Questions සිංහලු මට පොඩි කරදරයක් වුනා! (URGENT!)

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඔය කැමරා එකේ මාකට් ප්‍රයිස් එක මම දන්නේ නැහැ. එත් උබ කියක් ලාභ නිසාද ඔහොම ගන්න ගියේ? ඔච්චර හදිස්ස්යෙන් කැමරා එක බලන්නෙත් නැතුව? පොඩි ලාභයක් නේ බන් තියෙන්න ඇත්තේ? ඔය වගේ පොඩි ලාභයක් ගන්න හදන්න එපා බන් හදිස්සි වෙලා බොරුම බොරු වැඩක්.

    හිතාගන්න බෑ බන් මෙච්චර මෝඩ වැඩ කරන එවුන් ඉන්නවා කිව්වහම. යකෝ බඩුව ගිහින් බලලා ගත්තත් ලංකාවේ ෂුවර් නැහැ. උබ කවදාවත් දැකලාවත් නැති එකෙක් විශ්වාස කරලා සල්ලි දාලා.

    දැන් ඉතින් පැමිණිල්ලක් දාපන් ඔකාව ඇල්ලුවත් ආයේ ඕක ගන්න අමාරුයි.

    උබේ සල්ලි ලැබුනේ නැති වුනත් මු එවපු ෆෝන් එක එහෙම කඩාගන්න එපා. whatsapp එක බැකප් එහෙම කරපන්. මොකද ID එක එඩිට් කරපු එක වැරද්දක්.
     
    Last edited:
    • Like
    Reactions: Voltage

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    කියන්න lajjai මටත් ඔහොම දෙයක් උනා ලඟදි. ඒක phone එකකට. Math 10,000k දැම්මා එවන්නම් kiwuwa අද වෙනකල් ආවේ නැහැ. ඌth බණ්ඩාරවෙල ඉන්නවා කිව්වේ. ඒකත් nsb account එකක්
     
    • Haha
    Reactions: allrights

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඕකෙ bank details පොලිසියට දුන්න කියලත් මන් හිතන් නෑ මුකුත් කරන්ඩ පුලුවන් වෙයි කියල. Bank account එකේ ඇත්ත අයිතිකාරයට හොරකම කරපු එකා දෙන්ඩ තිබ්බ සල්ලි වගයක් නම් මොකද කරන්නෙ .එතකොට Bank account එකේ ඇත්ත අයිතිකාරය අහින්සකයෙක් වෙන්ඩ පුලුවන්
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    https://ikman.lk/en/ad/nikon-z50-full-set-for-sale-badulla

    මචන් ඉක්මන් එකේ මේ ඇඩ් එක තිබ්බා කැමරා එක ගාන අඩු හින්ද මම ටක් ගාල කෝල් කරල ඇහුවම කිව්වා මේක ඌගෙ යාලුවෙක් ඌට එවපු එකක් ඌට වැඩක් නැති නිසා දෙනව කියල. ඊලඟට තව එකෙක් කෝල් කලා ඌ 12ට සල්ලි දානව කිව්වා ,ගන්නවනම් ඇඩ්වාන්ස් එකක් දෙන්න කියලා මූ මට එකවුන්ට් නම්බර්ස් ඇන්ඩ් අනිත් ඒවා දුන්නා අයිඩී එකේ කොපි 2කුත් එක්ක ඒක මට එඩිට් කරා කියල තේරුනා. ඒ වුනාට කැමරා එක නිස ඒවා බැලුවේ නෑ. ඊලඟට මූට 10000ක් යැව්වා. ඊලඟට අපේ තාත්තගෙ යාලුවෙක් බදුල්ලේ මූ කියපු තැනට යවලා පැයක් විතර බලාගෙන හිටියා නෑ. කෝ ආන්සර් කරන්නෙත් නෑ ග්‍රාම සේවක ගාවට ගියාමත් නෑ කිව්වා.මන් අමාරුවෙන් එකතු කරපු සල්ලි බන්. මම ආයෙත් වෙන ෆෝන් නම්බර් එකකින් කතා කලා ආන්සර් කෑත් නෑ.ඊලඟට පැයක් විතර ඉඳල දැන් කෝල් කලා වෙන එක්කෙනෙක් දම්මලා කැමරාව ආයෙත් ගන්න වගේ. එහ්ටකොට කියනව දැන් ටිකක් බිසී තව ටිකකින් ගන්නලු. ඌ මටත් ඉස්සෙල්ලම ගන්නකොට එහෙම කිව්වා මේකට මොකක් හරි කරන්න පුළුවන්ද? මූ තව කී දෙනෙකුට කරයිද දන්නෙ නෑ.
    අප්ඩේට් - බෑන්ක් එකෙන් ඇහුවම කියනව ඒ 10000 ඌ විත්ඩ්‍රෝ කරලලු.
    බම්ප් එකක් හරි දාපල්ලා!

