"සිංහලේ" රැල්ලේ නිර්මාතෘ

polkichcha

Active member
  • Jul 21, 2015
    280
    88
    28
    සන්නද්ධ බුද්ධි බලකායේ ලුතිනන් කර්නල් ශම්මි සහ
    ලුතිනන් කර්නල් ප්‍රබෝදය දිවයිනට කී කතාව
    ජීවිත අත ඇරලා රට රැක්‌ක අපි දැන් හිරගෙදර

    * හිරගෙදරදී මාව දැකලා හඬාවැටුණු තාත්තට කලන්තේ හැදුණා
    * දරුවෝ හිතන්නේ අපි ඉස්‌පිරිතාලේ ඉන්නේ කියලා මොණරාගල දෙසට ධාවනය වෙමින් තිබූ මගීන් පුරවා ගත් ලංකා ගමනා ගමන මණ්‌ඩලයට අයත් බස්‌ රථයක්‌ බුත්තල - මොණරාගල මාර්ගය ඔස්‌සේ හෙලගම ප්‍රදේශයට ළඟා වෙමින් තිබිණි. දිනය ඉකුත් 2008 වසරේ ජනවාරි මස 16 වැනි බදාදා විය.

    මේ දිනය වන විට මිනීමරු ප්‍රභාකරන්ගෙන් රටත් ජනතාවත් මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම මාවිල්ආරුවෙන් ආරම්භ කළා වූ වීරෝදාර රණවිරුවන් සිටියේ නැගෙනහිර විජයග්‍රහණය කර වන්නි අවසන් සටනට අවතීර්ණවය.

    නමුත් මොහොතින් මොහොත අපේ හමුදාවන් එසේ සතුරු බල බිඳිමින් ඉදිරියට ඇදෙමින් සිටියද එදා බුත්තල සිට මොණරාගල දෙසට යන්නට පැමිණි මගීන් පුරවා ගත් ඒ බස්‌ රථයට හෙලගම පසුකර ඉදිරියට යන්නට ඉඩක්‌ නොලැබිණි.

    එක්‌වරම ප්‍රදේශය දෙවනත් කරමින් පුපුරා ගිය ක්‌ලේමෝ බෝම්බයකින් බස්‌ රථය තැලී පොඩිවී යද්දී එහි සිටි මිනිස්‌සු මරහඬ දෙන්නට වූහ. බෝම්බයට Rජුවම ගොදුරුවූ ඇතැම්හු සිරුරේ කෑලී කැඩී වැටෙද්දී මොහොතකින් මරු වැළඳ ගත්හ.

    ඒ අතරේ තවත් දෙයක්‌ද සිදු විය. ඒ බස්‌ රථයට බෝම්බ ප්‍රහාරය එල්ලවනවාත් සමගම පසෙක වූ කැලයෙන් මතුවූ අවි ගත් කණ්‌ඩායමක්‌ ජීවිත බේරාගෙන බසයෙන් පිටතට එන්නට වූ මිනිසුන්ට ටී 56 ගිනි අවි අමෝරා වෙඩි පිට වෙඩි තැබීමය.

    අවසානයේ එදා මේ කතාව නිමාවූයේ මුළු රටම ශෝක වෙද්දී බස්‌ රථයේ පැමිණි අසරණ මිනිසුන් විසිඅට දෙනකුට ජීවිත අහිමි වෙමින් තවත් 49 දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙනි. ඒ අතරේ වයස මාසයක්‌ වූ සිඟත්තකු සමග හයහතර නොදත් දරුවෝ නව දෙනක්‌ද වූහ.

    එදා මේ ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ කවරෙක්‌ද යන්න දිනෙන් දිනම අභිරහසක්‌ වෙමින් තිබිණ. ජනතාව අතරද භීතිය මුසු කැලඹීමක්‌ නිර්මාණය වන්නට විය. නාඳුනන අවිගත් කල්ලියක්‌ සිදු කරනු ලැබූ මිනිස්‌ ඝාතන කිහිපයක්‌ද ඒ දිනවල එම ප්‍රදේශවලින් වාර්තා විය. එනිසාම මිනිසුන්ට පමණක්‌ නොව ආරක්‍ෂක හමුදාවන්ට සහ රජයටද එය ගැටලුවක්‌ වූවේය.

    අවසානයේ මෙහි සුලමුල සොයා ගැනීම සඳහා එවකට ආරක්‍ෂක බලධාරින් එක්‌වී වැදගත් තීන්දුවක්‌ ගනු ලැබීය. එකී තීන්දුව වූයේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ සුවිශේෂී චරිත දෙකක්‌ ඇතුළු බුද්ධි නිලධාරින් පිරිසකට යාල, බුත්තල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් දකුණේ මිනිසුන්ට එල්ල වන භිහිසුණු ප්‍රහාරයන්හි අභිරහස සෙවීමේ වගකීම පැවරීමය.

