සිංහල අම්මලාගේ International දරුවෝ….!

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සිංහල අම්මලාගේ International දරුවෝ….!

    සිංහල අම්මලාගේ International දරුවෝ….!

    ඊයේ පොඩි ගමනක් ගිහිං ‍, ටිකක් හවස් වෙලා මං ගෙදර යමින් ගමන්. ලාවට වගේ වැස්ස නිසාත් තව මගේ අතේ පොඩි බඩු වගයක් තිබුන නිසාත් නිදහසේ වාඩි වෙලා යන්න කියලා හිතාගෙන නැග්ගා පානදුර – කළුතර බස් එකකට. දන්නෝ දනිත් එව්වයේ වේගය… පැයට මීටර් වලින් තමා ගමන.

    ඉතිං ඔහොම ටික වෙලාවක් බස් එකේ යද්දී තල්පිටිය හරියෙන් නැග්ගා රේන් කෝට් දාගෙන වැස්සේ තෙමුනු පොඩි කෙලි පැට්ටෙක්. මූනෙ පුංචි පුංචි වතුර බිංදු පිරිලා. බස් එකේ ලයිට් වල එලියට ගෝල්ඩ් ඩස්ට් ගාලා වගේ දිලිසෙනවා. පස්සේ ඉතිං කොහොමහරි අම්මයි දූයි ඇවිල්ලා වාඩි වුනේ මට පිටිපස්සේ සීට් එකේ. මෙන්න ටික වෙලාවකින් කෙල්ල පටං ගත්තා එයාගේ ඉංග්‍රිසි පන්තිය…

    මුලින්ම ඒයි, බීයි, සී, ඩී, ඊඊ, එෆ්. ජී වලින් පටන් අරගෙන එක අකුරක් වත් වරද්දන්නේ නැතුව ඉසෙඩ් අකුරු වෙනකම්ම කිව්වා… ඒකත් නිකං අර වයසක උන්දලාගේ දත් තියෙනවා වගේ ඕනෙවට එපාවට නෙමේ මාර ලස්සනට තාලෙට. කාට උනත් අහං ඉන්න හිතෙන ලස්සනට. එහෙම දෙතුන් පාරක් එකම සිංදුව දෙතුන් පාරක් කියලා ඉවර වෙලා අයෙ පටන් ගත්තා වෙන එකක්…

    සන්ඩේ….. මොන්ඩේ…. ටූස් සේ…. වෙන්ස් ඩේ…. කියලා සතියේ දවස් හතම සිංදුවක් වගේ තාලෙට කියාගෙන යනවා. මට අනිත් පැත්ත හැරිලා කට දිහා බලාගෙන ඉන්න තිබ්බනම් ඒ තරම් අගෙයි…. පස්සේ ඉතිං මගක් හරියෙන් කෙලි පොඩ්ඩ බැහැලා ගියා. පස්සේ තමා මගේ ටියුබ් ලයිට් එකේ ඉට්ටාටරේ ගැහි ගැහී තිබිලා එක පාරට පත්තු වුනේ. අනේ හැබෑට අපේ පොඩි එකෙකුට කිව්වොත් සිංහල භාෂාවේ අකුරු ටික පිළිවෙලට කියන්න කියලා…. කීදෙනෙක් කියයි කියලද හිතන්නේ….???