    ඌ දාපු අයිඩී කොපි


    View attachment 110797


    Name=H.H.A.MADUSANKA.
    Account=101430122823.
    Bank=NSB.
    Branch=Badulla

    Ad eka

    View attachment 110799
    pissek ne.. magulatada salli damme.......
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    matath ohom ekak una ikman eke, nuwara eliye nawathinna bungalow ekak thiye kiyala porata katha karala okkom karala total ek 40000i mu 25k danna kiwwa book karanna season nisa passe mn nikamat bungalow eke images tika google search karam ammat vena kaged gevalui thaw bandarawela hotel ekakai photos, passe e aththa ownerslat katha karala policiyatath dunna number ek :lol:
     
    • Haha
    Reactions: allrights

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මටත් ඔහොම එකක් උනා වෙඩින් කාර් වලට. කාර් තුනක් බුක් කලේ. මටයි වයිෆ්ටයි හෝම් කමින් එකටයි. මම සල්ලි දැම්මා බලන්නෙවත් නැතුව ඉක්මන් එකෙන් බලලා. මීගමුවෙන් එන්නෙ කිව්වා. Advance 10ක් දැම්මා. පස්සෙ සුමානෙකට කලින් මූ කෝල් කරලා කිව්වා කාර් එකක් කැඩුනා උනා එන්න වෙයිඩ දන්නෙ නෑ කියලා. ඕනෙ නම් ඩීල් එක ක්ලෝස් කරමු සල්ලි ආපහු දෙන්නම් කිව්වා.

    මම් කිව්වා මට ආයෙ මේ හදිස්සියෙ කාර් හොයන්න බෑ. ඔයා කොහොමහරි එකක් එවන්න කියලා. පස්සෙ ඌ හා කිව්වා. හැබැයි උගෙ උවමනාව තිබ්බෙම කැන්සල් කරගන්න.

    පස්සෙ වෙඩින් එකට ඉස්සෙල්ලා දවසෙ මූට කෝල් එකක් ගත්තා. එතකොට මූ මගෙන් විස්තර අහලා කියනවා. ඒ ගානට පොරොන්දු උනානම් ඒක මිස්ටේක් එකක්ලු. පුතාලු පොරොන්දු වෙලා තියෙන්නෙ ඌ දන්නෙත් නෑලු. පුතාට ඩ්‍රයිවර් පඩියයි පෙට්‍රල් වියදමයි දාන්න අමතක වෙලා කියලා කිව්ව ගානට වඩා 10ක් ඕනෙ කිව්වා. බොරු බං එකම කටහඬ අඳුරගන්න බැරිද.

    මම ඉතින් කිව්වා තව නම් සල්ලි දෙන්න බෑ. ඒක කොහොමත් මාර්කට් එකේ ගානට වඩා වැඩිනෙ කියලා. මූ කිව්වා උගෙ මිස්ටේක් එක හින්දා සල්ලි ආපහු දාන්නම් මට එකක් හොයාගන්න කියලා.

