙන එකෙක්. ලව් කරපු කෙල්ලෙක් බැන්දා, තව ලව් කරපු කෙල්ලෙක් ඈත් උනා. බැදපු ලව් එකට වඩා දැනෙන්නේ නැති උන ලව් එක.
Last edited:



?