    මං කියන්නේ එක පොඩි එකෙක්වත් සිංහල හෝඩිය නෙමේ සිංහල භාෂාවේ අකුරු කීයක් තියෙනවද කියලවත් දන්නේ නෑ. ඒ තියා සිංහල මාස ක්‍රමයට අනුව දුරුතු, නවම්, මැදින්, බක්, වෙසක් වත් දන්නේ නෑ….
    මොකද අපේ අම්මලා තාත්තලාට ලොකු වෙලා තියෙන්නේ අපේ භාෂාව නෙමේනේ… සුද්දන්ගේ ලොකු එක. අනේ ඉතිං ස්කෝලේ ඇරිච්ච ගමන් ‍පොඩි එව්වෝ දුවනවා ඉංග්‍රිසි පන්ති. ඇත්තටම අපේ රටේ අයට අනිත් දේවල් ගැන කෙසේ වෙතත් අපේ භාෂාව ගැනවත් කිසිම කැක්කුමක් නෑ. කොයි තරම් කියෙවුවත් මගේ අම්මටයි තාත්තටයි වුනත් ඕනේ කලේ මට ඉංග්‍රිසි උගන්නන්න. අපි කතා කරන සිංහල භාෂාව බල්ලට දාලා ඉංග්‍රිසි පන්ති නම් කීයකට මංම විතරක් ගියාද…. නිකං විහිළුවටවත් පුතේ උඹව අපි සිංහල පන්තියකට දාන්න කියලා තීරනය කලා කියලා, කියලා තියේද මේ වෙනකං. නෑ…. කවදාවත් එහෙම කියලා නෑ… මොකද අපි ඉතිං සිංහල කතා කරන්න හොඳට දන්නවනේ… අම්මගෙන් පටන් අරගෙන තාත්තගෙ පස්ස පැත්තෙන් ඉවර කරන තරමට අපි දැනුවත් වෙන්නේ ස්කෝලේ හය හත විතර වෙද්දිනේ. එහෙව් එකේ අපිට මොන සිංහලද… කොටින්ම අපේ දෙමවුපියෝ දකින විදියට අපි හෙන සිංහල පොරවල්… ඒ වුනාට තව දුරටත් ඉගෙන ගන්නේ ඉංග්‍රිසි…. ඉංග්‍රිසි භාෂාව පහත් කරනවා නෙමෙයි මේ… ඒත් ඉංග්‍රිසි ඉගෙන ගන්න කලින් අපේ රටේ භාෂාව ඉගෙන ගෙන හිටියොත් නරකද කියලා මටත් හිතුනේ මේ පොඩි එකාගේ සීන් එකෙන් පස්සේ.

    අපේ අම්මලාට කලින් හිටිය දෙමව්පියෝ වගේම ඊට පස්සේ අම්මලා තාත්තලා වෙච්ච අයටත් තියෙන්නේ තමන්ගේ දරුවන්ට ඉංග්‍රිසි උගන්වන මානසිකත්වය. ඒකෙ වැරැද්දක් නෑ…. ඒත් තමන්ගේ පොඩි එවුන්ව ඉංග්‍රිසි උගන්නලා පොෂ් කරනවා වගේම, සිංහලත් ලෙසට උගන්නලා ටැලන්ට්‍ඩ් කරොත් නරකද කියන ප්‍රශ්නේ ම‍ගේ මේ මොහොතේ කැකෑරෙනවා. මොකද ටැලන්ටඩ් කියන්නේ ඉතිං සාමාන්‍යයෙන් යම් අමාරු දෙයක් කෙරෙහි හෝ සාමාන්‍ය දෙයක් කෙරෙහි හෝ අන් අයට වඩා යම් තරමකින් ඉහල දැනුමක් ඇතුව වැජඹෙනවා කියන තේරුම වගේනේ. ඉතිං ඉංග්‍රීසි වලට වඩා සාරවත්, අමාරු, පොෂ් විදියට කියනවනම් ඇඩ්වාන්ස් ලැන්ග්වේජ් එක තව චුට්ටක් වැඩියෙන් ඉගැන්නුවොත් නරකද මන්දා… ඔය ජපානේ, චීනේ, කොරියාවේ එහෙම දැන් කොම්පූටර් වල වැඩ කරන්නෙත් ඒ අයගේ භාෂාවෙන්ම කියනවනේ… අනේ මන්දා ඉතිං අපේ හැදෙන එවුන්ට භාෂාවේ තියෙන අකුරු ගානවත් නොදැන ඉංග්‍රීයේ තියෙන අකුරු විසිහය එහෙට මෙහෙට ක‍රකව කරකව කියන වචන එක්ක සිංහල කියන භාෂාව තව කොයි කාලයක් පවතියිද කියන එක.

    දැන් ඉතිං සමහරු නම් මට බැන ගෙන බැන ගෙන යයි, මූට මොලේ නරක් වෙලා කියලා. අනේ කමක් නෑ… එහෙම හරි කාගෙ හරි මොලේකට මේ ටික කියවල රිදුනනම් ඒකත් ලොකු දෙයක් මටනම්… මොකද මේක ලියලා තියෙන්නෙත් සිංහලෙන්නේ… අනික මං නම් දන්නවා නූතන භාවිතයේ පවතින සිංහල හෝඩියේ තියෙන අකුරු ගානවත්….! ඒක දන්නෙ නැති කී දෙනෙක් මේ සිංහල බ්ලොග් කියවනවා ඇතිද නේද…?

    අනිත් එක ඉතිං, පොඩි අයට අකුරු කියවද්දි විතරක් මොකටද සිංහල හෝඩිය කියවන්නේ ඒකටත් ඉංග්‍රිසි පොතක්ම ගත්තනම් ඉවරයිනේ…!