    කෙටියෙන් කිවහොත් මෙහිදී සිදු වූයේ අපි වෙනුවෙන් මරු කටට ගොස්‌ යකා සොයන්නට යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායට නියෝග කිරීමය. ඉතින් ඔවුහු ඒ වගකීම භාර ගත්හ. එහිදී එකී වගකීමට උර දුන් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සුවිශේෂී චරිත දෙක වූයේ කවුරුන්ද?

    මම යුද සමයේ "දිවයින" වෙනුවෙන් යුද බිමේ ඇවිද ගියෙමි. ඔවුන් දැන හඳුනා ගත්තෙමි. එහෙත් කිසිදු දිනෙක ඔවුන් කවුරුන්දැයි ලෝකයට අනාවරණය කිරීමට සිදු වෙතැයි මම කිසිදා නොසිතුවෙමි. කාලය විසින් මවන්නා වූ අරුමයන් පුදුමාකාරය. මට දැන් අකමැත්තෙන් වුව එසේ කරන්නට සිදුව ඇත. ඒ එදා අපි වෙනුවෙන් පෙනී සිටි ඔවුන් ජීවිත පරදුවට තබා කළ මෙහෙවර අමතක කළ නොහැකි නිසාය.

    විටෙක කාලය මවන වෙනස හරි චමත්කාරය. තවත් විටෙක ඒ වෙනස දුටු කල"චී" කියා සිතෙන්නේය. අප දැන් සිටිනුයේ එසේ නොදැනීම "චී" යෑයි කියෑවෙන පරිච්ඡේදයක ය. ඉතින් කුමක්‌ කරන්නද? එදා එසේ දකුණේ ජනතාවට මරබිය ගෙන දුන් යකා සෙවීමේ වගකීමට උර දුන් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ එකී සුවිශේෂී චරිත දෙක වූයේ ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න සහ ප්‍රබෝදය සිරිවර්ධනය.

    ඔවුන් ඒ වගකීම භාරගෙන ගෙවී ගියේ කෙටි කලකි. අවසානයේ යාල කැලයේ සැඟවී දකුණේ ජනතාව මරා දමමින්, එල්ටීටීඊයේ බුද්ධි ප්‍රධානින් දෙදෙනකු වූ රාමන් සහ තවේන්ද්‍රන් යටතේ ක්‍රියාත්මක වූ කොටි රැලක්‌ වනසන්නට ශම්මි සහ ප්‍රබෝධය ඇතුළු යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ වීරයෝ සමත් වූහ.

    ඉකුත් යුද සමයේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ද අන්ද මන්ද කළ එල්ටීටීඊ ටොෂී බුද්ධි අංශයට සමාන ව්‍යාජ බුද්ධි අංශය නිර්මාණය කෙරුණා වූ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ "ඔපරේෂන් ඩබල් ඒඡ්"හි ආරම්භය ලෙසද මෙකී යාල කැලයේ කොටි වැනසූ හමුදා මෙහෙයුම පෙන්වා දිය හැකිය.

    එහෙත් එදා එසේ අපි වෙනුවෙන් පෙනී සිට අපිට අභය දානය දෙන්නට කොටි ත්‍රස්‌තයන් හඹා යමින් ජීවිත පරදුවට තබා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායට නායකත්වය දුන් ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්නගේ සහ ප්‍රබෝදය සිරිවර්ධනගේ ඉරණම අද කෙසේ වී තිබේද?

    මේ මොහොතේ වෙබ් මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තවත් බුද්ධි නිලධාරින් තිදෙනකු සමග වැලිකඩ බන්ධනාගාරයේ බිත්ති අතරට සිරවී අසරණයන් සේ ඒ වීරයෝ දිවි ගෙවන්නාහ.

    ප්‍රගීත් එක්‌නැලිගොඩ පිළිබඳ මෙහිදී අපි කිසිත් කතා නොකරන්නෙමු. ඒ එය මේ වන විට අධිකරණයේ කටයුත්තක්‌ බවට පත්ව ඇති බැවිනි. නමුත් මෙම සිද්ධිය හමුවේ නුදුරේදීම ඇතැමුන්ගේ රෙදි පමණක්‌ නොව රෙද්දට යටින් ඇති ඒවාද ගැලවී යන බවනම් කිව යුතුමය.

