සිංහලයන්ගෙන් බේරෙන්න පෘතුග‍්‍රීසීන් හද&#

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සිංහලයන්ගෙන් බේරෙන්න පෘතුග‍්‍රීසීන් හද&#

    කාලෙකට ඉස්සර බේරේ වැව ගැන නම කියනකොටම කවුරුත් නහය වහගත්තා. පසුගිය කාලේ බේරේ වැව හාරලා වැව රවුම සුද්ද බුද්ද කරලා මැද තියෙන දුපතේ අලංකාර රවුම් වහලක් එක්ක එ් දුපතට යන්න එන්න එල්ලෙන පාලමකුත් දැම්මාට පස්සේ නහය වහගත්තු උදවියටත් ජපන් ජබර හැදිලා කුණු වලින් පිරිලා එහෙම ගඳ ගහපු කාලයක් තිබුණා කියලත් අමතකවුනා නේද? එත් ආදිකාලේ බේරේ වැව කියන්නේ සුද්දෝ සුද්දියෝ වසඟයට ගත්තු ඉතා පිරිසිදු අති රමණිය අලංකාර වැවක්. ඔන්න එහෙනම් එ් අතීතයට පොඞ්ඩක් ගොඩවැදෙමු.

    වර්ෂ 1518 දි පමණ කොළඹ පෘතුග‍්‍රීසීන්ගේ යටතට පත්වෙලා තිබුනේ. කෝට්ටේ විජයබාහු රජතුමාගේ සිංහල සේනාවන්ගේ අක‍්‍රමණයන්ට බලකොටුවට වෙලා තමන්ගේ තුවක්කු වලින් එවා පරාජය කෙරුවත් සිංහල හමුදාවන්ගේ නිරන්තර ප‍්‍රහාරයන්ට ලක්වෙන්න පෘතුගි‍්‍රසින්ට සිද්ධවුනා. ඉතිං මේ ප‍්‍රහාර වලින් ගැලවෙන්න බලකොටුව වටා දිය අගලක් කපන්න තිරණය කලා. බලකොටුවේ බටහිර පැත්ත මුහුදෙන් ආවරණය වුනත් අනෙක් පැති වගුරු බිමකින් තමයි තිබුනේ. පෘතුගී‍්‍රසී හමුදාව ඉක්මණට දිය අගල කැපුවත් එකට දෙන්න හොඳ ස්භාවික ජල පහරක් තිබුනේ නෑ. දවසක් සිංහල සේනාවන්ගේ ප‍්‍රහාරයකට ලක්වෙච්චි පෘතුගී‍්‍රසී කපිතාන් ලොපෝ ද බි‍්‍රටෝ ඇතුලූ සොල්දාදුවෝ මුතුරාජ වෙල පැත්තට දිව්වා. එහිදි ඔවුන්ට කදිම ජල පහරක් හමුවුනා. මේ ජලපහර දෙමටගොඩ කඳුගැටයත් සාන්ත බස්තියම කඳුගැටයත් අතරින් සාගරයට ගලා බැස්සා. ඉතිං මේ විශාල දිය පහර එයාලා කලින් කැපු අගල එක්ක එකතු කරලා 1521 දි මේ බේරේ වැව හැදුවා. අක්කර 400ක් විතර විශාල වුන මේ වැව නිසා කොටුවෙන් පිටකොටුවට යන්න වුනෙත් මේ වැවේ ගමනාගමනය කරපු ඔරු පාරු වලින් තමයි. එ් කාලේ මේ බේරේ වැව මුහුදට වැටුනේ බලකොටුව ගොඩබිමින් වෙන් කරමින් බටහිර පැත්තෙන් සෙන්ට් ජොන් ඇළත් නැගෙනහිර පැත්තෙන් කයිමන් ගෙට්ටුව අසළින්. මේ බේරේවැව පතුලට හින්දලා බලකොටුව අල්ලාගන්න සිතාවක මායාදුන්නේ රජ්ජුරුවො කිහිපසැරයක් උත්සාහ කලා. පසුකාලෙක එයාගේ පුතාවු රාජසිංහ රජ්ජුරුවො පතුලට හින්දුවා කියලා පොත් පත්වල සඳහන් වෙනවා. මේ බේරේ වැව පෘතුගී‍්‍රසීන් එයාලගේ ආරක්ෂාවට පවුරක් ලෙසින් යොදාගත්තා විතරක් නෙමෙයි බඩු භාන්ඩ ප‍්‍රවාහණයටත් යොදාගත්තා. කොටුවට පිටකොටුවට පළතුරු එළවළු ප‍්‍රවාහණය කරලා අවට නගරවලටත් බෙදාහරින්න මේ වැව උපයෝගිකරගත්තා. එ් වාගෙම මේ වැව පුරාම කිඹුල්ලූත් හිටියා. කයිමන් දොරකඩට නම වැටුනෙත් මේ බේරේ වැවේ ඇළක හිටපු කිඹුල්ලූ නිසා. 1665 දි ලන්දේසීන්ගේ ආක‍්‍රමණයන්ට ලක්වෙද්දි මේ බේරේවැව හරහා අවශ්‍ය දව්‍ය නිරන්තරයෙන් අරගෙන ආවා.


