රජය මේ මොහොතේ අකාර්යක්ෂමයි.තමන්ට විරුද්ධව එන චෝදනා සත්‍ය හෝ අසත්‍යය වේවා ඒවාට නිවැරදිව ප්‍රතිචාර දක්වන්නෙ නැතුව සාර්ථකව රට පාලනය කරන්න බෑ.. ටිකක් විමසිලිමත්ව බැලුවම පේනවා රජයට විරුද්ධව මේ වෙලාවේ උග්‍ර විදියට චෝදනා රැල්ලක් නිර්මාණය වෙවී යනවා..ගොඩක් වෙලාවට ඒවා දේශපාලනිකයි..විපක්ෂය විසින් කරන වැඩ..ඒ උනාට ඒ එන චෝදනා බොරුම නෙවෙයි..යම් පදනමක් තියෙනවා..හැබැයි කියන තරම් ඇත්තත් නෙවෙයි..ඒවාට ඉතින් මුහුණ දෙන්න වෙනවා..චෝදනා කරන අයට බනිනවාට වඩා චෝදනා වලට හරියට ප්‍රතිචාර දක්වන එක තමයි වැදගත්..
එකඟයි.
ආණ්ඩුව හරියට රියැක්ට් කරන්නේ නැහැ. මං හිතන්නේ මේ Elakiri එකේ උන් ටික ඊට වඩා හොඳට defend කරනවා.
2015දීත් ඕක උනා. දැනුත් ඒකමයි වෙන්නේ. ඔය එකක්වත් ෆුල්ම මඩ නෙවෙයි. ඇත්තක් එක්ක එන්නේ, එකනේ ආණ්ඩුව ඇතුලේ උන්ම තැන් තැන් වල නාගන්නේ. හැබැයි ගොබෙල්ස්ලා ටික දෙනවා එක හත කරලා.
ඔය "සර් ෆේල්" කැම්පේන් එක වුනත් හොඳටම කරානේ. ගෝටම එකට රෙස්පොන්ඩ් කරන ලෙවල් එකටම ගත්තනේ. ඒත් ඇත්තට බැලුවොත් ඔය කැම්පේන් එක කරන බහුතරය පහුගිය කාලේ චන්දේ දුන්නේ ලෝකෙ හිටපු හොඳම "ෆේල් සර්" ට. එක දිගට එච්චර චන්ද පැරදිච්ච එකෙක් මන් හිතන්නේ ප්රාග් ඓතිහාසික කාලේවත් ඉන්නේ නැතුව ඇති. ආරිථික ඔස්තාර් කිව්වට ආපු ගමන් මහ බැංකුවට නස්තාර් වෙන්න දුන්නේ. එහෙම තියාගෙනත් මුන් මේ කැම්පේන් එක සුපිරියට කරා.
ඒක නිකන් පන්තියේ ඉන්න වැඩ බැරිම එකා, හොඳටම වැඩ පුළුවන් එකෙකුට කියන්න ගත්ත වගේ අරූට වැඩ බෑ අරූ ෆේල් කියල. එහෙම වෙලත් කැම්පේන් එක success.
මද්‍යස්ථ එකෙක්ගේ ලොකුම තර්කය, මේ ආණ්ඩුව වැඩ නා ගත්තත්, අනිත් උන්ට වඩා දහස් ගුණයක් හොඳයි කියන එක.
අනිත් උන්ට දීල කොහොමත් වැඩක් නැහැ කියන එක. මුන් ඉතින් දැන් ටික ටික මේ වගේ කැම්පේන් කරගෙන යනවා. ඊට පස්සේ හෙමිහිට එකෙක් ෆෝම් කරලා පුම්බල ඉස්සරහට දානවා සිංහල චන්ද වලින් ටිකක් හරි වැඩිපුර කඩා ගන්න පුළුවන් එකෙක්, මොකද අනිත් චන්ද කොහොමත් උන්ට නේ.
ඔය කැලේ කපන එකත් ඒ වගේ තමයි. ඇත්තක් එක්ක පටන් ගන්නවා, (මතකනේ අර කඩොලාන සීන් එක. දේවානි ආවෙත් ඒ සීන් එකෙන්. ආණ්ඩුවේ වහලෙක් ඇරෙන්න ඒ වගේ දෙයක් කවුරුවත් හරියි කියන්නේ නැහැ.)
ඊට පස්සේ මඩ පාර දෙනවා සුපිරියට. ඒ කැම්පේන් එකත් හොඳටම කළා, හැබැයි අර කෙල්ල සිරසේදී කියපු සීන් එකෙන් පොඩ්ඩක් වැඩේ ගූ උනා. ඒකෙ වාසිය ආණ්ඩුවට. මේ මට හිතෙන හැටි.