    එක්‌නැලිගොඩ ඝාතන චෝදනා යටතේ ශම්මි සහ ප්‍රබෝධය ඇතුළු බුද්ධි නිලධාරින් රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් දිනයේ පටන්ම ඔවුන්ගේ කතාව ඔවුන්ගේ මුවින්ම රටට කියන්නට අපි දැඩි වෙහෙසක්‌ ගත්තෙමු. අවසානයේ උත්සාහය ජයගන්නට අපට හැකි විය. එය සිදු වූයේ විටින් විට ඔවුන් අධිකරණය වෙත රැගෙන එන අවස්‌ථාවන්හිදීය. ඒ පිළිබඳ ඉන් එහා කිසිත් කිව නොහැකිය.

    ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න සහ ප්‍රබෝදය සිරිවර්ධන මුලින්ම යුද හමුදාවට එක්‌ව ඇත්තේa දියතලාව පුහුණු පාසලින් බිහිවූ කැඩෙට්‌ නිලධාරින් දෙදෙනකු ලෙසිනි. දැඩි උත්සාහයකින් පසුව ඔවුන් හමුවූ එක්‌ අවස්‌ථාවක මම මොහොතක්‌ ඒ වීරයන්ගේ මුහුණු දෙස බලා සිටියෙමි.

    ජීවිත ආශාව අතහැර සතුරු අඩවියට රිංගා ගොස්‌ සතුරාට එරෙහිව වචන කළ නොහැකි තරමේ බිහිසුණු බුද්ධි මෙහෙයුම් සිදු කළ ඒ දෙනෙත්වල තිබූ තියුණු බව අද ගිලිහී ගොසිනි. ඒ වෙනුවට ශේෂ වී ඇත්තේ අපේක්‍ෂා භංගත්වයට පත්වූ අසරණකමකි.

    " ඔව් අපි දෙන්නම හමුදාවට ආවේ දියතලාව පුහුණු පාසලෙන්.. ඒ 1990 සහ 92 වර්ෂවලදී. පුහුණුවෙන් පස්‌සේ ශම්මි මුලින්ම රාජකාරි කළේ යුද හමුදා ස්‌වේච්ඡා බළසේනාවේ පුරෝගාමී බළකායේ. මාව දියතලාව බුද්ධි බළකායේ රාජකාරිවලට යොදවලා 1995 බුද්ධි ඒකකයට අනුයුක්‌ත කළා.. ශම්මි බුද්ධි බළකායට ආවේ 1998 දී.."

    මා ඔවුන් දෙස බලා සිටියදී දිගු සුසුමක්‌ හෙළමින් හදවතේ බර සැහැල්ලු කරගත් ප්‍රබෝදය මුලින්ම හඬ අවදි කරන්නට වූයේ එසේය. ඒ සමගම ශම්මිද බිඳුණු හඬකින් මා සමඟ කතා කරන්නට විය.

    "හමුදාවට බැඳුනට පස්‌සේ මම කාලයක්‌ මාදුරුඔය පුහුණු පාසලේ උපදේශක වශයෙන් කටයුතු කළා. 1992 දී පලාලි කෑම්ප් එකේ ගමන් පාලක නිලධාරියා ලෙසත් රාජකාරි කළා. මේ අතරේ තමයි 1998 මාව බුද්ධි බළකායට අනුයුක්‌ත කළේ.. 2002 මිලේනියම් සිටි පාවා දීම නිසා එල්ටිටීඊ එකෙන් ඝාතනය කරපු කර්නල් මුතාලිµa යටතේයි මම මුලින්ම බුද්ධි රාජකාරියට ආවේ.

    "එදා මුලින්ම මට පැවරුණේ කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ එල්ටීටීඊයේ ප්‍රහාරවලින් බේරා ගැනීම සඳහා බුද්ධි තොරතුරු රැස්‌ කිරීමේ රාජකාරිය. පස්‌සේ 1999 දී මාව වැලිඔය බළසේනා මූලස්‌ථානයේ බුද්ධි නිලධාරියා ලෙස පත් කළා.. ඒ දවස්‌වල වැලිඔය කියන්නේ දරුණු විදිහට ගැටුම් තිබුණු පැත්තක්‌..

    "මේ වෙනකොට ජයසිකුරු මෙහෙයුම ආරම්භ වෙලා තිබුණේ.. ඒ මෙහෙයුමේ හිටිය එක කණ්‌ඩායමක්‌ ඉදිරියට ගියේ වැලිඔය කඳවුරේ ඉඳන්.. එල්ටීටීඊ එක තමන්ගේ සටනේ හදවත විදිහටයි වැලිඔය සැලකුවේ.. මේ නිසාම වැලිඔය ගන්න ඔවුන් දරුණු විදිහට ප්‍රහාර එල්ල කළා..

    "කොටින්ගේ "වන්ෙµda බේස්‌" කඳවුරු තිබුණෙත් වැලිඔය. වැලිඔයදී මට පැවරුණු ප්‍රධානම රාජකාරිය වුණේ සතුරාගේ තොරතුරු සෙවීම.. ඒ නිසාම එදා අපි දරුණු ප්‍රහාර මැද්දේ අවස්‌ථා ගණනාවකදීම කොටින්ගේ ඒරියා එකටත් ගියා.. ඒ ගියේ ජීවත් වෙන ආශාව අතහැරලා.. මේ කාලේ තමයි එල්ටීටීඊ එක මිලේනියම් සිටි සිද්ධිය නිසා දිගින් දිගටම හමුදා බුද්ධි නිලධාරින් ඝාතනය කළේ..

    "එදා අපේ ජීවිත බේර ගන්න හැංගිලා ඉන්නත් සිද්ධ වුණා.. මෙහෙම ඉන්න අතරේ 2005 දී මාව 3 වන බුද්ධි බළකායේ දෙවන අණදෙන නිලධාරි තනතුරට පත් කළා.. ඒ මින්නේරිය, මඩකලපුව සහ අම්පාර ප්‍රදේශවල බුද්ධි මෙහෙයුම් යටතේ.. මේ කාලේ තමයි සාම ගිවිසුම ක්‍රියාත්මක වුණේ.. ඒත් එදා උඩින් සාමේ තිබුණට යටින් තිබුණේ යුද්දේ.. ඒ යුද්දේ නිසා බුද්ධි මෙහෙයුම් අපි නතර කළේ නැහැ.. විඳපු දුක්‌ අනන්තයි අප්‍රමාණයි.."

    ඒ ටික පවසා යමක්‌ සිහි වීමෙන්දොa ශම්මි මඳකට නිහඬ විය. මම යළිත් ප්‍රබෝදය දෙස බැලුවෙමි.

    "මුලින්ම බුද්ධි බළකායට එක්‌වුණාට පස්‌සේ 1995 දී රිවිරැස මෙහෙයුම ආරම්භ කරනකොට යාපනය යුද හමුදා 511 බලසේනා මූලස්‌ථානයේ බුද්ධි ඒකකයට මාව දැම්මා.. එතන ඉඳන් බුද්ධි මෙහෙයුම් කරමින් රිවිරැස මෙහෙයුමට එකතු වුණා.. ඒ මෙහෙයුම් අනුව එදා

    වලිකාමම්, තෙන්නමරාච්චි ප්‍රදේශ කොටින්ගෙන් මුදා ගන්න අපිට පුළුවන් වුණා..

    "පසුව ස්‌වාධීන බුද්ධි ඒකකයට එකතු වෙලා 1999 වෙනකම්ම ටෙරාලට ඇටෑක්‌ කරපු මෙහෙයුම් ගණනාවකට සම්බන්ධ වුණා.. පස්‌සේ මාව ත්‍රිකුණාමලය බුද්ධි ප්‍රධානියා ලෙස පත් කළා.. ඊට මාස දෙකකට පස්‌සේ සන්නද්ධ බුද්ධි බලකායේ විධායක අධිකාරි ලෙස රාජකාරි ආරම්භ කළා..

    "ඒ ඉන්න අතරේ 2000 වර්ෂයේදී යාපනය 52 සේනාංකයේ බුද්ධි නිලධාරියා ලෙස රාජකාරියට මාව දැම්මා.. පස්‌සේ 56 සේනාංකයේ බුද්ධි නිලධාරියා ලෙස වව්නියාවට ආවා.. 2002 - 2003 සාම කාලයේදී හිටියේ වව්නියාවේ.. වව්නියාවෙන් පස්‌සේ මඩකලපුව බුද්ධි නිලධාරියා ලෙස රාජකාරි කළා.. 2008 දී ආයෙත් ත්‍රිකුණාමලය බුද්ධි අංශ ප්‍රධානියා වෙලා එහෙට ගියා.. එතන ඉඳන් යුද්ධය ඉවර වෙනකල්ම මම හිටියේ ත්‍රිකුණාමලය බුද්ධි ප්‍රධානියා විදිහට.

    "මේ අතරේ විශේෂ පුහුණුවකට ශම්මි විදේශගත වුණා.. ඒ අවස්‌ථාවේ 3 වන බුද්ධි බළකායේ වැඩබලන අණදෙන නිලධාරියා වුණේ මම..මෙන්න මේ කාල සීමාවේදී තමයි යාල කොටි ප්‍රහාරයත් එක්‌ක "ඔපරේෂන් ඩබල් ඒඡ්" ආරම්භ කෙරුණේ.. ඒ වෙනකොට ශම්මි ආයෙත් ලංකාවට ඇවිත් හිටියේ.."

    ප්‍රබෝදය ද යළි නිහඬව සිටී.. මම මොහොතක්‌ මෙනෙහි කළෙමි. බුද්ධි රාජකාරිය යනු ඉතාම බරපතළ වගකීමකි. එහි වචන දෙකක්‌ නැත. බුද්ධි නිලධාරියකුගේ මුළු ජීවිතයම සමාජයට රහසකි. ඒ රහස්‍යභාවය සුරැකීම ඔහුගේ රාජකාරියේද වගකීමකි. ඒ යථාර්ථය හමුවේ ශම්මිලා හා ප්‍රබෝදයලා වැනි වීරයන් යුද හමුදාවට එක්‌වූ දා පටන් බුද්ධි අංශ නිලධාරින් ලෙස සමාජයෙන් සැඟවී සිට එල්ටීටීඊයේ අප බැට කා ඉකුත් කාලයේ ගෙවන්නට ඇති ජීවිතය කොතෙක්‌ කටුක වන්නට ඇතිද?

    ඔවුන් අපේ ජීවිත සුරක්‍ෂිත කිරීම සඳහා කළ කැප කිරීම් කෙසේ වන්නට ඇතිද? එහෙත් මල් පිදිය යුතු ඔවුනට අද ඒ වෙනුවට ලැබී ඇත්තේ කුමක්‌ද? අත් වී තිබෙන ඉරණම කොතරම් ෙ€දනීයද?

    ඔවුන්ගේ රාජකාරිය පිළිබඳ කතාබහ අතරේම මම ඔවුන්ව පෞද්ගලික ජීවිතය දෙසටද හැරෙව්වෙමි. එහිදී මුලින්ම හඬ අවදි කළේ ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්නය.. ඒ දැසේ මෝදු වෙමින් තිබූ පුංචි කඳුළක්‌ද සමගිනි..

    " අද මම ඉන්නේ හිරේ කියලා මගේ දරුවෝ දෙන්නා දන්නේ නැහැ.. ඔවුන් දන්නේ තාත්තා ඉස්‌පිරිතාලේ කියලා.. මගේ බිරිඳ ගුරුවරියක්‌.. අද දරුවෝ දෙන්නයි බිරිඳයි ජීවත් වෙන්නේ ඒයා ගන්න පඩියෙන්.. මගේ පුතා මෙවර ශිෂ්‍යත්වය සමත් වුණා.. ඒ පණිවිඩේ අරගෙන බිරිඳ මාව බලන්න ඇවිත් හොඳටම හඬා වැටුණා..

    එයාලා අද ජීවත් වෙන්නේ මගේ තාත්තගේ නිවසේ.. සමහරු නම් කියනවා මට තට්‌ටු තුනේ ගෙවල් තියෙනවා කියලා.. ඔවුන් ඒ කතා කොහොම කියනවද කියලා මම දන්නේ නැහැ.. ඒත් මගේ දරුවොයි බිරිඳයි තවමත් ජීවත් වෙන්නේ මගේ තාත්තගේ ගෙදර.. ඒකයි ඇත්ත.. මම වැඩ කළේ මට නෙමෙයි. මේ රටට.. අපි "ඔපරේෂන් ඩබල් ඒඡ්" ආරම්භ කරලා නිදහස අරන් දුන්නේ මේ රටේ මිනිස්‌සුන්ට.. ඒ නිසා නිකරුණේ මගේ දරුවන්ට, බිරිඳට පාරේ බැහැලා යන්න බැරි වෙන විදිහේ කතා කියන්න එපා කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා.."

    ශම්මිගේ දෙනෙතේ මොදු වී තිබූ කඳුළ ඔහුටද නොදැනීම දෙකොපුල් දිගේ ගලා හැලෙන්නට විය. අපට සතුට සහ සාමය ගෙන දෙන්නට වෙහෙසුණු ඒ වීරයාගේ කඳුළු දෙස මට තවත් බලා සිටිය නොහැකිය. එහෙයින් මම යළිත් ප්‍රබෝධය දෙසට හැරුණෙමි. ඔහුගේ කතාවද එසේමය. හදවතට දැනෙන වේදනාව හමුවේ ඒ ඇස්‌ දෙකද දැන් රතුවී ගොසින්ය.

    "මටත් පුංචි දුවෙකුයි පුතෙකුයි ඉන්නවා.. ඒ දෙන්නට කියලා තියෙන්නෙත් තාත්තා අසනීප වෙලා රෝහලේ ඉන්නවා කියලා.. බන්ධනාගාරයට ආවට පස්‌සේ මට දරා ගන්නම බැරි අවස්‌ථාව වුණේ මගේ තාත්තා මාව බලන්න ආපු මොහොත..