    ලන්දේසීන්ගේ පාලන කාලේදි මේ වැව තවත් විශාල කලා. එ් පෘතුග‍්‍රීසීන් හදපු බලකොටුවේ තුනෙන් එකක් විතර වැවට යට කරලා කුඩා කරලා දැම්මා. පසුකාලිනව මේ වැව කෙන්ද්‍රකරගනිමින් ඉතා පුළුල් වු කාර්්‍යක්ෂම ඇළ මාර්ග පද්ධතියක් නිර්මාණය වුනා. වැවට නැගෙනහිරින් වු සාන්ත බස්තියන් කන්ද කපා දමා වැව කැළණි ගඟට සම්බන්ධ කෙරෙන සාන්ත බස්තියන් ඇළ නිර්මාණය කෙරුවා. දකුණු පැත්තෙන් බොල්ගොඩ බොල්ගොඩ කිරුළපන ඇළවල් හරහා වැව පානදුර ගඟට සම්බන්ධ කරණු ලැබුනා. එක පසුව කළුගඟටත් සම්බන්ධවුනා. මේ මුළු ඇළ මාර්ග ජාලය තුලින් ඇතිවු ජල පද්ධතිය හරහා භාන්ඩ හා මගී ප‍්‍රවාහණ සේවයක් ඇති කෙරෙව්වා. එ් නිසා රත්නපුරයේ ඉදලා බඩු භාන්ඩ කළුගඟ ඔස්සේ පාරු මගින් කොළඹ කෙටුවට අරගෙන එන්නත් පුළුවන් කම තිබුනා. මේ වැවේ පිටාර ජළය බැසයාම පාළනය කරන්නත් ගේට්ටු පවා ලන්දේසීන් හදලා තියෙනවා.

    එ් කාලේ මේ බේරේ වැවට කිව්වේ කොළඹ වැව කියලා. 1920 දි පවා කොළඹ සිතියම් වල තිබුනෙත් කොළඹ වැව (Colombo Lake) නමින් තමයි. මේ වැවට බේරේ වැව කියලා නම වැටුන හැටි නම් කවුරුත් හරියටම දන්නේ නෑ. සමහරුන් කියන්නේ පෘතුග‍්‍රීසීන් ගේ බේරේ (Beira) නම් ඉන්ජිනේරුවා වැව හදවන්න මුලික උනා හින්දා එයාගේ නම දැම්මා කියලා. තවත් එකක් නම් ඞී බියර් (De Beer)නම් ලන්දේසී ඉන්ජිනේරුවාගේ නමින් බිදිලා ආපු වචනයක් කියලා. බොට්ටු නැංගුරම් දාන ස්ථානයට කියන ඩිබියර් යන වචනින් බේරේ යන්න බිඳිලා ආවා කියනවා.

    මේ වැව ඉංගී‍්‍රසින්ගේ පාළන කාලයේදි ඔවුන්ගේ උත්සව වලටත් ජලකි‍්‍රඩා වලටත් යොදාගත්තා. එතකොට නම් දැන් කාලේ වාගේ වැවේ ජලය දුෂණය වෙලා තිබුණේ නෑ. හැබැයි ඔවුන් ගේ පාළන කාලේදි මේකේ විනාශයද ආරම්භකලා. ඔවුන් මේ වැව ගොඩකර දමමින් කොළඹ කොටුවට හා පිටකොටුව ඇතුළුවන්නට එ් පෙදෙස් වල භූමිය අත්පත් කරගත්තා. දැනට මේ බේරේ වැවේ ශේෂව තියෙන්නේ එදා කොළඹ නගරය වටා තිබුන ජල පද්ධතියෙන් ඉතා කුඩා කොටසක් පමණයි.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    avatar510144_6.gif
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    ගෝටාභය තමයි ඕක ලස්සනට හදල ගත්තේ. දැන් නම් ආයෙම ගඳ ගහන්න පටන් අරන් ටික ටික.
     

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    ඉතිහාස කතාව නම් දැනගෙන හිටියේ නැහැ.

    ලංකාවේ වෙන කිසිම වැවක නැති තරම් ගඳක් එන්නේ ඒ ඇල්ගී වර්ගය බෙරේ වැවේ ඉතා හොඳින් හැදෙන නිසා කියල කිව්වා මතකයි.
    බෙරේ වැවේ හොඳ පොස්ෆේට් තියෙනවා සහ ඉර එලිය හොඳින් වැටෙන නිසා මේවා හොදින් වැවෙනවා කියල තමයි ඒ කාලේ කිව්වේ.

    සිංහල රජ්ජුරවෝ එකලෙත් මහා කම්මැලිද මන්ද, වැව හින්දවන්න හදන්නේ නැතිව, අධි වේගී බෝට්ටු යාත්‍රා මොනවා හරි හදල හරි එක්කෝ ලොකු කැටපෝල තාක්ෂණයක් හරි දියුණු කරලා නැනේ. :D
     
    Oct 4, 2017
    231
    13
    0


    දේශපාලන වහල්ලුන්ට..

