නීතිය දන්න උන් නෙවෙයි නීති හදන්න දන්න උන් ඉන්න ඕන. ඒකට බුද්ධිය තියෙන උන් ඉන්න ඕන. ඒකයි මේ උගත්, බුද්ධිමත් කතාව කියන්නෙ. ඇත්තටම බුද්ධිමත් වෙන්නයි, වංචාකාරයෙක්, හොරෙක් නොවෙන්නයි ඕන. නමුත් ඉතින් මේ කියන බුද්ධියට උගත් කමත් අවශ්‍යයි. අදාළ විෂයන් වල උගත්කම තියෙන අය අවශ්‍යයි.
දැන් පාර්ලිමේන්තුවෙ උගත් උන් කීදෙනෙක් ඉන්නවද? හිටියද? හොරට විභාග ලියපු උන්ට සහතිකයක් තිබුණට උන් උගත් වෙන්නෙ නෑ. එහෙනං මර්වින් සිල්වා කියන්නෙත් ප්‍රාමාණික විද්වතෙක්.

මහින්ද, නාමල් කියන්නෙත් එච්චර තමයි කියල දන්නවනේ. උගත්තු ගිහින් මොනවද කරේ වගේ ප්‍රශ්න පට්ට ගොං ප්‍රශ්න බං. මොන උගත්කම තිබුණත් එහෙම දෙතුන් දෙනෙක් ගිහින් කරන්න පුළුවන් දෙයක් නෑ. බහුතරය එහෙම වෙන්න ඕන. උගත්, බුද්ධිමත් උනාට මදි ඒ දක්වා කාලය තුල වංචාකාරයෙක් නොවෙන්න ඕන.
"උපාධි සහතික" තියෙන කීපදෙනෙක් ඔතනට යවලා මොකක්ද උනේ කියල අහන අයයි, 30 වසරක යුද්ධෙ ඉවර කරපු, කොළඹ ලස්සන කරපු, කොන්ද පණ තියෙන අපේ සර් එක්ක කාටවත් හැරෙන්නවත් බෑ, කාටවත් නටන්නත් බෑ කියල බලාපොරොත්තු උන අයයි එකම බුද්ධි මට්ටමේ.
මං හිතන්නෙ නෑ පැතුම් කර්නර් = නාගානන්ද වෙනව කියල. අනිත් එක පැතුම් කර්නර් ජනාධිපති උනත්, කිසිම අවුලක් නැති උනත් මේ තියෙන විදියට පාර්ලිමේන්තුවෙ බහුතර බලය එයාගෙ පක්ෂෙට ගන්නෙ නැතුව දෙයක් කරන්න පුළුවන් වෙයි කියල මම කොහොමටවත් හිතන්නෙ නෑ.
ප.ලි. : නාගානන්ද පාර්ට් 2 කියන්න නාගානන්ද අවුල් කියලනෙ. නාගානන්ද ගෙ එහෙම කියන්න තරං අවුලක් නං දැක්කෙ නෑ. නමුත් පැතුම්, නාගානන්ද දෙන්න ගෙන් නං මං තෝරගන්නෙ පැතුම්. මම දරන මතයට 100% සමාන මතයක් දරන්නෙ පැතුම්.
පොර පස්සෙ වෙනස් වෙයිද කියන්න මම දන්නෙ නෑ. කවුරුවත් දන්නේ නෑ. නමුත් එක දෙයක් හරියටම 100% විශ්වාසයෙන් කියන්න පුළුවන්. මේ දක්වා ආණ්ඩු කරපු දේශපාලන පක්ෂ + දේශපාලකයො + උන්ගෙ ළඟම නෑයෝ + පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීලගෙන් එන ආණ්ඩු කිසි එකකින් කිසිම යහපත් වෙනසක් වෙන්නෙ නෑ.


මේ පේනවනේ. කලින් කියපු එකට කිසිම සාධකයක් පෙන්නුවෙත් නෑ. ඊළඟට කියපු එකේ තර්කය බොරු කියල පෙන්නුවෙත් නෑ.
මේ තමයි ලංකාවෙ බහුතර ජනතාවගේ හරස්කඩ. මේ තියෙන අවාසනාවන්ත, වලපල්ලට යන රට ඒ තත්ත්වයට ගෙනාපු කරුම ජීවිත. මේවගේ විකෘති ජාන තියෙන පොළවකට කවදාවත් සෙතක් වෙන්නෙ නෑ. ගෑවිච්ච තැනකට මූසලකම විතරමයි.
------
Post added on May 26, 2021 at 6:13 PM