    "මගේ තාත්තා කොළඹ ප්‍රසිද්ධ විදුහලක ගුරුවරයෙක්‌.. එදා තාත්තා මාව බලන්න ඇවිත් පැය භාගයක්‌ විතර එක දිගටම මාව බදාගෙන ඇඬුවා.. පස්‌සේ තාත්තට දැක දරා ගන්න බැරුව කලන්තේ හැදුණා..මම මගේ තාත්තා අඬනවා දැක්‌ක පළමුවෙනි දවස ඒක..

    "සීඅයිඩී එකෙන් අත්අඩංගුවට ගත්ත දවසේ ඉඳන් මේ වෙනකම්ම අපි දෙන්නටම තවම දරුවන්ගේ මූණු බලන්න බැරි වුණා.. එහෙම කළේ මේ වේදනාව දරුවන්ගේ මනසට දෙන්න බැරි නිසා.. ඒත් අපිත් තාත්තලා.. අපිත් දරුවන්ට ආදරෙයි.. රටේම දරුවන්ට විතරක්‌ නෙමෙයි හැමෝටම නිදහස දෙන්න ගිහිල්ලා අද අපි අපේ දරුවන්ගේ මුහුණ දැක ගන්න නැතුව විඳවනවා..

    රෑට නින්ද නොයන වාර අනන්තයි.. දරුවෝ මතක්‌ වෙනවා.. ඔවුන් කෑවද, බිව්වද, අසනීපයක්‌ හැදෙයිද කියන වේදනාව මනසට වද දෙනවා.. අපි කරපු හැම දෙයක්‌ම කළේ මේ රටට.. උපන් බිම සතුරාගෙන් බේරගන්න..

    "මගේ බිරිඳත් මේ සිද්ධිය නිසා අද ගෙවන හැම තත්පරයක්‌ම ගෙවා දමන්නේ කඳුළුත් එක්‌ක.. මගේ සහ ශම්මිගේ විතරක්‌ නෙවේ රට වෙනුවෙන් වැඩ කරලා අද බිත්ති හතරකට මැදි වෙලා ඉන්න අපි හැමොගෙම කතාව තියෙන්නේ එතන.. අපි යුද්ධ කළා.. සතුරා අතරේ ඉඳිමින් සතුරාට නොදැනෙන්න පහර දුන්නා.. මේ රටේ මිනිස්‌සුන්ට සාමය සතුට ළඟා කර දුන්නා.. ඒත් අද අපේ ගෙවල්වල මිනිස්‌සු ගිනි උහුලනවා.. තනිකම, පාලුව, වේදනාව දරාගන්න බැරුව හඬා වැටෙනවා.. දැසේ වූ කඳුළු සමගින් ප්‍රබෝදයද කතාව නිමා කළේය.

    මේ මා ඉදිරියේ සිටිනුයේ රටටත් ජනතාවටත් නිදහස දිනා දුන් විරෝදාර රණවිරෝවෝය. එහෙත් දැසට පෙනන සහ හදවතට දැනෙන ඔවුන්ගේ වේදනාව හමුවේ කාලය මැව් වෙනසක අරුමය දෙස බලා සහජීවනය, සමානාත්මතාවය, සම්මුතිවාදය හා අෙන්‍යාන්‍ය අවබෝධය යන සුන්දර වචන ගෙන කබල්ගාමින් ඉතිහාසයේ කුණු කූඩය සිහියට නඟා ගනු හැර මේ මොහොතේ අපට වෙන කරන්නට දෙයක්‌ නම් ඉතුරුව නැත.
    මෙන්න මේවා හින්ද තමයි සිංහලයා එකමුතුවිය යුතු - (උපුටාගැනීම 20-12-2015 දිවයින පුවත්පත)
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එක එකා මේක වෙන අරමුණු වෙනුවෙන් යොදාගන්න බවක් පේනවා.
    සමහරු බිස්නස් එක කරගෙන
    සමහරු මේක "සිංහ ලේ" කියලලා පටලවගෙන පොස්ට් දානවා
    bright future page එක වගෙ කිහිපයකින් මේක දේශපාලනික කරන්න හදනවා
    ඒක හින්දා දාන හැමදේම විශ්වාස කරන්න එපා
    මේක පටන්ගත්තෙ නාමල් බණ්ඩාර

    https://www.facebook.com/namalbandarapg

    එතකොට අරුණ තුෂාර කියන්නේ කවුද මචන් :eek::eek:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සන්නද්ධ බුද්ධි බලකායේ ලුතිනන් කර්නල් ශම්මි සහ
    ලුතිනන් කර්නල් ප්‍රබෝදය දිවයිනට කී කතාව
    ජීවිත අත ඇරලා රට රැක්‌ක අපි දැන් හිරගෙදර