    උපුටා ගැනිම-
    >http://prasanna86k.wordpress.com

    .......................................

     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    reputation_neg.gif
    සිංහල අම්මලාගේ... 01-17-2012 11:11 PM -10 අනේ නිකං පල වේස කැරියො යන්න.


    හයියෝ හයියෝ, මට දුක තමුන් මට - රෙප් දුන්න එකට නෙමෙයි අවංකවම,මට මේකට හිනාවකුත් එක්ක ලොකු දුකක් ආවා තමුන් වගේ අය මේ ලංකාවේ ඉන්න එක ගැන,තමුන් ඉන්න ඔනේ අංගෝඩෙනුත් එහා තැනක,මේ ලිපිය ලියපු එක්කෙනාගෙවත්,මගෙවත් ඉංග්‍රිසි ඉගෙන නොගතයුතුයි කියල මතයක් නැ,අනිවාරයෙන් ඉංග්‍රිසි භාශාව ඉතා හොඳින් ඉගෙනගත යුතුයි,එ සමගම තමුන්ගේ මවු භාශාවත් ඉගෙනගත යුතුයි,එයයි විය යුත්තෙ
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම නම කියන්නෙ ඉංග්‍රීසිත් හොඳට ඉගෙන ගන්න..සිංහලත් හොඳට ඉගෙන ගන්න.. වැඩ පෙන්නන්න වත් කාටවත් ලැජ්ජ කරන්න වත් නෙමෙයි ඉංග්‍රීසි පාවිච්චි කරන්න ඕන සිංහල බැරි, ඉංග්‍රීසි පුළුවන් මිනිහෙක් එක්ක කතා බහ කරන්න,දැනුම හුවමාරු කරගන්න, පොතක් පතක් කියවගන්න. ඕවගේ දේවල් වලටයි භාෂාවක් ඉගෙන ගන්න ඕන.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම නම කියන්නෙ ඉංග්‍රීසිත් හොඳට ඉගෙන ගන්න..සිංහලත් හොඳට ඉගෙන ගන්න.. වැඩ පෙන්නන්න වත් කාටවත් ලැජ්ජ කරන්න වත් නෙමෙයි ඉංග්‍රීසි පාවිච්චි කරන්න ඕන සිංහල බැරි, ඉංග්‍රීසි පුළුවන් මිනිහෙක් එක්ක කතා බහ කරන්න,දැනුම හුවමාරු කරගන්න, පොතක් පතක් කියවගන්න. ඕවගේ දේවල් වලටයි භාෂාවක් ඉගෙන ගන්න ඕන.

    :yes::yes:

    මගේ අදහසත් ඔකම තමා,නමුත් අද වැඩි දෙනා සිංහල ඉගෙනගන්න පාටක් පෙන්නෙ නැ,මම අදහස් කරන්නෙ නිසි අධ්‍යනයක යෙදෙන්නෙ බොහෝ දෙනා යොමුවෙන්නෙ නැ
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :yes::yes:

    මගේ අදහසත් ඔකම තමා,නමුත් අද වැඩි දෙනා සිංහල ඉගෙනගන්න පාටක් පෙන්නෙ නැ,මම අදහස් කරන්නෙ නිසි අධ්‍යනයක යෙදෙන්නෙ බොහෝ දෙනා යොමුවෙන්නෙ නැ

    ඒක නම් ඇත්ත, දන්න සිංහලත් කට්ටිය posh වෙන්න ගිහිං වෙනස් කරල ඒකත් විනාස කරනව :dull:
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මම නම කියන්නෙ ඉංග්‍රීසිත් හොඳට ඉගෙන ගන්න..සිංහලත් හොඳට ඉගෙන ගන්න.. වැඩ පෙන්නන්න වත් කාටවත් ලැජ්ජ කරන්න වත් නෙමෙයි ඉංග්‍රීසි පාවිච්චි කරන්න ඕන සිංහල බැරි, ඉංග්‍රීසි පුළුවන් මිනිහෙක් එක්ක කතා බහ කරන්න,දැනුම හුවමාරු කරගන්න, පොතක් පතක් කියවගන්න. ඕවගේ දේවල් වලටයි භාෂාවක් ඉගෙන ගන්න ඕන.

    mamath kamathima sinhala katha karanna....aa mata english bari nisa nami.....
    mama sinhala minihek nisa....api ape ananyathawayath tikak hari theya ganna oone... natham apith jaathiyak janmayak nathi anathayo wage wenawa....:cool: