සිoහල කම ගැන කතා කරද්දි විරුද්ධ වෙන අපේමයි කියා ගන්න නිවටයොත් ඉන්නව වගේ, මම දැක්ක මහින්ද අල්ලගෙන තියෙනව, හැබැයි ඔහොම හිතන එවුන් මතක තියා ගනිල්ල මහින්ද හිටපු ජනාධිපති මිසක් දැන් ජනාධිපති නෙමෙ කියන දේ හොදට, සිoහලේ කියල ගහදිදි රිදෙනව නම් ජාන කවලන් ඇති ඒකට අපිට කරන්ඩ දෙයක් නැ,
![]()
යම් කිසිවෙක් තමා බෞද්ධයෙක් බව ප්‍රකාශ කරන්නේ තිසරණ සරණ යාමෙනි. කෙනෙක් බුද්ධාගම වැළඳ ගන්නේද තිසරණ සරණ සහිත පන්සිල් ගැනීමෙනි. ඕල්කට් තුමා එසේ කළ බව අපි අසා ඇත.
මුස්ලිම් වරුන්ට ද මෙවැනි ම ආගමික විශ්වාසය ප්‍රකාශ කරන පාඨයක් ඇත. එය හඳුන්වන්නේ "ෂහදා" නමිනි. කෙනෙක් නිල වශයෙන් ඉස්ලාමය වැලඳ ගන්නේ ෂහදාව හඬ නගා කීමෙනි.
ෂහදාව අරාබි බසින් කියවන්නේ පහත සඳහන් පරිද්දෙනි.
"ලා ඉලහා ඉල්ල - ලාහ්, මුහම්මුදුන් රසූල් අල්ලාහ්"
එහි තේරුම
"අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැත. මුහම්මද් අල්ලාහ් දෙවියන් ගේ දූතයා ය"
මෙම පාඨය සවුදි අරාබිය, සෝමාලියාව ඇතුළු මුස්ලිම් රටවල් කීපයක ජාතික ධජයේද, තලේබාන් අයිසිස් ඇතුළු ත්‍රස්තවාදී කණ් ඩායම් කීපයක ධජයේද දක්වා ඇත. නමුත් මෙම පාඨය කිසියම් රටකට හෝ ත්‍රස්තවාදී සංවිධානයකට අයත් එකක් නොව, සමස්ත ඉස්ලාමයටම අයත් එකකි.
සමහරවිට මෙම පාඨය කඩුවක් හෝ කඩු දෙකක් සමඟ යොදා ගනු ලබයි. එයින් අදහස් වන්නේ "කඩුවෙන් කෙටීම" හෝ "බෙල්ල කපපං" වැන්නක් නොවේ. එය සම්ප්රදායක් පමණි. අපේ ජාතික කොඩියේ ඇති කඩුව වැනි එකකි. හින්දු ආගමේ සංකේතය ත්‍රිෂූලය වුවද හින්දු ආගමිකයන් ත්‍රිෂූල රැගෙන පාරේ යන එවුන්ට අනින්නේ නැතුවාක් මෙනි.
එම නිසා හන්දියේ ත්‍රීවිල් එලවන නසීර් තම ත්‍රීවීලය පසුපස ෂහදාව සහිත ස්ටිකරයක් ඇලවූ විට එයින් නසීර් සවුදි අරාබි ජාතිකයෙක් වන්නේ හෝ නසීර් තලේබාන් කාරයෙක් වන්නේ හෝ නැත. ඉන් අදහස් වන්නේ නසීර් මුස්ලිම් වරයෙක් බව පමණි.
එමෙන්ම කවුරුන් හෝ "සිංහ ලේ" යනුවෙන් ස්ටිකරයක් තම වාහනයේ අලවා ගත් විට ඔහුගේ මව සිංහයෙක් සමඟ හැමනී ඇති බව අදහස් වන්නේ නැත.
සිංහලයන් අවුරුදු දෙදහස් පන්සීයක් තිස්සේ තම ජාතියේ සළකුණ ලෙස යොදා ගත්තේ සිංහයායි. සිංහයා ගේ රූපයක් හෝ සිංහ යන වචනයෙන් අදහස් කරන්නේ සිංහල ජාතියේ අනන්‍යයතාවය මිස කැලේ ඉන්න සිංහයෙක් ගැන නොවේ.
එමෙන්ම සිංහයා යනු එඩිතර නිර්භීත සතෙක් බව සිංහල සම්ප්රදායේ දැක්වේ. කැලේ ඉන්න සිංහයා ඇත්තටම එඩිතර ද නැද්ද යන්න මීට අදාල නැත (කැලේ ඉන්න සිංහයා දඩයම් නොකරන බවට කියැවෙන්න අමු මෝඩ මිත්‍යාවක් ද වටින් ගොඩින් ඇසේ). ඉංග්‍රීසි සම්ප්රදාය අනුව බකමූණා යනු බුද්ධිමත් සතෙකි. නමුත් කැලේ ඉන්න බකමූණා යනු එවැනි බුද්ධිමත් සතෙක් නොවේ. සාහිත්‍යය සහ සම්ප්රදාය යනු එයයි. එම නිසා යමෙක් තමාට සිංහ ලේ ඇති බව කිව්වොත් ඉන් කියැවෙන්නේ දෙහිවල සත්තුවත්තෙන් ලේ දී ඇති බව නොව, ජාතියේ එඩිතර බව සහ නිර්භීත බවයි.
පෙම්වතෙක් තම පෙම්වතියට "රත්තරන්" කියන්නේ ප්‍රේමය ප්‍රකාශ කිරීමට මිස ඇය රත්තරන් ලෝහයෙන් සැදී ඇති බව ප්‍රකාශ කිරීමට නොවේ. මේවා මෙලෙස ඇඟිල්ලෙන් ඇණ කිව යුතු දේවල් නොවේ. සරළ එදිනෙදා කරුණු ය.
එම නිසා කවුරුන් හෝ තමාගේ සල්ලි වලින් ස්ටිකරයක් මිලදී ගෙන තමා ගේ වාහනයේ අලවා ගත් විට එම පුද්ගලයාට තමා ගේ පාසැල, වෘත්තිය, ජාතිය හෝ ආගම ගැන ප්රකාශනයක් කිරීමට ඇති නිදහසට ගරු කර ඒ පිළිබඳව ෆේස්බුක් එකේ ගොංපාට් හෝ විදග්ධ විචාර දැමීමට නොයා වැඩකට ඇති දෙයක් ගැන කතා කරන්නේ නම් අපටත් රටටත් වැඩ දායක වනු ඇත.
https://www.facebook.com/photo.php?fbid=160854640942733&set=gm.539074116249596&type=3
![]()
අවන්කෙන්ම මචන් ..සහතික ඇත්ත