    මෝඩයින්ට කොච්චර කිව්වත් වැඩක් නෑ දේශපාලුවො තොපිව රවට්ටන් ඉන්නෙ කියල. මුන් පිලිගන්නෙම අර දිව දෙකේ හිකනැල්ලු කියනදේම තමයි.
    දේශප්‍රේමීත්වයයි ආගමයි රටයි කියල පටන් ගත්තම පේලියට රැවටෙනවා. උන්ට ඔය දේශප්‍රේමී අම්මගෙ රෙද්දවල්වලින් වැඩක් නෑ උන්ට ඕන තොපිවගේ මෝඩයින්ගෙගෙ හැගීම් අවුස්සල චන්දෙ දිනාගෙන රට කාල උන්ගෙ මඩිය තර කරගන්න.(අනිත් අයත් එහෙමම තමයි) තොපි මෝඩයො මොලේ කලදක් නෑ හිතන්න. ඉතින් තොපි හැගීම් අවුස්සගෙන රැවටෙනවා. තව දෙයක් තමා ඔහෙ පුදුම අසහනකාරයො ටිකක් ඉන්නෙ රෙදි වැලක ගෑනියෙක්ගෙ පෑන්ටියක් දකින්න බෑ මෝල තදවෙනව.
    නිලියෙක්ගෙ photo එකක් දැක්කත් අතේ ගහනව. පුදුම අසහනයක්. සංස්කෘතිය ගැන සදාචාරය ගැන හෙන පොර ටෝක් දෙන තොපි තමයි අහින්සක දරුවො නාකි ගෑනු දූෂණය කරන්නේ. මේක මහ කාලකන්නි රටක් දේශපාලුවො තොපිව රවට්ටන් කනවා, රට දිගටම වල පල්ලට යනවා, පුලුවන් උන් වෙන රටවල් වල පුරවැසිභාවය ලබා ගන්නවා. දේශපාලුවො මේ රටේ අධ්‍යාපන system එක හදන්නෙ නෑ මොකද උන් දන්නවා එහෙම කලොත් මිනිස්සු හිතන විදිය වෙනස්වෙලා උන්ට කෙලවෙනව කියල. ඉතින් තොපේ දැනුම හැදෙන්නෙ කොහොමද. තොපි රැවටෙනවා හැමදාම රැවටෙනවා. උඹල internet පාවිච්චි කරන උන් නිසාවත් ඔය connection එකෙන් වැල බලන එකයි gossip බලන එකයි නවත්තල තොපේ දැනුම හදාගනින්. වෙන රටවල්වල හැටි හොයල බලපල්ල ඒවයෙ මිනිස්සු ඉන්නෙ කොහොමද බලපල්ල ඒවයෙ මාධ්‍ය හැසිරෙන්නෙ කොහොමද බලපල්ල. එහෙ මාධ්‍ය දේශපාලුවොන්ගෙ වරදක් හීනියට ඇහුනත් කර මුල්ලෙ තියල ප්‍රශ්න කරනවා. මෙහෙ මාධ්‍ය කරන්නෙ දේශපාලුවො කරන්න කියන දේම තමයි. උන් ප්‍රශ්න අහන්නෙ දේශපාලුවන්ට උත්තර දෙන්න පුලුවන් ඒවට විතරයි. රටේ කොච්චර දූෂණ වෙනවද ඒව කවුරුවත් වාර්තා කරන්නෙ නෑ. ඒවට උන්ට කුට්ටි පිටින් හම්බෙනවා. තොපි උන් කියන දේවල් උඩින්ම පිලිගන්නවා.
    මේක ඩීල් ලන්තයක්. මරායි පොනිලුයි ඩීල් දාන් ඉන්නෙ දෙපැත්තෙන්ම හොරු බේරගන්න. තොපි මරාට වැද වැටිල පොනිල්ට පලුයන්න බනිනවා උන් එකම සමාජ පන්තියෙ උන්. උන් , උන් උන්ව රකිනවා කවදාවත් ආමාරුවෙ දාන්නෙ නෑ. තොපි මුන්ගෙ නාට්ටි වලට රැවටෙනවා. ඇත්තටම මෙහෙ දේශපාලුවොන්ගෙ නාට්ටි වලට ඔස්කාර් සම්මාන දුන්නත් මදි ඒව කැලේ. දැන් තට්ට ගෙඩි ටිකකුත් මරාලට සෙට් වෙලා තියනවා උන්ටට ඕනෙ ලෞකික සැප ගන්න මිසක් බුදුන්වහන්සේගේ ධර්මය පතුරන්න නෙවි. උන්ට කුට්ටි පිටින් සල්ලි යනවා කඩේ යනවට. ඊට පස්සෙ නැති ප්‍රශ්න රටේ මතු වෙනවා. මේ රට දේශපාලුවො කනවා ඒක තොපිට තේරෙන් නෑ තොපි හෙන මෝඩයි. රටට ආදරේනම් මොලේ පාවිච්චි කරපල්ල මෝඩයිනේ