සිංහලුන්ට මොන highways ද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    Ashoka Panditharatne



    අද දින (අප්‍රේල් 14 ) අදිවේගී මාරගයේ සිදුවූ අනතුරු දැක මට මේ සටහන ලිවීමට සිත් වුනි


    මා ශ්‍රි ලාංකවේ අවුරුදු 20ක පමණ කාලයක් රියදුරු බලපත්‍රයක් සහිතව වාහන ධාවනය කර තිබුනද එක්සත් රාජදාණියේ රීයදුරු බලපත්‍රය ලබාගැනීම සදහා දෙවරක් ප්‍රායෝගික පරීක්ෂණයට පෙනීසිටීමට සිදුවිය.
    මට ලංකාවේ අධිවේගී මාරග ආරම්භ කිරීමට පෙර එංගලන්තයේ දී අධිවේගී මාරග වල වාහන ධාවනයට අවස්ථාව ලැබුණි. එසේම රියදුරු පුහුණුවේදී අධිවේගී මාර්ගයේ ශික්ෂණය උගත්තෙමි.
    මා සමග සේවය කරන වෛද්‍යවරුන් සමග කතාකල විට මට වැටහුනේ බොහෝදෙනෙකුට highway discipline ගැන අවභෝදය අඩු බවයි.
    1. ලංකාවෙ බොහෝ දෙනෙකුට slip road ගැන අවභෝදක් නොමැත.
    Slip road එක ඇත්තේ highway එකට ඇතුලු කරන වාහනය පැයට 100km ආසන්නයට වේගය වැඩි කර highway එකට ඇතුලු කිරිමයි. එමගින් අනතුරු අඩුවෙයි.
    එසේම highway එකේ එන වාහන slip road එකෙන් එන වාහනයට ඉඩ දෙනු පිණිස දකුණු මං තීරුවට වාහනය ගැනීම වැදගත්.
    2. වාහන අතර පරතරය තබාගැනීම
    ඉදියෙන් යන වාහනය සමග පිටුපස යන වාහනය පරතරය තබාගත යුතු අතර එය තත්පර 3ක් විය යුතුයි. වැසි දිනක නම් තත්පර 4ක්
    මා දන්නා තරමින් ත්‍රීවීල් මෝටර් බයිසිකල් highway එකේ නොයන අතර බහුතරයක් වැදගත් මහත්ම මහත්මින් වාහන පදවන නිසා highway discipline අප පවත්වාහැනීමෙන් අනතුරු අවම කරගත හැක.
    මෙය share කිරිම මගින් සමාජය දැනුවත් කරීමට දායක වෙන මෙන් ඉල්ලාසිටිමි.