    * හිරගෙදරදී මාව දැකලා හඬාවැටුණු තාත්තට කලන්තේ හැදුණා
    * දරුවෝ හිතන්නේ අපි ඉස්‌පිරිතාලේ ඉන්නේ කියලා මොණරාගල දෙසට ධාවනය වෙමින් තිබූ මගීන් පුරවා ගත් ලංකා ගමනා ගමන මණ්‌ඩලයට අයත් බස්‌ රථයක්‌ බුත්තල - මොණරාගල මාර්ගය ඔස්‌සේ හෙලගම ප්‍රදේශයට ළඟා වෙමින් තිබිණි. දිනය ඉකුත් 2008 වසරේ ජනවාරි මස 16 වැනි බදාදා විය.

    මෙන්න මේවා හින්ද තමයි සිංහලයා එකමුතුවිය යුතු - (උපුටාගැනීම 20-12-2015 දිවයින පුවත්පත)

    අවන්ක්නෙම මචන් ..කියවගෙන යද්දී අමුතුම ගැම්මක් හිතට ආවා
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    එතකොට අරුණ තුෂාර කියන්නේ කවුද මචන් :eek::eek:

    ඕක දාලා තිබ්බේ නෙත් එකේ
    වෙන කොහෙවත් නැහැ ඔහොම එකෙක්
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    10176236_1065789876795864_7058117604027810173_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕකට පක්ෂ නම් ගාව ගන්න එපා, පක්ෂ ගාව ගත්තොත් එදාට වෙන්නේ බොදු බල සේනාවට වෙච්චදේම තමයි. මේකත් ලොවෙත් නැති වෙන්න හේදිලාම යයි.
    පක්ෂ පාට භේදයක් නැතුව හැමෝම එකතු වෙමු.

    :lol: lol bbs ආපු කාලේ ඕකට අපි සපෝට් කලේ බෝක්ක්න්ම තමයි පුක් ඇමබට් එක කොච්චරද කිව්වොත් රැලි බලන්න පවා ගිය. :lol::lol: මගේ පරණ ත්‍රෙඩ් බැලුවනම් ත්රෙයි මුල් කලේ දාපුව. දැන් නම් ඒ හරක් විකුනලා

    ඕව ඔක්කොම මෙහෙයවන්නේ දෙහ්ස්පලනික ආර්ථික උවමනා මත. මෙහෙයවන් උන් සිංහලයාගේ බත් පිගානේ තියන මාළු කෑලි 10න 7 හොරකම් කරනවා එට පස්සේ තම්බියෙක් හරි දෙමළෙක් හරි එක මලු කැල්ලක් ගත්තිත් කියන්නේ අන්න තම්බි දෙමලුයි උබලගේ මලු කලි ඔක්කොම හොරකම් කරනවා කියල. එතින් එකට රැවටෙන් අසරණ සිංහලය හිතන්නේ ඔකොම හොරකම් කලේ තම්බියි දෙමලයි කියල

    එත් සිංහලයට ඉන්න එකම තුර තම්බියවත් දෙමලව්ත් නෙමයි. සිංහල කම විකුණලා එකෙන් බද පුරෝගන්න තමන් සිංහල යයි කියාගන්න උනුත් හතුරෝ කියල මතක තියාගන්නවනම් හොදැයි

    සිංහලේ ගැන බලන් ඉමු. දේශපාලනය ගව ගන්නේ නාහ්ත්ම් සපෝට් කරමු
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අරුණ තුෂාර කියන්නේ අරුණ 47 නේද

    :no::no:

    එක එකා මේක වෙන අරමුණු වෙනුවෙන් යොදාගන්න බවක් පේනවා.
    සමහරු බිස්නස් එක කරගෙන
    සමහරු මේක "සිංහ ලේ" කියලලා පටලවගෙන පොස්ට් දානවා
    bright future page එක වගෙ කිහිපයකින් මේක දේශපාලනික කරන්න හදනවා
    ඒක හින්දා දාන හැමදේම විශ්වාස කරන්න එපා
    මේක පටන්ගත්තෙ නාමල් බණ්ඩාර

    https://www.facebook.com/namalbandarapg
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පුළුවන් නම් ඕකත් මහින්දටයි බොදුබල සේනාවටයි පුට්ටු කරලා විනාස කරගනිල්ල.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    :lol: lol bbs ආපු කාලේ ඕකට අපි සපෝට් කලේ බෝක්ක්න්ම තමයි පුක් ඇමබට් එක කොච්චරද කිව්වොත් රැලි බලන්න පවා ගිය. :lol::lol: මගේ පරණ ත්‍රෙඩ් බැලුවනම් ත්රෙයි මුල් කලේ දාපුව. දැන් නම් ඒ හරක් විකුනලා

