සිංහලයේ පද බෙදීම
සිංහලයේ වචන වෙන් කිරීම - නව නිර්දේශ.
1. ප‍්‍රකෘති හා විභක්ති
(අ) ගේ - ගෙන් - හට - ට යන විභක්ති ප‍්‍රත්‍යය පෙර පදය සමඟ එක් කොට ලිවීම.
උදා. :- ඔහුගේ, මිනිසාගේ, ඔවුන්ගෙන්, ගැහැනුන්ගෙන්
(ඇ) විසින්, කරා, කෙරෙන්,, කෙරෙහි, වෙත, වෙතින් ආදී විභක්ති සූචක රූප පෙර පදයෙන් වෙන් කොට ලිවීම.
උදා. :- අප විසින්, මා කරා, කාන්තාවන් කෙරෙන්
(ඉ) සම්බන්ධාර්ථයෙහි හා කාලාර්ථයෙහි යොදන, දී - ලා යන රූප පෙර පදය සමඟ එක් කොට ලිවීම.
උදා. :- ගෙදරදී, බැංකොක්හිදී, ලන්ඩන්වලදී
(උ) කරණ විභක්ති සූචක ‘කරනකොටගෙන’ යන්න තනි වචනයක් සේ ලිවීම.
2. නිපාත
(අ) තනිව යෙදෙන අර්ථයක් ප‍්‍රකාශ කරන නිපාත තනි පද සේ ලිවීම.
උදා. :- එහෙත්, තරා, තරම්, තාක්, තුරු, තෙක්, දක්වා - වැනි, විනා, සහ, සේ, හා
(ඇ) ‘නො’ නිපාතය පසු පදය සමඟ එක් කොට ලිවීම.
උදා. :– නොකරන්නේය, නොකළ, නොගොස්, නොයයි, නොවූ,
(ඈ) ‘ම’ නිපාතය පෙර පදය හා එක් කොට ලිවීම. අදම, අවස්ථාවේදීම, කොළඹටම
(ඉ) සමුච්චයාර්ථයේ හා ප‍්‍රශ්නාර්ථයේ ‘ද, දෝ’ යන නිපාත පෙර පදය සමඟ එක් කොට ලිවීම.
උදා. :- අඹද, පොල්ද, ඔහුද, මමද, අපහසුද?, යනවාද?, කවදාදෝ
(ඊ) වාක්‍යාවසානයේ ය, යි, හ, සේක, දෑය යන නිපාත පෙර පදය සමඟ එක් කොට ලිවීම.
උදා. :- කළාහුය, ගියේය, යන්නේය, දැන්වූසේක, වදාළසේක, ගියදෑය, වදාළදෑය
3. ආඛ්‍යාත
(අ) ‘ව‘ වීමේ ධාතුව හා සම්බන්ධ වන ‘ව‘ කාරය පෙර පදය සමඟ එක් කොට ලිවීම.
උදා. :- අනුව, ගුරුවරයකුව, නොවෙනස්ව, පැහැදිලිව, පිළිබඳව