සිංහලයේ පද බෙදීම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    සිංහලයේ පද බෙදීම

    සිංහලයේ වචන වෙන් කිරීම - නව නිර්දේශ.

    1. ප‍්‍රකෘති හා විභක්ති

    (අ) ගේ - ගෙන් - හට - ට යන විභක්ති ප‍්‍රත්‍යය පෙර පදය සමඟ එක් කොට ලිවීම.
    උදා. :- ඔහුගේ, මිනිසාගේ, ඔවුන්ගෙන්, ගැහැනුන්ගෙන්

    (ඇ) විසින්, කරා, කෙරෙන්,, කෙරෙහි, වෙත, වෙතින් ආදී විභක්ති සූචක රූප පෙර පදයෙන් වෙන් කොට ලිවීම.
    උදා. :- අප විසින්, මා කරා, කාන්තාවන් කෙරෙන්

    (ඉ) සම්බන්ධාර්ථයෙහි හා කාලාර්ථයෙහි යොදන, දී - ලා යන රූප පෙර පදය සමඟ එක් කොට ලිවීම.
    උදා. :- ගෙදරදී, බැංකොක්හිදී, ලන්ඩන්වලදී

    (උ) කරණ විභක්ති සූචක ‘කරනකොටගෙන’ යන්න තනි වචනයක් සේ ලිවීම.

    2. නිපාත

    (අ) තනිව යෙදෙන අර්ථයක් ප‍්‍රකාශ කරන නිපාත තනි පද සේ ලිවීම.
    උදා. :- එහෙත්, තරා, තරම්, තාක්, තුරු, තෙක්, දක්වා - වැනි, විනා, සහ, සේ, හා

    (ඇ) ‘නො’ නිපාතය පසු පදය සමඟ එක් කොට ලිවීම.
    උදා. :– නොකරන්නේය, නොකළ, නොගොස්, නොයයි, නොවූ,

    (ඈ) ‘ම’ නිපාතය පෙර පදය හා එක් කොට ලිවීම. අදම, අවස්ථාවේදීම, කොළඹටම

    (ඉ) සමුච්චයාර්ථයේ හා ප‍්‍රශ්නාර්ථයේ ‘ද, දෝ’ යන නිපාත පෙර පදය සමඟ එක් කොට ලිවීම.
    උදා. :- අඹද, පොල්ද, ඔහුද, මමද, අපහසුද?, යනවාද?, කවදාදෝ

    (ඊ) වාක්‍යාවසානයේ ය, යි, හ, සේක, දෑය යන නිපාත පෙර පදය සමඟ එක් කොට ලිවීම.
    උදා. :- කළාහුය, ගියේය, යන්නේය, දැන්වූසේක, වදාළසේක, ගියදෑය, වදාළදෑය

    3. ආඛ්‍යාත

    (අ) ‘ව‘ වීමේ ධාතුව හා සම්බන්ධ වන ‘ව‘ කාරය පෙර පදය සමඟ එක් කොට ලිවීම.
    උදා. :- අනුව, ගුරුවරයකුව, නොවෙනස්ව, පැහැදිලිව, පිළිබඳව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    කවුරුවත් කමෙන්ට් එකක් වත් දාල නෑ.. :(

    එකක් වත්
    එකක්වත්
    දෙකින් කොයිකද හරි ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    මට මෙලො දෙයක් තෙරුනේ නැ අයියො.. ඔන්න බම්ප් එකක් මගෙන්.

    තේරෙන්නැත්තං රෙප් පාරක්වත් දාපල්ල :lol:
     
    • Like
    Reactions: senal7

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    (මුණ ගැසිණ) නෙමේ මුණගැසිණ
    (මක්නිසාදයත්) නෙමේ මක්නිසාද යත්
    (සොයාදුන්) නෙමේ සොයා දුන්
    (පත් විය) නෙමේ පත්විය
    (මිතුරෝද) නෙමේ මිතුරෝ ද
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    රඳවා ගත හැකි (නෙමේ)
    රඳවා ගතහැකි (නෙමේ) රඳවාගත හැකි


    bump
    ------ Post added on May 4, 2021 at 2:00 PM
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    කවුරුවත් කමෙන්ට් එකක් වත් දාල නෑ.. :(

    එකක් වත්
    එකක්වත්
    දෙකින් කොයිකද හරි ?
    භාවිතය අනුව තමයි බං ගොඩක්ම...
    වත්,මත්,මය,මුවා,තර,තම....
    මං හිතන විදිහට එකක්වත් කියන එක තමයි ගොඩක් අය භාවිතා කරන්නේ....
    එකක් වත් කියන එක නිවරදි නම් බලවත්,රූමත්,ලෝහමය,දැවමුවා,සුලුතර,ආදිතම.... මේ ඔක්කොම දෙකට වෙන් කරල ලියන්න ඕනි....
     
    • Like
    Reactions: AnuradhaRa