    ඊටපස්සෙ කෝල් කළත් ආන්ස්වර් කලේ නෑ. මැසේජ් එකක් එව්වා පොරොන්දු වෙච්චි ගාන ඌට පාඩුයි. සල්ලි දාන්නම් කියලා.

    පස්සෙ ඉතින් ඉක්මන් එකේම බලලා එකෙක්ගෙ ගෙදරටම ගිහින් සල්ලි දීල ආවා. ඒත් ඌත් කියපු වාහන නෙමෙයි උදේ එව්වේ. ගොඩක් වෙඩින් කාර් එවුන් එහෙමලු හොඳ එකක් පෙන්නලා හයර් බාර අරන් අහුවෙන එකක් යවනවලු.

    අරූ සල්ලි දැම්මෙ නෑ. කෝල් කරාට ගන්නෙත් නෑ. වෙන නම්බර වලින් කෝල් කරලා කාරලා ඩීල් එක ක්ලෝස් කරන්න එන්නද අහපුවම ඌ ට්‍රිප් එකක් ගිහින් ඉන්නෙ. සල්ලි ඩිපොසිට් කරන්න කියනවා බුක් කරන්න ඕනෙ නම්.

    අන්තිමේ අත ඇරලා දැම්මා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    යකෝ බලනකොට ලන්කාවේ ඉන්නේ මාර හොරුනේ.. ඉතින් ලන්කාවේ කොහොමද වෑඩක් කරන්නේ. මෙහෙම පොලුතියපුවා දාන්න මෙගා ත්‍රෙඩ් එකක් හදන්න ඕනේ. එතකොට මිනිස්සු දෑනුවත් වෙනවා. මෙතන වෙන්නේ මිනිස්සු පොලිසියට නොයන එක. මොකද පොලිසිය එක්ක තියෙන අත්දෑකීම් කාටවත් සතුටුදායක නෑති හින්දා
     
    • Like
    Reactions: Gihanjs and Tanto

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දැන් ඌ හිතාගෙන ඉන්නේ ඕයා මුකුත් කරන්න නෑ බෑ .කියල.ඕක උගේ මාළු උගේම පිටේ තියෙල කපන්න තියෙන්නේ.පොලිසි යන්න ඉස්සෙලා මේ ටික කරලා බලන්න

    step 1.ඌ ට කියන්න ඔයාට ඉන්න තැන හොයාගන්න පුළුවන් TRCL එකට complain කරලා. ඉල්ලන්න ඔයාගේ සල්ලි

    step 2
    එහෙම දුන්නේ නැත්නම් කියන්න ඔයා සල්ලි withdrow කරපු බැංකුවට inform කරලා තියෙන්නේ ඔක්කොම CCTV තියෙනවා සල්ලි දෙන්න කියල ඉල්ලන්න නැත්නම් පොලිසි යනවා කියන්න

    step 3

    දන්නා එකෙක්ට කියල උට call එකක් දෙන්න TRCL එකෙන් කියල

    step 4
    එහෙමත් නැත්නම් තමයි ඔයා පොලිසියේ පිහිට තමයි

    බොහෝවිට step 2 යනකොට සල්ලි හම්බෙන්න ඕනේ උට මොලේ කළදක් තියෙනවනම්.

    call කරන එකා හොද ගැම්මට call කරන්න පුලුවන් එකෙක්ට කියන්න ගැනු වගේ කතාකරන එව්න් හරියන්නේ නැ වැඩේට
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,042
    9,678
    113
    එක තැනක නෑ
    Comment ekak danna hithenne e tham gon wadak umba karala thiyanne.

    Yako mole pawichchi karapan ban deyak karanna kalin.

    No option bank details and ph number eka ekka cyber crime division eke complain ekak dapan. Uwa allaganna puluwan gemak nathuwa. Eth weida danen na policiyen.