    ඕව ඔක්කොම මෙහෙයවන්නේ දෙහ්ස්පලනික ආර්ථික උවමනා මත. මෙහෙයවන් උන් සිංහලයාගේ බත් පිගානේ තියන මාළු කෑලි 10න 7 හොරකම් කරනවා එට පස්සේ තම්බියෙක් හරි දෙමළෙක් හරි එක මලු කැල්ලක් ගත්තිත් කියන්නේ අන්න තම්බි දෙමලුයි උබලගේ මලු කලි ඔක්කොම හොරකම් කරනවා කියල. එතින් එකට රැවටෙන් අසරණ සිංහලය හිතන්නේ ඔකොම හොරකම් කලේ තම්බියි දෙමලයි කියල

    එත් සිංහලයට ඉන්න එකම තුර තම්බියවත් දෙමලව්ත් නෙමයි. සිංහල කම විකුණලා එකෙන් බද පුරෝගන්න තමන් සිංහල යයි කියාගන්න උනුත් හතුරෝ කියල මතක තියාගන්නවනම් හොදැයි

    සිංහලේ ගැන බලන් ඉමු. දේශපාලනය ගව ගන්නේ නාහ්ත්ම් සපෝට් කරමු

    මමත් මචන්. අතින් කයිට් කරගෙන හාෆ් ඩේ දාලා ගිහින් තියෙනවා. විවේකයක් තියෙන හැම වෙලේම ඩේටා කපාගෙන bbs රැලි වල වීඩියෝස් බැලුවා. සමහර රැලි ඔන්ලයින් බැලුවා. අන්න එහෙම කැහිල්ලක් තිබ්බ එවුන් පිරිසක් මහින්දට කොන්දේසි විරහිතව සහය දෙනවා කියලා bbs නැති කරගත්තා. නැතිකරගත්තු පිරිසේ තරම දෙසැම්බර් වල හයිඩ් පාර්ක් එකේ තියපු රැලියෙන්ම පෙනුනා.

    ජනාධිපතිවරනෙදි bbs අනුගමනය කරපු ප්‍රතිපත්තිය අවබෝධ කරගත්තු එකෙක්ට මොන රැල්ල ආවත් ඇස් අන්ධ කරන්න ලේසි වෙන්නේ නැහැ බන්.
    සිංහලේට අපි බොක්කෙන් ඉන්නවා. දේශපාලන වාසි ගන්න ගිය දාට ස්ටිකර් නොගලවා ඔළුවෙන්ම පිළිතුරු දෙමු ;)
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සමහර මෝඩයො මහින්ද එක්ක තරහට මේ " සිංහලේ " කියන එක මහින්දලගෙ එකක් කියල කොමෙන්ට් දානව ,,ඒක මහින්දලගෙ එකක් නෙවෙ,,,තමන්ගෙ එදිරිවාදියො ගාවල මේක කන්න එපා,,,උඩ බලාගෙන තමන්ගෙ ජාතියට කෙල ගහ ගන්න එපා..මුන්ට අඩුගානෙ තමන් සිංහල කියල ස්ටිකර් එකක් ගහ ගන්න අවුරුදු ගානක් ගියා,,ඔය ගැම්ම ඔහොම්ම යමු,,,මේක මහින්දලට විමල්ලට බොදු බලේ කුලියට දෙන්න එපා,,මේක නිදාගෙන උන්න ජාතිය පිබිදවීමක් මිස දේශපාලනයක් එපා
     
    • Like
    Reactions: Chathuranga1

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සමහර මෝඩයො මහින්ද එක්ක තරහට මේ " සිංහලේ " කියන එක මහින්දලගෙ එකක් කියල කොමෙන්ට් දානව ,,ඒක මහින්දලගෙ එකක් නෙවෙ,,,තමන්ගෙ එදිරිවාදියො ගාවල මේක කන්න එපා,,,උඩ බලාගෙන තමන්ගෙ ජාතියට කෙල ගහ ගන්න එපා..මුන්ට අඩුගානෙ තමන් සිංහල කියල ස්ටිකර් එකක් ගහ ගන්න අවුරුදු ගානක් ගියා,,ඔය ගැම්ම ඔහොම්ම යමු,,,මේක මහින්දලට විමල්ලට බොදු බලේ කුලියට දෙන්න එපා,,මේක නිදාගෙන උන්න ජාතිය පිබිදවීමක් මිස දේශපාලනයක් එපා

    අනිවා :yes::yes::yes::yes: