ඔය පින්තුරේ කහ පාටින් රවුම් කරලා තියෙන්නේ සිංගප්පුරුවේ ANCHORAGE එකේ නැව් වලට තෙල් සැපයුම් ගන්න නැව් ටිකක් . කොළ පාට නැවට තෙල් සපයන්නේ රතුපාට එකෙන්. නිල පාටින් රවුම් කරලා තියෙන්නේ BUNKER BARGES එහෙමත් නැත්නම් තෙල් සැපයුම් කරන පොඩි නැව්. මට කියන්න ඕනේ වුනේ, අපේ රට මෙච්චර හොද ස්ථානයක තිබිල හදිස්සියකදී හැර නව සමාගම් තෙල් ගන්න සිංගප්පුරුව තමයි තෝරාගන්නේ, ඒකට ප්රධානම හේතුව වෙලා තියෙන්නේ අපේ රටේ එවුන්ගේ තියෙන හොරකම් කරන පුරුද්ද නිසයි. තෙල් සැපයුමේදී ටොන් 5-10 විතර අඩුවෙන්මයි දෙන්නේ. බොරුව කරල කොහොමාහරි නැවත් පරක්කු කරල පාඩුත් කරලා යැව්වහම අයෙත් ඒවිද..? මම ඔය සාරාංශය කිව්වේ. ඔන්න ඕකයි අපේ රටේ තත්වේ.