මට ඕවගේ එකක් උනා නුගේගොඩ සිංහගිරි එකේ.
මම උන්ගෙන් ලැප් එකක් බැලුව, ඔෆර් එකක් තියෙනවා කියල 59900ට ගන්න පුළුවන් කියල.
පහු වෙනිදා මම ගන්නවා කියල හිතල යන්න කලින් කෝකටත් උන්ගේ සයිට් එක බැලුව, මෙන්න එකම 51500ට තියෙනවා.
මම හවස ගිහින් කිවම උන් කියනවා එක වෙන්න බෑ, හැම තැනම මේ ගාණ තම කියල. මම සයිට් එක පෙන්නපුව පොර පොඩ්ඩක් ඉන්න සර් කියල කාටද කෝල් කර, ඊට පස්සේ කියනවා එක කොපරට් ඔෆර් එකලු, ලැප් 20ට වඩා ගන්නවනම්ලු ඒ ගාණ..
පහුවෙනිදා මම උන්ගේ හෙඩ් ඔෆිස් කතා කරලා ඇහුව, එහෙම එකක් නෑ, ඔන්ලයින් ඕඩර් කරන ඕනි කෙනෙක්ට ඒ ගාණ කිව, ලංකාවේ ඕනි තැනකට ෆ්රී ඩිලිවරි තියෙනවා කිව.
මම එකෙන් ඕඩර් එක දැම්ම, පහුවෙනිදම අතටම ගෙනත් දුන්න.