වැදගත් කතාවක් ..... මගේ ජීවිතෙත් ඔය හා සමාන නිසා තව පොඩි දෙයක් එකතු කරන්න උනා
> මට ජිවිතේ ලැජ්ජාව කියන දේ නැති උනාට බය කියන දේ තියෙනවා.... ඒ මම එතනින් එහාට වෙන දේ ගැන හිතනවා ........
> මේ කතාව වගේ මට හැම දෙයක්ම නිකං සෙට් උනේ නැ .. මම ජිවත් උන වට පිටාව සහ මම සමාජයේ මුහුණ දෙන දේවල් එක්ක ජීවිතේට එකතු වුන දේවල් තමා තියෙන්නේ
> කවදාවත් මම කරපු දේවල් පම්පෝරි වගේ කියවන්නේ නැ .... ලගින් සෙට් උනොත් ...සමහර විට බොන වෙලාවට වගේ ආතල් එකට කියනවා ... හැබැයි එකෙන් තව කෙනෙක්ට හිතන්න දෙයක් සහ එතනින් එහාට වෙන දේ ගැනත් අනිවා කියනවා
> මම ජිවිතේ විදින්නේ කල කම් පලදීමක් වශයෙන් නෙමේ... එත් අදටත් මගේ අතීතය අනාගතයට එන්න ඉඩ තියන්නේ නැ ...... හැම දෙයක්ම අවසානෙටම ඉවර කරලා තමයි තව දෙයක් ගැන හිතන්නේ
> බස් වල .. වැඩ කරන තැන් වල ... එදිනෙදා මුණ ගැහෙන අය අතර තමයි හුගක් මගේ දේවල් ඔය කියන මට්ටමේ ඒවා වෙලා තියෙන්නේ ..... සැම විටම එක්වරකට පමණක් සීමා වුන අවස්ථා ඕනෑ තරම්
අපි කොච්චර කිව්වත් අද සමාජයේ සුදනන් සහ බෝදිසත්වයන් ,, සාන්තුවරු කියලා කට්ටිය දැන් නැ .... එහෙම හිටියත් වැඩි කල් ජිවත් වෙන්නේ නැ ...... ජිවත් උනත් මුළු පෘතුවියේ ලෝක වාසි කට්ටියගෙන්ම 1% වගේ තමා
තමන්ගේ දුව ගැන හොයලා නොබලපු එකෙන් වෙන දේ තමන්ගේ අතීතයත් එක්ක සංසන්දනය කරන එක මහා මෝඩ වැඩක් ... දුව ගැන මිට වඩා හොයලා බැලුවා නම් ඔය කතාව වගේ දෙයක් නොවෙන්න තිබ්බා.
අනිවාර්යෙන්ම අම්මා හා තාත්තා විසින් තමන් ජිවිතයේ ලද අත්දැකිම් බෙදාගන්න ඕනේ සහ ළමයින්ට මගපෙන්වීම් අනිවා වෙන්න ඕන දෙයක් ..... පුතෙක් හදනවා වගේ නෙමේ දුවෙක් හදන්න ඕනේ ...වැරදෙන්න තැන් හුගක් තියෙනවා ........
එහෙම කියලා වැඩිය නීති රීති දාලා නෙමේ කියලා දීලා අනතුරු සහිත දේවල් කියලා දීලා තමා ගේම ගහන්න ඕනේ ..... ලේසි නැ ළමයි ලොකු වෙනකන් බලාගන්නවා කියන එක .... සමහර අය හිතන්නේ ඕන කරන දේවල් අරන් දීලා ... වියදමට සල්ලි දුන්නම ඔක්කොම හරි කියලා ... එහම අය වැරැද්ද ගත්තම තමන්ගේ අතීත අවර්ජනයක් එක්ක කතා ලියනවා .....එහෙම වැඩක් තියෙනවද බන් ....
මට හිතෙනදේ තමා කිව්වේ ...... උබලා කොහොම හිතනවද දන්නේ නැ ඉතින් .... Theory නෙමේ ජිවිතේ ප්රයෝගික වෙයන් හැම දෙයකදීම